හොඳම දවසක් එනතුරු හැමදාමත් බලාගෙන ඉන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ගෙයක් හදන්න ගියත් විවාහ වෙන්න වුණත් එදිනෙදා ජීවිතයේ සුළු සුළු කටයුතු වෙනුවෙන් වුණත් හොඳම දවසක් තෝරගන්නෙ නැති කෙනෙක් නැහැ. මේ හොඳම දවස සුබම දවසක් බව තහවරු කරගන්නෙ ජ්‍යොතිෂයේ සහයෝගය ලබාගෙනයි. හැම සුබ කටයුත්තකටම හඳහන පරීක්ෂා කර සුබ වේලාවක්, සුබ දිශාවක් ලබාගන්න අපි පුරුදු වෙලා හිටියත් බොහෝ අය රාහු කාලය අතහැරලා මරු සිටින දිශාව මඟහැරලා ලිතක් බලලා නැකැතක් හොයාගෙන සුබ වැඩකටයුතු පටන් ගන්න අවස්ථාත් නැතිව නෙවෙයි.
ඉතින් එවැනි අයගේ පහසුවට අපි හැම සතියේම සුබ දවස ගැන විස්තරයක් පළ කරන්න හිතුවා. ඒ අනුව ඔබේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු සඳහා හොඳම දවස සහ සුබව නැකැත සමඟ සුබම දිශාව අපි ඉදිරිපත් කරනවා.
මේ උදාවුණු අලුත් සතියේ හොඳම දවස 28 වැනි බදාදා. සතියේ මැද දවස. මෙදිනට මරු සිටින්නේ නිරිත දිශාවෙ. යෝගිනි දකුණ. ඒ අනුව මෙදින කරන කටයුතු සඳහා සුබ දිශාව ලෙස උතුර යොදාගන්න පුළුවන්. සෙනසුරු හිමි පුෂ නැකත පිහිටන මෙදින අටවිසි යෝග අතරින් මාතංග යෝගය උදාවන නිසා ඉතා සුබ දවසක් ලෙස ජ්‍යොතිෂයේ දැක්වෙනවා.
දිනයේ ආරම්භයේ සිටම සුබදායක බව පවතින අතර රාත්‍රි 10.53 දක්වා ඔබගේ කටයුතු සඳහා යොදාගන්න පුළුවන්. ඒ අනුව නිවෙසට ගෙවැදීම ආශ්‍රිත කටයුතු, දරුවන් ඉඳුල් කටගෑමට, කන් විදීමට, අකුරු කියැවීමට, ගිවිසුම් අස්සන් කිරීමට, වෙරහ විහාරාදිය ඉදිකිරීම ආශ්‍රිත කටයුතු මුදල් සම්බන්ධ ගනුදෙනු ආදී වශයෙන් එදිනෙදා සුබ කටයුතු මේ දිනයට යොදාගැනීම මගින් ඉතා ප්‍රතිඵලදායක කරන්න පුළුවන්.
දිනයේ ඕනෑම වෙලාවක මේ කටයුතු ආරම්භ කිරීමට හැකි අතර උදෑසන 6.22ට සහ 9.28ට යෙදෙන නැකැත් ද්විත්වය උතුර දිශාව බලා යොදාගැනීමෙන් වඩාත් ප්‍රතිඵලදායක බව කිව යුතුයි.