• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔබාමාගේ පොත-ජොන්සන්ගේ මල සහ රාජපක්ෂලාගේ පොහොට්ටුව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

December 12, 2020
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
ඔබාමාගේ පොත-ජොන්සන්ගේ මල සහ රාජපක්ෂලාගේ පොහොට්ටුව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

“ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ තිබුණු ජනවාර්ගික ඝාතනයන් වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් සිදුකළ ක්‍රියාකලාපය ඉතාම පසුගාමී එමෙන්ම ඉතාමත් අසාර්ථක තත්ත්වයකයි තිබුණේ. එසේම සෝමාලියාව වැනි අසාර්ථක රාජ්‍යයන් නැවැත ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ශ්‍රී ලංකාව වැනි වාර්ගික අරගල ඇති රටවල් එම තත්ත්වයෙන් මුදාගැනීමට හෝ කිසිදු ක්‍රමවේදයක් හෝ කැමැත්තක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලට තිබුණේ නෑ. කොහොම වුණත් ලංකාවේ යුද්ධය අවසන් අදියරේදී බර අවි භාවිතා නොකරන ලෙසට මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. එකෙනුත් ඉල්ලා සිටියා ඒ අය ග්‍රහණයට අරගෙන සිටි සිවිල් වැසියන් වහාම නිදහස් කරන්න කියලා. නමුත් ඒවා ඉෂ්ඨ වුණේ නෑ…”

මේ කතාව කීවේ වෙන කවුරුවත් නොව ලෝකෙටම ලොක්කා විදිහට සැලකෙන ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා වන බැරැක් ඔබාමාය. ඔබාමා මේ කතාව කීවේ සිය ජනාධිපති ධුර කාලය පිළිබඳව පිටු 768කින් යුතු පොතක් එළිදක්වමින්ය. “අ ප්‍රොමිස් ලෑන්ඞ්” යනුවෙන් නම් කර තිබූ මෙම පොතෙහි වෙනම පරිච්ඡේදයක්ම ලංකාව ගැන සඳහන් කිරීමට ඔබාමා කටයුතු කර තිබිණ. දැනටමත් මේ පොතේ පිටපත් මිලියන 1.7ක් විකිණී අවසන්ව තිබේ.

ලෝකෙටම ඇහෙන්න ඔබාමා ලංකාව ගැන මේ කියපු කතාවේ හැංගුණු කතාවක්ද තිබේ. ඒ වෙන මොකක්වත් නොව ලෝකයේම ප්‍රබල සංවිධාන යැයි කියැවෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය එපා කියද්දීත්, ලෝකෙටම ලොක්කා යැයි කියන ඇමෙරිකානු ජනාධිපතිවරයා එපා කියද්දීත් ලංකාවේ රාජපක්ෂලා බය නැතිව යුද්දෙ කළා කියන එකය. එහෙම යුද්දෙ කරලා යුද්දෙ දින්නා කියන එකය. ඒ ආපු බලපෑමට රාජපක්ෂලා මුහුණදීලා යුද්දෙ ඉවර කරපු බව ඔබාමාගේ මේ පොතෙන් හොඳටම පැහැදිලිය.

“ඒ කියන්නේ ඒ දවස්වල කොහොම හරි යුද්දෙ නවත්තගන්න යූ.එන්. එක ට්‍රයි කළා කියන එකද?”

“ලෝකයේම සුපිරිම ආණ්ඩුව යුද්දෙ වහාම නවත්වන්න කියලා ලංකාවට බලපෑම් කළා කියන එකද?”

ඔබාමාගේ පොතෙන් ඔප්පු කරලා තියෙන්නේ ඒකය. යූ.එන්. එකටවත්, ඔබාමාටවත් රාජපක්ෂලා යුද්දෙ කරලා එල්.ටී.ටී.ඊ.ය පරද්දපු එක නවත්වන්න බැරිවුණා කියන එකය.

‘එදා ඉඳන් ඇමෙරිකාව රාජපක්ෂලාට පන්න පන්න ගහන්නේ ඒ නිසාද?’

‘රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තියෙන හැම කාලෙම ඇමෙරිකාව මේ විදිහට ගහන්නේ ඒ වෙච්ච මදිපුංචිකම නිසාද?’

‘ඇමෙරිකාව මේ කරන්නේ ඇරියස් එකක් කවර් කරගන්න එකද?’

ඇත්තම කතාව ඒකය. එදා වගේම අදත් ඇමෙරිකාව ලංකාව පස්සේ පන්නන්ගේ තමන්ගේ අණට පිටුපාලා යුද්දෙ දිනපු ඒ මදිපුංචිකමට පළිගන්නටය. වෛරය පිරිමහන්නටය.

මේක හොඳටම පැහැදිලි වන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාව කටයුතු කරපු ආකාරයෙන්ය. මොකද ශවේන්ද්‍රව හමුදාපති කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඒ 2019 අගෝස්තු 19 වැනි දිනය. හැබැයි මෛත්‍රි ශවේන්ද්‍රව හමුදාපති කරද්දී ඇමෙරිකාව කටක්වත් හෙල්ලුවේ නැත. මොකද ඒ කාලයේදී ඇමෙරිකාව යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් එක්ක හිටියේ කරට අත දමාගෙනය.

