දරුපල අහිමි කාන්තාවන්ට සුදු නෙලුම් මල් පූජාවක්
පවිත්‍රත්වයෙන් අගතැන්පත් පුෂ්පයක් වේ නම් නෙලුම් මලට හිමිවනුයේ අද්විතීය තැනකි. බෝසතුන් බිහිවී නිර්මල පා නෙලුම් මල් හතක් පිට වැඩිය බව බෝසත් චරිතයේ සඳහන් වේ. ලක්ෂ්මී දෙවඟන වැඩහිදින්නේද රතු නෙලුම් මලක් මතය. සරස්වතී දෙවඟන වැඩ හිඳින්නේද සුදු නෙලුම් මලක් මතය.
බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම ගැන කියැවෙන බුද්ධ චරිතයේත්, විහාර බිතු සිතුවම්වලද සුදු නෙලුමක් සොඬින් ගත් ඇත් පැටවකු මහාමායා දේවියගේ කුස තුළට ඇතුළු වූ සිදුවීම චිත්‍රයටද නඟා ඇත.
ලක්ෂ්මී දෙවඟනගේ අතේද, ගණ දෙවියන්ගේ අතේද, විෂ්ණු දෙවියන්ගේ අතේද නෙලුම් මලක් දරා සිටින චිත්‍ර වේ. සුමන සමන් දිව්‍ය රාජයාගේ වාහනය වූ සුදු හස්තියාද සොඬින් නෙලුම් මලක් ගෙන සිටී. සූර්ය දිව්‍ය රාජයාගේ අත් සතරින් එකක නෙලුම් මලක් ඇත.
ග්‍රහ දෙවියන් අතුරින් චන්ද්‍ර දිව්‍යරාජයා අතේද කුජ දිව්‍යයා අතේද, රාහු දිව්‍යයා අතේද නෙලුම් මල් ඇත. බුදුන්, දෙවියන්, ග්‍රහයන් ගැන සඳහන් කරන විට නෙලුම් මල ගැන නොයෙක් කතා ප්‍රවෘත්ති ඇත. බුද්ධ පූජා, බෝධි පූජා, චෛත්‍ය පූජාවලට නෙලුම් මල් පිදීම උතුම් පූජාවන් ලෙස බෞද්ධයන් අතර පිළිගැනීමක් ඇත. දේව භක්තිකයන් අතරද නෙලුම් මල් පිදීම උතුම් කොට සැලකේ.
නෙලුම් මල් පිදීම දෙවියන්ගේ ප්‍රසාදය ලැබීමටද ග්‍රහයන්ගේ ප්‍රසාදය ලැබීමටද භාවිත කෙරේ. එපමණක් නොව අශ්ටොත්තර නාම පූජාවලදීද සහ සහශ්‍රනාම පූජාවලදීද නෙලුම් මල්හි පෙති පාදුකාවට දැමීම සිරිතකි.
වයස ගානට නෙලුම් මල් පිදීම අපල දුරු වීමටත් දීර්ඝායුෂ ලැබීමටත් හේතු වන බව පිළිගැනීමකි. චෛත්‍යයට නෙලුම් මලක් පිදීම දීර්ඝායුෂ ලැබීමටත් නිරෝගී බව ලැබීමටත්, රෝග නිවාරණයටත් හේතු වන බව බෞද්ධ සැදැහැවතුන්ගේ විශ්වාසයයි. මෙහිලා විශේෂයෙන් මලක් ගානේ නවගුණ ගාථාව හෙවත් ඉතිපිසෝ ගාථාව කියා පිදීමෙන් අපල දුරුවී දීර්ඝායුෂ ලැබේ යැයි විශ්වාස කෙරේ.
බෝධියටද එසේම නෙලුම් මල් පිදීමෙන් ආකර්ෂණය, වශිය ඇතිවේ. බෝධි වන්දනා ගාථාව හෝ ඉතිපිසෝ ගාථාව කීමෙන් එවැනි ප්‍රයෝජනයක් ලැබේ. වයස ගණනට හෝ බැතිමතාගේ උසට නෙලුම් මල් මාලයක් මහසෙන් දෙවියන්ට පිදීම කතරගම දෙවාලේදීද විශේෂයෙන් රුවල්වැලි සෑයේදීද සිදුවේ. ඉන්ද අපල උපද්‍රව දුරුවී මහසෙන් දෙවියන්ගේ පිහිට ලැබේ යැයි බැතිමතුන් අතරේ විශ්වාසයක් පවතී.
විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ටද, කලාකරුවන්ටද, ගායන වාදන ශිල්පීන්ටද සරස්වතී දෙවඟනගේ බැල්ම ලැබීමට සුදු නෙලුම් මල් පුදනු ලැබේ.
එසේ පිහිට පැතීමේදී සරස්වතී දෙවඟනට ස්තෝත්‍ර කීම තුළින් මහඟු ප්‍රතිඵල ලැබේ. තවද මහා ලක්ෂ්මී දෙවඟනට රතු මල් පිදීමද ධනය, කීර්තිය, බලය, සෞන්දර්ය, නිරෝගී බව ලැබීමට හේතුවේ. ලක්ෂ්මී යන්ත්‍ර ගායනා කරමින් නෙලුම් මල් හෝ නෙලුම් පෙති පාදුකාවට දමමින් අෂ්ටෝත්තර නාම හෝ සහශ්‍ර නාම ගායනා කිරීමෙන් ලැබේ.
ලැබීම අවහිර වූ සම්පත් ලැබීමට පහත ස්තෝත්‍ර ගායනා කර නෙලුම් මල් පූජා කරන්න.
ඕම්ං හ්‍රීම් ක්ලීං මහා ලක්ෂ්මී
ඒහි ඒහි සර්‍ව සෞභාග්‍යං දේහි මේ ස්වාහා
ඕම් හංස හඃ හංස හඃ ජනේ හ්‍රීම් හ්‍රීම් ස්වාහා
චන්ද්‍ර ග්‍රහ අපලවලදීද, කුජ අපලවලදීද, රාහු අපලවලදීද අදාළ ග්‍රහ ස්තෝත්‍ර නෙලුම් මල් පුදමින් ගායනා කිරීමේ සිරිතක් හින්දු සමය තුළ ප්‍රචලිතය. එහිදී නෙලුම් මල් හෝ නෙලුම් පෙති ග්‍රහ රූප පාමුලට නාම කියමන් දැමිය යුතුය. අෂ්ටෝත්තර නාම හෝ සහශ්‍ර නාම කීමේදී භාවිත කළ හැකිය.
ඖෂධීය පානයක් ලෙස නෙලුම් භාවිත කළ හැකිය. නෙලුම් මල් පෙති සෝදා වියළා හෝ පදමට කර කර කුඩුකර ගත හැකිය. තේ කුඩු සමග නෙලුම් පෙති කුඩු මිශ්‍ර කර උණු වතුර මිශ්‍ර කර තේ පදමට භාවිත කිරීමෙන් ශරීරය පැහැපත් වේ. ශරීරයේ දාහය දුරුවේ. රුධිර පීඩනය පාලනය වේ. ගුදය ආශ්‍රිත රෝග දුරුවේ. හම රැලිවැටීම දුරුවේ. කාන්තාවන්ගේ ස්වේත ප්‍රදරය දුරුවීමටද හේතු වේ යැයි පිළිගැනේ. පින, අපල දුරුවීම, දේවාශීර්වාදය, රෝග නිවාරණය යන ගුණ රැසක් නෙලුම් මලෙන් ලැබේ.
දරුපල ප්‍රමාද හෝ අහිමි කාන්තාවන්ට සුදු නෙලුම් මල් සන්නාහ ලක්ෂ්මීට පූජා කර ප්‍රාර්ථනා කිරීම සුදුසුය. ලක්ෂ්මී දෙවඟනගේ රූපයක් හෝ පිළිමයක් තබා පහත සඳහන් ස්තෝත්‍ර ගායනා කරන්න. පුර පක්ෂයේ දින 9ක් පූජාව තබන්න.
පුත්‍ර පෞත්‍රස් ස්වරූපේන
පශුභූතාත්මනා ස්වයම්
සන්නාන දායිනීම් දේවීම්
සන්නාන ලක්ෂ්මී නමා ම්‍යහම්
සන්නාන ලක්ෂ්මී නමෝස්තුතේ
සන්නාන ලක්ෂ්මී නමෝස්තුතේ
පරාබ්‍රහ්ම ස්වරූපිනී
යසෝ දේහී ධනම් දේහී
සර්වකාමම්ස්ච දේහිමේ
ජ්‍යොතිෂවේදී අංක විද්‍යා විශාරද ජේ.ඒ.ඩී. පෙරේරා