• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නැට්ටුවෙක් වෙලා කඩුල්ල පැන්න ජුන්ඩයියා

December 12, 2020
in Heart
Reading Time: 3 mins read
A A
නැට්ටුවෙක් වෙලා කඩුල්ල පැන්න ජුන්ඩයියා
Share on WhatsAppShare on Facebook

ජෝ අබේවික්‍රම මගේ පරමාදර්ශී චරිතය

අද කලාකරුවන්ට තියෙන තැන අල්පයි

දශක කිහිපයක්ම අතීතයට එක්ව ගිය එතරමට ඈත නොවූ ටෙලිනාට්‍ය කලාව වෙත ටිකකට දුවලා එමුද?ඇත්තෙන්ම එය ආලින්දයෙහි සිනමාවේ ඉතාම සොඳුරුතම කාල වකවානුවක් විය. දවස පුරාවටම එක ටෙලි කතාවක් පමණක්ම විකාශනය වූ ඒ අලංකාර කාලසීමාවේ, ඊළඟ සතිය පැමිණෙනතුරු ඒ ඒ කතා මාලාවන් වෙනුවෙන් ප්‍රේක්ෂක පිරිස ඇඟිලි ගැන්නාහ. අගය වටිනාකම නොසෑහෙන්න පිළිබිඹු වූ අතලොස්සක් එකී ටෙලිනාට්‍යය අතර ‘කඩුල්ල’ කතා පුවත කිසිවකුට අමතක යැයි සිතීම අරුමයකි. තිලක් ජයරත්නගේ සූර තිර රචනය හරහා ධර්මසේන පතිරාජ ඉදිකළ ‘කඩුල්ලෙහි’ සුවිශේෂී චරිත අතර එක් චරිතයක් වූයේ ‘ජුන්ඩයියා’ය. නමෙහි අරුත මඳක් උපහාසශීලී වුවද ‘ජුන්ඩයියාගේ’ චරිතය ඉතා සංකීර්ණ විය. ඒ සංකීර්ණත්වයට මැදිව පතිරාජයන්ගේ මනදොළ සපුරාලමින් ‘ජුන්ඩයියාව’ හරි ලකේට රඟපෑවේ ලක්ෂ්මන් මෙන්ඩිස්ය. ගාම්භීර රංගන ශෛලියක් තුළ ඔහු රඟපෑ තවත් චරිත බොහෝමයක්ම විය. නළුකමට අමතරව වෘත්තීය වශයෙන් සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම්වරයා ලෙස සේවය කරන ලක්ෂ්මන් මෙන්ඩිස් ‘මව්රට’ පුවත් පතෙහි ‘හදවත’ ස්පර්ශ කළ අභිමානවත් නිමේෂයයි මේ ගෙවී යන්නේ.
ඉතින් කොහොමද ඔබේ තොරතුරු මේ දවස්වල?
වරදක් නැහැ. රංගනය, රැකියාව සහ මගේ පවුල යන විෂය තුළ මම බොහොම සතුටින් දවස ගෙවනවා.ඒ අතරම මගේ ව්‍යාපාර කටයුතු තුළද මම යම් අවස්ථාවන්වල කාර්යබහුලව සිටිනවා.
රැකියාව, ව්‍යාපාරය සහ රංගනය යන සියල්ල කළමනාකරණය කර ගැනීමේදී අපහසුතා දැනෙන්නේ නැතිද?
මට හරිම අපූරු බිරිඳක් ලැබිලා තියෙනවා. ඉහත කී සියල්ල තුළ මම කාලය අභියෝගයක් කර නොගන්නේ ඇගේ ශූර බුද්ධිය නිසයි. මටත්, මගේ දරුවන් දෙදෙනාටත් ඇගේ අත්වැල ශක්තිමත් පිටිවහලක් කිව්වොත් නිවැරැදියි.
අහන්නත් සතුටුයි. බොහෝ විට කලාකරුවන් තම ‘පවුල’ ගැන කතා කරන අවස්ථා අඩුයි?
