• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබව හසුරුවන ඇසට නොපෙනෙන බලවතා

December 12, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඔබව හසුරුවන ඇසට නොපෙනෙන බලවතා
Share on WhatsAppShare on Facebook

කෙනකු උපන් මොහොත අනුව ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් පාලනය කරන ග්‍රහයකු හඳුනා ගන්නට ජ්‍යොතිෂයට හැකියාව ඇත. එම ග්‍රහයා අපගේ ආත්මකාරක ග්‍රහයා ලෙසද හඳුන්වා දෙයි. ඒ අනුව ඔබ උපන් ලග්නයට අනුව ඔබව පාලනය කරන එම ග්‍රහයා ඔබගේ උත්පත්තියේ සිට මරණය දක්වාම ඔබගේ ජීවිතය පාලනය කරයි. ඒ අනුව පිළිවෙළින් මේෂ ලග්නයේ සිට ඒ ඒ ලග්න හිමියන්ගේ ආත්ම කාරක ග්‍රහයන් කවරේදැයි යන්නත් එම ග්‍රහයින් ලබාදෙන පල මොනවාද යන්නත් සලකා බලමු.

මේෂ ලග්නයෙන් උපන් අයකුට ලග්නාධිපති හෙවත් ආත්ම කාරක ග්‍රහයා කුජය. මෙම ග්‍රහයා උපතේදී බලවත්ව සිටි අයගේ කුජ ලග්න භාවයේම සිටී නම් මහත, තරබාරු දේහ ලක්ෂණයකට හිමිකම් කියන අතර නිර්භීත, සටන්කාමී, එඩිතර අයෙක්ද වෙයි. කාටත් යටත් නොවී උත්සාහයෙන් ජීවිතය දිනයි.

වෘෂභ ලග්න හිමියාගේ ලග්නාධිපති හෙවත් ආත්ම කාරක ග්‍රහයා සිකුරුය. මේ අයගේ ලග්න භාවයේම සිකුරු සිටියහොත් කලාව ප්‍රිය කරන අයෙක් වෙයි. මනා රූප සොබාවකින් හෙබි කලාව ප්‍රිය කරන ඇත්ත කතා කරන අනුකම්පාව ඇති අයෙකි. කාටවත් කරදරයක් නොමැතිව ජීවත් වන්නට ශක්තිය ලැබේ.

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ ග්‍රහයාය. ඔවුන්ගේ ලග්න භාවයේම බුධ බලවත් නම් බුද්ධිය නිසා දියුණුව ලබන්නට වාසනාව ඇති අයකු වෙයි. බුධ බලවත්ව ඇත්නම් උසට ගැළපෙන මනා සිරුරක් ලබයි. බුධ ලග්නගතව සිටින විට ගුරු, සඳු, සිකුරු කේන්දරයේ බලවත්ව ඇත්නම් ඔහු උගන්වමින් ඉහළම තැනට යයි.

සඳු ලග්නාධිපති වන කටක ලග්න හිමියන්ගේ ලග්නගතව ගුරු සහ සඳු සිටී නම් එයින් කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ ඇති අනෙකුත් අනිටු දොස් දුරුකර සුබපල ගෙනදෙනු ඇත. මෙමඟින් කටක ලග්න හිමියන්ට පඬිවරයකු වීමට වාසනාව උදාකර දෙන බවද පැවසේ.
සිංහ ලග්නයේ ලග්නාධිපති රවිය. රවි බලවත්ව උපතේදී ලග්න රාශියේම පිහිටන අතර ගුරු, සිකුරු, බුධ, කුජ යන ග්‍රහයන් උපතේදී බලවත්ව ඇත්ද එම ජන්මියා ලොව පුදුම කරවන විශ්මිත වැඩ කරන කාගෙවත් අදහස් ගණන් නොගන්නා, සටන්කාමී බලයක් හිමි තම උත්සාහය මත දියුණුව ලබන අයකු වෙයි.

