• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අපල දුරු කරන නෙලුම් මල් පූජාව

August 22, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
අපල දුරු කරන නෙලුම් මල් පූජාව
Share on WhatsAppShare on Facebook

දරුපල අහිමි කාන්තාවන්ට සුදු නෙලුම් මල් පූජාවක්

පවිත්‍රත්වයෙන් අගතැන්පත් පුෂ්පයක් වේ නම් නෙලුම් මලට හිමිවනුයේ අද්විතීය තැනකි. බෝසතුන් බිහිවී නිර්මල පා නෙලුම් මල් හතක් පිට වැඩිය බව බෝසත් චරිතයේ සඳහන් වේ. ලක්ෂ්මී දෙවඟන වැඩහිදින්නේද රතු නෙලුම් මලක් මතය. සරස්වතී දෙවඟන වැඩ හිඳින්නේද සුදු නෙලුම් මලක් මතය.

බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම ගැන කියැවෙන බුද්ධ චරිතයේත්, විහාර බිතු සිතුවම්වලද සුදු නෙලුමක් සොඬින් ගත් ඇත් පැටවකු මහාමායා දේවියගේ කුස තුළට ඇතුළු වූ සිදුවීම චිත්‍රයටද නඟා ඇත.

ලක්ෂ්මී දෙවඟනගේ අතේද, ගණ දෙවියන්ගේ අතේද, විෂ්ණු දෙවියන්ගේ අතේද නෙලුම් මලක් දරා සිටින චිත්‍ර වේ. සුමන සමන් දිව්‍ය රාජයාගේ වාහනය වූ සුදු හස්තියාද සොඬින් නෙලුම් මලක් ගෙන සිටී. සූර්ය දිව්‍ය රාජයාගේ අත් සතරින් එකක නෙලුම් මලක් ඇත.

ග්‍රහ දෙවියන් අතුරින් චන්ද්‍ර දිව්‍යරාජයා අතේද කුජ දිව්‍යයා අතේද, රාහු දිව්‍යයා අතේද නෙලුම් මල් ඇත. බුදුන්, දෙවියන්, ග්‍රහයන් ගැන සඳහන් කරන විට නෙලුම් මල ගැන නොයෙක් කතා ප්‍රවෘත්ති ඇත. බුද්ධ පූජා, බෝධි පූජා, චෛත්‍ය පූජාවලට නෙලුම් මල් පිදීම උතුම් පූජාවන් ලෙස බෞද්ධයන් අතර පිළිගැනීමක් ඇත. දේව භක්තිකයන් අතරද නෙලුම් මල් පිදීම උතුම් කොට සැලකේ.

නෙලුම් මල් පිදීම දෙවියන්ගේ ප්‍රසාදය ලැබීමටද ග්‍රහයන්ගේ ප්‍රසාදය ලැබීමටද භාවිත කෙරේ. එපමණක් නොව අශ්ටොත්තර නාම පූජාවලදීද සහ සහශ්‍රනාම පූජාවලදීද නෙලුම් මල්හි පෙති පාදුකාවට දැමීම සිරිතකි.

වයස ගානට නෙලුම් මල් පිදීම අපල දුරු වීමටත් දීර්ඝායුෂ ලැබීමටත් හේතු වන බව පිළිගැනීමකි. චෛත්‍යයට නෙලුම් මලක් පිදීම දීර්ඝායුෂ ලැබීමටත් නිරෝගී බව ලැබීමටත්, රෝග නිවාරණයටත් හේතු වන බව බෞද්ධ සැදැහැවතුන්ගේ විශ්වාසයයි. මෙහිලා විශේෂයෙන් මලක් ගානේ නවගුණ ගාථාව හෙවත් ඉතිපිසෝ ගාථාව කියා පිදීමෙන් අපල දුරුවී දීර්ඝායුෂ ලැබේ යැයි විශ්වාස කෙරේ.

බෝධියටද එසේම නෙලුම් මල් පිදීමෙන් ආකර්ෂණය, වශිය ඇතිවේ. බෝධි වන්දනා ගාථාව හෝ ඉතිපිසෝ ගාථාව කීමෙන් එවැනි ප්‍රයෝජනයක් ලැබේ. වයස ගණනට හෝ බැතිමතාගේ උසට නෙලුම් මල් මාලයක් මහසෙන් දෙවියන්ට පිදීම කතරගම දෙවාලේදීද විශේෂයෙන් රුවල්වැලි සෑයේදීද සිදුවේ. ඉන්ද අපල උපද්‍රව දුරුවී මහසෙන් දෙවියන්ගේ පිහිට ලැබේ යැයි බැතිමතුන් අතරේ විශ්වාසයක් පවතී.

විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ටද, කලාකරුවන්ටද, ගායන වාදන ශිල්පීන්ටද සරස්වතී දෙවඟනගේ බැල්ම ලැබීමට සුදු නෙලුම් මල් පුදනු ලැබේ.

එසේ පිහිට පැතීමේදී සරස්වතී දෙවඟනට ස්තෝත්‍ර කීම තුළින් මහඟු ප්‍රතිඵල ලැබේ. තවද මහා ලක්ෂ්මී දෙවඟනට රතු මල් පිදීමද ධනය, කීර්තිය, බලය, සෞන්දර්ය, නිරෝගී බව ලැබීමට හේතුවේ. ලක්ෂ්මී යන්ත්‍ර ගායනා කරමින් නෙලුම් මල් හෝ නෙලුම් පෙති පාදුකාවට දමමින් අෂ්ටෝත්තර නාම හෝ සහශ්‍ර නාම ගායනා කිරීමෙන් ලැබේ.

ලැබීම අවහිර වූ සම්පත් ලැබීමට පහත ස්තෝත්‍ර ගායනා කර නෙලුම් මල් පූජා කරන්න.
ඕම්ං හ්‍රීම් ක්ලීං මහා ලක්ෂ්මී
ඒහි ඒහි සර්‍ව සෞභාග්‍යං දේහි මේ ස්වාහා
ඕම් හංස හඃ හංස හඃ ජනේ හ්‍රීම් හ්‍රීම් ස්වාහා

චන්ද්‍ර ග්‍රහ අපලවලදීද, කුජ අපලවලදීද, රාහු අපලවලදීද අදාළ ග්‍රහ ස්තෝත්‍ර නෙලුම් මල් පුදමින් ගායනා කිරීමේ සිරිතක් හින්දු සමය තුළ ප්‍රචලිතය. එහිදී නෙලුම් මල් හෝ නෙලුම් පෙති ග්‍රහ රූප පාමුලට නාම කියමන් දැමිය යුතුය. අෂ්ටෝත්තර නාම හෝ සහශ්‍ර නාම කීමේදී භාවිත කළ හැකිය.

ඖෂධීය පානයක් ලෙස නෙලුම් භාවිත කළ හැකිය. නෙලුම් මල් පෙති සෝදා වියළා හෝ පදමට කර කර කුඩුකර ගත හැකිය. තේ කුඩු සමග නෙලුම් පෙති කුඩු මිශ්‍ර කර උණු වතුර මිශ්‍ර කර තේ පදමට භාවිත කිරීමෙන් ශරීරය පැහැපත් වේ. ශරීරයේ දාහය දුරුවේ. රුධිර පීඩනය පාලනය වේ. ගුදය ආශ්‍රිත රෝග දුරුවේ. හම රැලිවැටීම දුරුවේ. කාන්තාවන්ගේ ස්වේත ප්‍රදරය දුරුවීමටද හේතු වේ යැයි පිළිගැනේ. පින, අපල දුරුවීම, දේවාශීර්වාදය, රෝග නිවාරණය යන ගුණ රැසක් නෙලුම් මලෙන් ලැබේ.

දරුපල ප්‍රමාද හෝ අහිමි කාන්තාවන්ට සුදු නෙලුම් මල් සන්නාහ ලක්ෂ්මීට පූජා කර ප්‍රාර්ථනා කිරීම සුදුසුය. ලක්ෂ්මී දෙවඟනගේ රූපයක් හෝ පිළිමයක් තබා පහත සඳහන් ස්තෝත්‍ර ගායනා කරන්න. පුර පක්ෂයේ දින 9ක් පූජාව තබන්න.

පුත්‍ර පෞත්‍රස් ස්වරූපේන
පශුභූතාත්මනා ස්වයම්
සන්නාන දායිනීම් දේවීම්
සන්නාන ලක්ෂ්මී නමා ම්‍යහම්
සන්නාන ලක්ෂ්මී නමෝස්තුතේ

සන්නාන ලක්ෂ්මී නමෝස්තුතේ
පරාබ්‍රහ්ම ස්වරූපිනී
යසෝ දේහී ධනම් දේහී
සර්වකාමම්ස්ච දේහිමේ

ජ්‍යොතිෂවේදී අංක විද්‍යා විශාරද ජේ.ඒ.ඩී. පෙරේරා

SendShareShare
Previous Post

දේශපාලන ඉතිහාසයේ නරකම කාලපරිච්ඡේදය

Next Post

සතියේ හොඳම දවස

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.