‘පවුල’ කියන්නේ බොහොම සොඳුරු විෂයක්. සෑම පුද්ගලයෙක්ම කවදාක හෝ තම තමන්ගේ ගිමන්හල කරගන්නේ ‘පවුල’ යන වාසස්ථානයයි. ඒ නිසා එතැන කිසි විටෙක අවුල්කර නොගත යුතුයි.
හොඳයි. අපි යමු ඔබේ රංගන ඉසව්වට. මේ දවස්වල නැට්ටුවකුට අඳිනවා කියල ආරංචි වුණා?
ආරංචිය හරිහටම හරි. පාරම්පරික උඩරට නැට්ටුවකු ලෙස මේ දවස්වල ‘පානාමංකඩ’ වෙනුවෙන් රනිල් කුලසිංහ මා මෙහෙයවනවා. ඒ එක්කම ශාන්ති දිසානායකගේ උසස් කෘතියක් වූ ‘මහපොළව’ ඇසුරෙන් තැනෙන ටෙලිනාට්‍යයකට ප්‍රධානම චරිතයක් සඳහා සුමිත් රත්නායකගේ අධ්‍යක්ෂණය තුළ මම රංගන හැකියාව දායක කරනවා. සුමිත් සහ රනිල් කියන්නේ අතිදක්ෂ රංගවේදීන් ලෙස පැමිණි තරුණ නිර්මාණකරුවන් දෙන්නෙක්. රංගනය සමඟ ඔවුන් උසස් ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණයට යොමුවීම ටෙලි කලාවේ හෙට දවසට යහපතක් වන බව නිසැකයි.
‘පානාමංකඩ’දී නැටුමට පය තියන්න ඔබට ටිකක් විතර අපහසු වුණාලු?
ඔව් ඉතින් මම දැනගෙන හිටියේ ගායනය සහ බෙර වැයීම පමණයි. නටන්නට මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි රනිල් කුලසිංහගේ මෙහෙයවීම මත නැටුම් ගුරුවරයාගේ චරිතයට ප්‍රවිෂ්ට වීම මහලොකු අමාරු වැඩක් වුණෙත් නැහැ. ඒ වගේම ‘පානාමංකඩ නාට්‍යයට මම සම්බන්ධ වුණේ හරිම සතුටින්. එයට එක් හේතුවක් වුණේ සමන් ලෙනින් වැනි ප්‍රවීණ ගායන ශිල්පියකු එයට රංගනයෙන්ද පළමුවරට දායක වූ නිසයි.
ඉතා උසස් ගණයේ චරිත නොකඩවාම ඔබ වෙත පැමිණියේ කඩුල්ලෙහි ‘ජුන්ඩයියා’ නිසාද?
මම හිතන්නේ ඒ අනුමානය හරි. ‘කඩුල්ල’ නිසා මට හිමිවුණේ කිසිම දවසක බිඳනොවැටෙන සාර්ථක ප්‍රතිරූපයක්.
ඔබ ප්‍රවීණ නිර්මාණකරු ධර්මසේන පතිරාජයන්ගේ ඇසට නිතර හසුවූ කෙනෙක්?
ඔව්. මම ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණ 10ක, 15ක පමණ රඟපෑවා. කඩුල්ල කියන්නේ එහි සුවිශේෂී කඩඉමක්. ‘ජුන්ඩයියා’ගේ චරිතය අවුරුදු 28 තරුණයකුගේ සිට වයස 70ක වැඩිහිටියකු දක්වා ගෙනයෑමට තිලක් ජයරත්නගේ ශූර තිරරචනය වාගේම පතිරාජගේ දක්ෂ මෙහෙයවීමත් සම සමව බලපෑවා.
පතිරාජ තැනූ ඔබ රංගනයෙන් දායක වූ ‘කුකුළු සයිමන්’ගේ චරිතය කරළියට නොපැමිණියේ ඇයි?