කන්‍යා ලග්නයේ උපන් අයගේ ලග්නාධිපති බුධය. බුධ බලවත්ව උපතේදී ලග්න ගතව හෝ බුධ, මිථුන රාශියේ හෝ පිහිටයි නම් ඔහු ලේඛන කලාව, ගණිතය මෙන්ම නිර්මාණාත්මක අංශයන්ගේ නිපුණයකු වෙයි. එයින් දියුණුව ලබා උසස් තැනකට පත්වෙයි.

තුලා ලග්නයේ ඉපදී ඇති අයගේ ලග්නාධිපතියා වන සිකුරු ලග්නගතව සඳු සමඟ සිටී නම් විනෝදයට නැඹුරුවක් ඇති සැහැල්ලු ජීවිතයක් ගත කරන අයෙකි. කලාවට ළැදි කලාවෙන්ම ජීවිතය දිනන කෙනකු වෙයි. මේ අයගේ සිකුරු බලවත් වීම තුළ සුරූපී, කඩවසම් අය විවාහයට හිමිවේ. ඉන් අසීමිත සතුටක් ලැබේ.

වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති අඟහරු හෙවත් කුජය. කුජ ලග්නගතව බලවත්ව සිටී නම් හෙතෙම උපන් පළාතට නායකයකු වෙයි. එසේම ඉන්ජිනේරු, කාර්මික, විද්‍යා අංශ, නීති අංශ ආදියෙන් ඉහළට ගොස් අසීමිත දියුණුවක්ද ලබයි.

ධනු ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හෙවත් ආත්ම කාරක ග්‍රහයා ගුරුය. ගුරු ලග්නගත වෙමින් බුධ සමග සංයෝග වේද ඔහු හෝ ඇය දැනුමින් උසස් අයකු වෙයි. මේ අය නීතියට වැඩ කරන සටන්කාමීය.

සෙනසුරු ලග්නාධිපති වන මකර ලග්න අයගේ ලග්නභාවයේ හෝ දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා බලවත්ව සිටී නම් ජන දුක හඳුනන අයකු වෙයි. කිසිවකුට කරදරයක් වන්නට කැමැති නැත. මේ අය අධික දුක් විඳ තම දියුණුව තමා විසින්ම උදාකර ගනී. කෙසේ හෝ සිය අරමුණට යනතුරුම මේ අය උත්සාහය අත නොහරී. කොතරම් දුක් වින්දද එය දුකක් ලෙස නොසිතීම මේ අයගේ විශේෂත්වයකි.

කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේත් සෙනසුරුය. සෙනසුරු සමඟ බුධ, ගුරු බුධ, කුජ වැනි ග්‍රහයන් යෝග වී ඇත්නම් ඔවුන් බලවත්ව පිහිටයි නම් මේ අය ජීවිත කාලය පුරාම අනුකම්පාව දයාව ඇතිව කටයුතු කරන්නන් ලෙස ප්‍රකට වේ. කැපවීමෙන් වැඩ කරන උත්සාහය අත නොහරින අයකු වෙයි.

මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු ග්‍රහයාය. ගුරු මීන රාශියේ සිටින වෙලාවක සිකුරු එම රාශියේ උච්ච බලයෙන් සිටී නම් සුරූපී, කලාවට ප්‍රිය ඇත්තෙකි. අනුකම්පාසහගත සිතක් ඇත. අන් අයට උදව් කරන්නට පසුබට නොවේ.

මේ අනුව යම් ලෙසකට ලග්නාධිපතිට සහයෝගය දක්වන 1, 5, 9 ත්‍රිකෝණ අධිපතියන් 1, 4, 10 අධිපති ග්‍රහයන්ද උපතේ බලවත්ව ඇත්නම් ලැබෙන ප්‍රතිඵල දෙගුණ, තෙගුණ වීමට හේතු යෙදෙන බවත් පැවසෙනවා.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

නැට්ටුවෙක් වෙලා කඩුල්ල පැන්න ජුන්ඩයියා

Next Post

ඔබාමාගේ පොත-ජොන්සන්ගේ මල සහ රාජපක්ෂලාගේ පොහොට්ටුව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.