• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අපල දුරුකරගන්නෙ හරිම ප්‍රතිකර්මයෙන්ද

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
අපල දුරුකරගන්නෙ හරිම ප්‍රතිකර්මයෙන්ද
Share on WhatsAppShare on Facebook

ඔබ ජ්‍යොතිෂවේදියකු ළඟට ඔබගේ කේන්දරය රැගෙන යන්නේ ඇයි? ඔබ ජ්‍යොතිෂවේදියකුගේ සේවය බලාපොරොත්තු වන්නේ ඇයි?
මේ ලියන මොහොතේ මට ඇසෙන්නේ දොළොස්වැන්නේ රාහු සිටින දරුවකුගේ කේන්දරයක් විද්‍යුත් නාලිකාවක් ඔස්සේ විශ්ලේෂණය කෙරෙන අයුරුය. එම දරුවාට 2016 සිට රාහු මහ දශාව ගතවෙයි. විද්‍යුත් නාලිකාවේ එම කේන්දරය විශ්ලේෂණය කළ ජ්‍යොතිෂවේදියා දුන් පිළියමක් වූයේ වැටකේ පැළයක් සිටුවා එම දරුවා ලවා එම පැළයට සාත්තු සප්පායම් කරවීමය. එම දරුවාගේ උපන් වේලාවට අනුව කේන්දරය සෑදූවිට පැහැදිලිවම පෙනෙන කරුණක් වන්නේ එම දරුවාගේ අධ්‍යාපනයට රාහු බරපතළ ලෙස හරස්කපන බවය. නිවැරැදිවම කියනවා නම් අ.පො.ස. සාමාන්‍ය පෙළින් එහාට තම අධ්‍යාපනය කරගෙන යෑමට රාහු එම දරුවාට කිසිදු ඉඩක් නොදේ. එය කේන්දරයේ පැහැදිලිවම තිබේ. එසේ වූ රාහු ගෙදරම ගෙනත් තියාගන්නා ලෙස එම ජ්‍යොතිෂවේදියා දෙන උපදේශය නිවැරැදිද? ඒ ගැන ඔබගේ අදහස කුමක්ද? ඔබ එම උපදේශය අනුමත කරනවාද?

අපල දුරුකිරීමේ නිවැරැදි ක්‍රමවේදය වසර ගණනාවක් පුරාම මා වරින් වර රටට ඉදිරිපත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ ජ්‍යොතිෂවේදීන් සතුව නොමැති වීම කනගාටුවට කරුණකි. අපල නිවාරණය සඳහා අනුගමය කළ හැකි ක්‍රමවේදයන් රාශියක් තිබේ. ග්‍රහයන් නියෝජනය කෙරෙන විවිධ සංකේතයන් හා ද්‍රව්‍ය හරඹ කිරීමෙන් ග්‍රහ බලපෑම් සමතුලනය කරන ක්‍රමවේදය අප රටේ බොහෝ ජ්‍යොතිෂවේදීන් අනුගමනය කරන ක්‍රමයයි. නමුත් ඒ කිසිවකුට ඔවුන් අපල නිවාරණය සඳහා ජ්‍යොතිෂයේ භාවිත කෙරෙන එම ක්‍රමවේදයේ සූක්‍ෂ්ම මූලධර්මයන් පිළිබඳ නිවැරැදි අවබෝධයක් නැති බව පැහැදිලිය. ප්‍රවීණ යැයි සැලකෙන අති බහුතරයක්ම පාහේ එසේ අවබෝධයක් නැති ගොන්නට අයත් වීම අප රටේ ජ්‍යොතිෂයේ දරුණුම ඛේදවාචකයයි. එම ප්‍රකාශය සාහසික නමුත් එය මා කරන්නේ දැඩි වගකීමෙනි. අප රටේ බොහෝ ජ්‍යොතිෂවේදීන් මාස කිහිපයක ජ්‍යොතිෂ පාඨමාලාවකින් පසු තම ජ්‍යොතිෂ ව්‍යාපාරය ආරම්භ කළ පසු ජ්‍යොතිෂය අධ්‍යයනය කිරීම නවත්වයි. නමුත් එසේ මාස කිහිපයකදී ලබන දැනුම ඔස්සේ අනුන්ගේ දෛවය විසඳීමට යෑම සාපරාධී අපරාධයක් බව කිව යුතු නොවේ. එසේම ගුරුවරු පවසන සියලු දේම කිසිදු වගවිභාගයකින් තොරව, විමසුමකින් තොරව පිළිගැනීමද නුවණට හුරු කරුණක් නොවේ.

යම් යම් අවස්ථාවල විවිධ මාධ්‍ය ඔස්සේ ග්‍රහ අපල පිළිබඳ ඔබව මුළාවට පත්වෙන අදහස් දැක්වෙන අතර, පහතින් මා දක්වන්නේ එවන් කාරණා තර්කානුකූලව ඔබට අවබෝධ කරගත හැකි තොරතුරු කිහිපයකි.

ඔබට සෙනසුරුගේ අපලයක් ඇති අවස්ථාවකදී වැඩි වශයෙන් නිල් පැහැයට හුරු ඇඳුම් ඇඳීමට යමෙක් උපදෙස් දීම සාපරාධී ක්‍රියාවකි. එය කිසිසේත්ම සුබඵල දෙන ක්‍රියාවක් නොව සෙනසුරුගේ ග්‍රහණයේ ඔබව තව තවත් හසුකරවන උගුලක් පමණි. ඒ නිල් පැහැය සෙනසුරුව නියෝජනය කරමින් සෙනසුරුව තව තවත් බලවත් කරන බැවිනි. එබැවින් නිල් පැහැති මල් පූජාකිරීම සෙනසුරුගේ අපලයක් ඇති අවස්ථාවකදී කළ හැකි සාර්ථක ප්‍රතිකර්මයකි. එහෙත් එයද හැම දෙනාටම සුදුසු වන්නක් නොවේ. එම නිල් මල් පූජා කළ යුතුද නැතිනම් වෙනත් කුමක් හෝ කළ යුතුද යන්න ඔබේ කේන්දරය අනුව වෙනමම සොයාබැලිය යුතු වෙයි.

ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා අපල කරන්නෙක් නම් සඳුගේ නියෝජනය වන සුදු පැහැති ඇඳුම් වැඩි වශයෙන් ඇඳීම එම අපල තව තවත් තීව්‍ර කරවයි. එසේම සඳුගෙන් අපල තිබෙන විට සඳුගේ නියෝජනය වන මුතු ඇටය හා රිදී ලෝහයද එම අපලය ඇතිකරලීම සඳහා සඳුට තව තවත් ශක්තිය ලබාදෙයි.

ඔබේ කේන්දරයේ අඟහරු ග්‍රහයා තදබල ලෙස ඔබට අපල ඇතිකරන තත්ත්වයේ හිඳී නම් ඔහුගේ නියෝජනය වන රතු පැහැය ඇති ඇඳුම් පැලඳුම්වලට මුල්තැන දීමෙන් සිදුවන්නේ අඟහරුගේ ග්‍රහණයට ඔබ තව තවත් නතුවීමය. එසේම රතු මැණික් පැලඳීමෙන් සිදුවන්නේද අඟහරුගේ බලය තව තවත් වැඩිකිරීමය. ඔබ අඟහරුගෙන් අපල තිබෙන අයෙක් නම් රතු මැණික් පැලඳීම යනු එම අපලයෙන් ඔබව පීඩාවට පත්කිරීම සඳහා අඟහරුට ඔබම සහාය වීමකි. රත් පැහැති මල් වර්ග හා වෙනත් දේ පූජා කිරීම අඟහරුගේ අපල ඇති විට කළ හැකි නමුත් පූජා කරනවාද නැතිනම් එම දේවල්වලට වෙනත් කුමක් හෝ කරනවාද යන්න ඔබේ කේන්දරය බලා තීරණය කළ යුතු කාරණාවකි.

ඔබේ කේන්දරයේ අපල ඇතිකරන ග්‍රහයන්ගේ ගොඩට බුධ ග්‍රහයාද ඇතුළත් නම් කොළ පැහැති ඇඳුම් පැලඳුම්වලින් දුරින් දුරු වී සිටීම ඔබට ගුණදායකය. එසේම පච්ච මැණික් ගල් වැනි බුධගේ තදබල නියෝජනයන්ගෙන්ද හැකිතාක් ඈත් වී සිටිය යුතු වෙයි.
සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ තැන්පත් වී සිටින්නේ ඔබට අපල ගෙනදෙන ආකාරයෙන් නම් සිකුරුගේ නියෝජනය වන සුදු පැහැ ඇඳුම් ඇඳීම අවම කළයුතු වෙයි. එසේම ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා අයහපත් නම් දියමන්ති හෝ සුදු නිල් පැලඳීමෙන් වන්නේ ඔබ ඔබවම විනාශ කරගැනීමකි.

ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ අපල ඇති කරන්නකුගේ තත්ත්වයට පත්ව සිටී නම් ඔහුගේ නියෝජනය වන කහ හෝ රන්වන් වර්ණයන්ගෙන් ඔබ හැකිතාක් දුරුවී සිටිය යුතු වෙයි. එසේම ගුරුගේ නියෝජනයන් වන පුෂ්පරාග හෝ රන් ලෝහයද ගුරුගේ බලපෑම තව තවත් බලවත් කරන බැවින් ඔබේ කේන්දරයේ ගුරු අපල කරන්නෙක් නම් එම මැණික් හෝ ලෝහ පැලඳීමෙන් ඔබ කරන්නේ ගුරුට තම අපලය ඔබ මත පැටවීමට තව තවත් අනුබල ලබා දීමයි.

ඉහත මා සඳහන් කළ කරුණු අවබෝධ කර ගැනීමට ඔබට හැකි නම් ග්‍රහ අපල නිවාරණයට අනුගමනය කළ යුතු සරල මූලධර්මය ඔබට පහසුවෙන්ම අවබෝධ කරගත හැකි වනු ඇත. මා ඔබව නිතරම උනන්දු කරවන්නේ ජ්‍යොතිෂය සම්බන්ධ ඔබට අසන්නට, දකින්නට ලැබෙන කරුණු කාරණා හැමවිටම තර්කානුකූලව සිතා බලා අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමටය. එසේ වන විට වැරදි තොරතුරුවලින් ඔබව මුළා කිරීම අපහසු වනු ඇත. ඔබට අපල කරන ග්‍රහයා හැකි හැම උත්සාහයක්ම දරන්නේ ඔබව එම අපලයේ කොටුකර තබාගැනීමටය. ඔබට අපල කරන සිකුරු ග්‍රහයා ජ්‍යොතිෂවේදිනියකගේ වේෂයෙන් පැමිණ ඔබට සුදු ඇඳුම් අඳින ලෙසට, දියමන්ති හෝ සුදු නිල් පලඳින ලෙසට උපදෙස් දෙනු ඇත. ඒ ඔබව තම අපලයේ සිරකර තැබීමටය. එය අවබෝධ කරගන්න
ජ්‍යොතිෂවේදී ජනක බණ්ඩාර නවරත්න

SendShareShare
Previous Post

යන එන මගතොට අසුබ පෙරනිමිති

Next Post

රාජයෝග පිහිටි මීළඟ නායකයා කවුද

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.