රවි මාරුව නිසා කන්නවත් නැති යුගයක් නැවතත්…
හැමෝගෙම මේ දිනවල මාතෘකාව දේශපාලනය. මෙදා ඡන්දෙන්වත් අපිට හරියයිද කියන පැතුම තමයි සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන කතාබහ වෙලා තියෙන්නෙ. රටට හොඳ වුණොත් අපිටත් හොඳ වෙනවා කියලා හිතන තරමට ජනතාව දේශපාලනය ගැන ලොකු විශ්වාසයකින් ජීවත් වෙන්නෙ අද ඊයේ ඉඳලා නෙවෙයි. අපේ දේශපාලන ඉතිහාසය දෙස බැලුවම හොඳ කාලපරිච්ඡේදවලට වඩා නරක පරිච්ඡේද වැඩිපුර තිබුණදෝ කියලා හිතන අය ඉන්නවා. ඒ වගේම ඊළඟට උදාවන පරිච්ඡේදය කෙසේ වෙයිදෝ කියන දෙගිඩියාව දැන් ඇතිවෙලා තියෙන්නෙත් ඒ පෙර අත්දැකීම් නිසාමයි.
මෙරට දේශපාලන ඉතිහාසයේ නරකම කාලය මොකක්ද? එක එක අයට තම පක්ෂපාතීත්වය අනුව විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව විදියට අපේ පිළිතුරු වෙනුවට මෙරට දේශපාලන ඉතිහාසයේ නරකම කාලය මොකක්ද කියලා අපි ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එච්.ඩබ්ලිව්. අඹේපාල මහතාගෙන් අහලා බැලුවා.
මෙරට දේශපාලන ඉතිහාසය පරික්ෂා කළාම 1964 සහ 1974 කාල වකවානුව ඉතාම නරක කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. දේශපාලනය දෙස බැලුවම ඒ බව හොඳින්ම දැකගන්න පුළුවන් වගේම ජ්‍යොතිෂ විද්‍යාව අනුව දේශපාලනයට සහ රටට නරකම කාලපරිච්ඡේදයක් විදියටත් සලකන්න පුළුවන්. නමුත් කිවයුතු වැදගත්ම කාරණය නම් 1977 දේශපාලන කාලවකවානුවට සමානව අතිශය නරක කාලවකවානුවක්ද උදාවීම නියමිත බවයි. පසුගිය අගෝස්තු 17 වැනිදා සිදුවූ ග්‍රහ මාරුව අනුව ඒ ග්‍රහ බලපෑම 2020 ජනවාරි 20 වැනිදා දක්වා ඉතා විපත්තිදායක ආකාරයට රටටත්, ජනතාවටත් බලපෑම් කරන්නට සමත් තත්ත්වයක් ඇති කරනවා.
77දී සිදුවූ දේශපාලන පෙරළියට සමාන දේශපාලන පෙරළියක් ඇති කරවීමට අගොස්තු 17 වැනිදා සිදුවූ රවි මාරුව ඍජුව බලපෑම් කරනවා. ජීවිත හානි, රටේ කැරලි කලකෝලාහල මෙන්ම ජනතාව අතර සාගත තත්ත්වයක්ද යළි ඇතිවීමේ අවදානමක් තිබෙනවා. 1977න් පසුව උදාවූ දේශපාලන යුගය තුළ ජනතාවට කන්න හාල් ටිකවත් නොතිබුණා සේ මේ උදාවෙන්නේත් එසේ සාගින්න දැනෙන කාලයක්. ඒ කාලයේ නම් මෙතරම් ජනගහනයක් නොතිබුණු අතර දැන් වෙද්දි ජනගහනයත් වැඩිවීම නිසා මේ ගැටලුව ඉතා තදින්ම දැනෙන්න පටන් ගන්නා බව කිව යුතුයි.
ග්‍රහචාරයේ බලපෑම කොතෙක්ද කියfාතත් රට පුරා ස්වාභාවික විපත්වලින්ද දැඩි පීඩා ඇති කරනවා. ජලයෙන්, ගින්දරින්, සාගින්නෙන් කලකෝලාහලවලින් ජනතාව පීඩාවට පත්වෙන මේ තත්ත්වය ජනවාරි 20 වැනිදායින් පසු සුබදායක අතට හැරෙන බවත් කිව යුතුයි. කෙටි කාලයක් වුවත් ඉන් සිදුවන බලපෑම ඉතා දැඩි බව කිවයුතුමයි.
දේශපාලනයට නරකම කාලයක් උදාවෙද්දී ස්වභාවික විපත්වලින් සිදුවන පීඩාව පවා තව තවත් වැඩි වෙනවා මිසක් ඉන් මිදෙන්න තරම් සහනදායී තත්ත්වයක් රටක් වශයෙන් ලබාගත නොහැකි තරමට ජනතාව අසරණ වීම වළක්වන්න නොහැකියි.
මේ තත්ත්වයෙන් යම් තරමකට හෝ සහනයක් ලබාගැනීම සඳහා පුද්ගලයන් වශයෙන් ගුණදම් පින් දහම් ආදියේ නියැලීම ඉතා වැදගත්. හැකි තරම් ආගමානුකූල ජීවිතයක් ගත කරමින් පංචශීලය ආරක්ෂා කරමින් ජීවත් විය හැකි නම් සහනදායී තත්ත්වයක් ඇතිකරගත හැකිවනු ඇත.