ඔබ ඔය මුලපිරුවේ හරිම කනගාටුදායක කතා පුවතකටයි. ‘කුකුළු සයිමන්’ගේ චරිතය රඟපෑමෙන් මා ලැබූ ආශ්වාදය අසීමිතයි. පතිරාජ ‘කුකුළු සයිමන්ව’ තැනුවේ ‘පැණි සහ අළු’ ටෙලි නාටයකයටයි. එය කුකුළුවන් කෙටවීමේ කලාව පාදක කොටගත් ඉතාම උසස් නිර්මාණයක්. පතිරාජ එය නිර්මාණය කළේ ස්වර්ණවාහිනිය වෙනුවෙනුයි. ඒ වගේම එය පතීගේ අවසන් නිර්මාණයයි. ‘ඇසූ ගී මිහිරිය. නොඇසූ ගී ඉමිහිරිය’ යන කියමනට අනුව ප්‍රේක්ෂකයනට ඇස් දෙකෙන් බලන්නට බැරිවූ ‘පැණි සහ අළු’ ගැනත් කුකුළු සයිමන්ගේ චරිතය ගැනත් මා තුළ වන කනගාටුව ඉතාම අසීමිතයි.
>සිදුවූයේ කුමක්ද? ටෙලිය අවසන් කිරීමට බැරිව ගියාද?
නැහැ. එය අවසන් කළා. නමුත් ස්වර්ණවාහිනි සේවය එය පෙන්වූයේ නැහැ. ‘පැණි සහ අළු’ නාට්‍යයට මොනවා වුණාද? එය තවමත් ස්වර්ණවාහිනියෙහි තිබෙනවාද? එතරම් කදිම නිර්මාණයක් ඔවුන් විසින් සැඟවුවාද? එයට හේතුව කුමක්ද? කියා දන්නේ ඒ අයම පමණයි.
ඔබ කියන්නේ එතැන යම් අකටයුත්තක් සිදුවූ බවද?
කියන්නට දන්නේ නැහැ. ‘පැණි සහ අළු’ ඔවුන් ඕන කමින්ම සැඟවුවාද? තැන්නම් වෙනත් හේතුවක් මත එය විකාශනය නොකර සැඟවුවාද? කියා අප දන්නේ නැහැ. හැබැයි ධර්මසේන පතිරාජ කියන්නේ ‘හොඳ වාමාංශිකයෙක්’ ඔහුට තරහකාරයින්ද හිටියා. ඒ නිසා ‘පැණි සහ අළු’ කුමක් නිසා සැඟව ගියාද කියන්නට දන්නේ නැහැ. මම මෙහෙම ඉල්ලීමක් කරනවා. ධරමසේන පතිරාජ එය විකාශනය වෙනතුරු ආසාවෙන් බලා සිටියා. අන්න ඒ ගැන හිතලාවත් ඔහුට කරන උපහාරයක් වශයෙන්වත් ‘පැණි සහ අළු’ විකාශනය කරනවා නම් එය ලොකු දෙයක්. මොකද ධර්මසේන පතිරාජ කියන්නේ නොම්මර එකේ අතිදක්ෂ නිර්මාණකරුවෙක්. ඔහුගේ ප්‍රතිභාව ඉතා අමරණීයයි. ඒ අගය මම ඔහුට දෙන්නේ ඔහු අනභිභවනීය කලාකරුවකු නිසා මිස ඔහු මගේ හොඳ මිතුරකු නිසා නම් නෙමෙයි.
ඔබ රංගනයේදී යම් ප්‍රවීණ කලාකරුවකු අනුකරණය කරන්නේද ඇසුවහොත්?