හැබැයි 2019 තිබ්බ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමත් සමඟ ඇමෙරිකාව ශවේන්ද්‍රට එරෙහිව තම රටට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් පැනවූයේය. ඒ 2020 පෙබරවාරි 14 වැනි දිනය. ශවේන්ද්‍රට පමණක් නොව ශවේන්ද්‍රගේ පවුලේ උදවියට පවා වලංගු වන ලෙස ඇමෙරිකාව මෙම නියෝගය නිකුත් කළේය. ඒ නියෝගය ආවේ ශවේන්ද්‍ර හමුදාපති ධුරයේ වැඩ බාර අරන් මාස හයක් පමණ ගියාට පසුවය. ඒකෙන් පැහැදිලි වන්නේ එකම එක දෙයකි. එනම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද්ධය දින්න තරහව තවමත් හිතේ තියාගෙන ලංකාවටත්, රාජපක්ෂවරුන්ටත් දඬුවම් දෙන්න ලොකු උවමනාවකින් සිටිනවා කියන එකය. ඒ වෛරය ගිනි කන්දක් වගේ හිතේ පැහැවමින් තියෙනවා කියන එකය.

ඔබාමා මේ විදහට ලංකාව ගැන කතා කරල ඉවර වෙනවත් එක්කම බොරිස් ජොන්සන්ගේ අගමැතිත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේද ලංකාවට එරෙහිව කවදාවත් සිදු නොවුණු දෙයක් සිදුවිය. ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෙවත් වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ ඉදිරිපස බිත්තියෙහි තේමිස් නදිය හරහා වැටුණු ලේසර් ආලෝකවලින් සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික මල ලෙස සැලකෙන නියඟලා මල වර්ණ ගැන්වී තිබීමය. මෙය සිදුකර තිබුණේ බ්‍රිතාන්‍යයේ සිටින කොටි ඩයස්පෝරාවය. හැබැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නිල ඇනුමැතියක් නැතිව මෙවැනි කටයුත්තක් සිදුකරන්නට කිසිවකුටත් හැකියාවක් නැත.

හැබැයි වැඬේ කියන්නේ මෛත්‍රි – රනිල් හවුලේ ආණ්ඩු කරපු පහුගිය අවුරුදු පහටම මේ වගේ දෙයක් බ්‍රිතාන්‍යයේ සිදු නොවී තිබීමය. යහපාලන ආණ්ඩුව පැවැති පසුගිය අවුරුදු පහටම මහවිරු සැමරුම් පහක් බ්‍රිතාන්‍යයේ සමරා තිබිණ. ඒ මහවිරු සැමරුම් පහේදීම ඩයස්පෝරාවේ කිහිපදෙනකු එක්වී එල්.ටී.ටී.ඊ. කොඩි ඔසවා, පහන් ආලෝක දල්වා එය සැමරීමට කටයුතු කර තිබුණද කවදාවත් මේ විදිහට තේම්ස් නදිය හරහා ලේසර් කිරණ දල්වා වෙස්ට්මිනිස්ටර් මාලිගාවේ නියඟලා මල් පත්තුකොට යකා නැටීමට ඩයස්පෝරාව කටයුතු කර තිබුණේ නැත.

ඒකෙන් පැහැදිලි වන්නේ මේ සියල්ලන්ම රාජපක්ෂවරුන් බලයට ආවාට තරහෙන් සිටින බවය. ඒ නිසා ඒ අය බලන්නේ ආපහු කොටින්ට ඔක්සිජන් දී කොටින්ව නැඟිට්ටවා ගන්නටය. යහපාලන ආණ්ඩු කාලයේ දමනය වී සිටි කොටින්ට යළි ඔක්සිජන් ගසා රාජපක්ෂලාට එරෙහිව උසිගන්වන්නටය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ලංකාවත්, රාජපක්ෂවරුනුත් රැගෙන ගොස් මානව හිමිකම් තොණ්ඩුවේ හිර කරන්නටය. ලංකාවට එරෙහිව යුද්ධය දිනා දුන් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලකොට ඔවුන්ව දඬුකඳේ ගසන්නටය.

හැබැයි කරුමෙ කියන්නේ මේ ඇත්ත ජනතාවට තේරුම්කර දීමට තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවට තවම බැරිවී තිබීමය. බටහිර රටවල් මේ හදන්නේ කොරෝනාවෙන් විශාල අර්බුදයකට මුහුණදී සිටින ලංකාවට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා කියන්නා වගේ ඒ ගැනවත් හිතන්නේ නැතිව මානව හිමිකම් ප්‍රශ්නයක පටලවා ලංකාව තවත් හිර කරන්නටය.

ඒ නිසා රටේ ජනතාව තේරුම්ගත යුතු එක දෙයක් තිබේ. ඒ මේ වෙලාවේ රටේ ජනතාව හිතන්න ඕනේ ආණ්ඩුව ගැන නොව රට ගැන කියන එකය. ආරක්ෂා කළ යුත්තේ ආණ්ඩුව නොව රට කියන එකය.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවවත්, ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණයවත් තවමත් ජනතාවට මේ ඇත්ත තේරුම් කර දීමට පියවර ගෙන නොතිබීමය. අඩුම තරමින් ඒක තේරුම් කරන්න උත්සාහ ගන්නා පාටක්වත් තවමත් ආණ්ඩුව පැත්තෙන් පේන්නට නැත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ඔබව හසුරුවන ඇසට නොපෙනෙන බලවතා

Next Post

මාව අමු අමුවේ මංකොල්ල කෑවා

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.