අනුකරණය කිරීමක් නම් මා තුළින් ගම්‍ය වන්නේ නැහැ. හැබැයි ජෝ අබේවික්‍රම කියන අසමසම රංගන ශිල්පියා මගේ පරමාදර්ශී චරිතය බව නම් අවංකව මම පවසනවා. ප්‍රහර්සන කලාව සමඟ පැමිණි ජෝ අබේවික්‍රම ශූරීන් සාරවිට නිර්මාණයෙන් පසුව රැවුලත් කපලා දාලා සංකීර්ණ චරිතයන්ට ප්‍රවිෂ්ට වෙනවා. එය ඉතාම අලංකාර වෙනස් වීමක්. මම ඔහුට ප්‍රිය කරන්නේ වයස අවුරුදු අටේ පැංචකු අවධියේ ඉඳන්මයි. ඔහු අපේ පවුලේ හිතවතෙක්. ජෝ අබේවික්‍රම ශූරීන්ට ලකුණු සියයෙන් සියයම දෙන්න චරිත මහා ගොඩක් අධීක්ෂණය කළ යුතු නැහැ. වැලිකතරෙහි ‘ගෝරිං මුදලාලි’ගේ චරිතයම ඒ සඳහා අසීමිතව සෑහෙනවා. අන්න ඒ නිසා ජෝ අබේවික්‍රම ශූරීන් කියන මහා නළු පුරුෂයාගේ දැක්ම මම මගේ රංගන ජීවිතයට පාදක කරගන්නවා.
ප්‍රවීණ රංගනවේදියකු ලෙස පවසන්නට තව යමක් මෙහිදී ඔබ සතුව තියෙනවද?
පවසන්නට නම් තියෙන දෑ අපමණයි. තෝරලා බේරලා එක දෙයක් කියන්නම්. ශ්‍රී ලාංකේය වශයෙන් ගත්කල කලාකරුවන්ට ලැබී තිබෙන තැන ඉතාම අල්පයි. අපේ ඇතැම් කලාකරුවන් තම නිර්මාණ එළිදක්වන්නේ බොහොම අපහසුතා මැදයි. හැබැයි එහෙම සිතා ඔවුන් නිර්මාණ නොකර ඉන්නේද නැහැ. නිදහසුනක් දෙන්නම්. සුනිල් කොස්තා කියන්නේ ප්‍රවීණ නිර්මාණකරුවෙක්. සුනිල් රූපවාහිනි සේවය වෙනුවෙන් ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ නිර්මාණය කළා. එය ඉතා විශිෂ්ට ගණයේ ටෙලි කතාවක්. විකාශනයද අවසානයි. හැබැයි සුනිල් කොස්තාටවත් එහි රඟපෑ මා ඇතුළු සියලුම රංගවේදීන්ටත් රූපවාහිනිය විසින් තවමත් මුදල් ගෙවලා නැහැ. දළ වශයෙන් එහි පියවීම ලක්ෂ 80ක් පමණ වෙනවා. නමුත් ඒ මදිපාඩු මැද සුනිල් කොස්තා ‘කැන්යූ හියර් මී’ද රූපවාහිනිය වෙනුවෙන් තැනුවා. මෙතැනදී රූපවාහිනිය වංචාවක් කරනවාය කියා නෙමෙයි අදහස් කරන්නේ. සිදුව ඇත්තේ රූපවාහිනී සංස්ථාව විශාල අර්බුදයකට මුහුණපා සිටීමයි. පාස්කු බෝම්බයෙන් ඇරඹුණු කොවිඞ් උවදුර දක්වා පැමිණි ආර්ථික ඇදවැටීම කලාවද ගිලගෙන අවසානයි. කොහොමත් හැම තැනදීම කලාකරුවාට ලැබෙන තැන ඉහළ මට්ටමක තිබුණේ නැහැ. අලුත් රජයවත් මේ වෙනුවෙන් අනුග්‍රහය දක්වනවා නම් හොඳයි. එලෙසම ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලි නාර්මාණයට දායකවූවන් ගැන රූපවාහිනී සභාපතිතුමා මීට වඩා අවධානය දක්වනවා නම් හොඳයි. නොදැක්කා වාගේ අහක බලාගෙන ඉන්නවාට වඩා අප හැමෝම එකතු වෙලා අලුත් ඇමැතිතුමාටත් කතා කරනවා නම් කුමක් හෝ සාධාරණයක් ඉටුවේවිය කියා හිතනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඊළඟට මහින්ද වැහෙන්නෙ කාටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඔබව හසුරුවන ඇසට නොපෙනෙන බලවතා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.