• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අලුත් අවුරුද්දේ අලුත් බිස්නස් එකට සුබ නමක්

January 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අලුත් අවුරුද්දේ අලුත් බිස්නස් එකට සුබ නමක්
Share on WhatsAppShare on Facebook

ව්‍යාපාරයකට සුබ නමක් තැබීම මඟින් එය දියුණු වන බව අද බොහෝ දෙනා නොදනිති. සුබ නැකැතකට ව්‍යාපාරයක් පටන්ගත් පමණින් ව්‍යාපාරයක් දියුණුවට පත්නොවෙයි. වර්තමානයේ ව්‍යාපාර දෙස බලන විට නොයෙකුත් විදියේ ව්‍යාපාර නාම දක්නට ලැබෙයි. ව්‍යාපාරයකට පමණක් නොව පුද්ගලයකුට නමක් දමන විට පවා එය කල්පනාවෙන් කළ යුතුය. ආවාට ගියාට ව්‍යාපාරයකට නමක් දැමීම අසුබය. නමක් සුබ වූ විට එය කියවන වාරයක් පාසා සුබ ප්‍රතිඵල ලැබෙනු ඇත. නම අසුබ වුවහොත් එම නම කියවන වාරයක් පාසා අසුබ ප්‍රතිඵල ලැබෙනු ඇත.
තමා උපන් නැකැතට අනුව සුබ අක්‍ෂරයක් තෝරා ගෙන ව්‍යාපාරයට නම තැබිය යුතුය. ව්‍යාපාර නාමය අසුබ වුවහොත් ව්‍යාපාරය දිගටම කරගෙන යන්නට බැරි වෙයි.

ව්‍යාපාරයකට සුබ නමක් තබන විට එය සුබ ගණයකට අනුව තැබිය යුතුය. එම සුබ ගණ වනුයේ දිව්‍ය ගණය, භූමි ගණය, ජල ගණය හා චන්ද්‍ර ගණය. අසුබ ගණ වශයෙන් සලකණු ලබන්නේ, වායු ගණය, ගිනි ගණය, ආකාශ ගණය හා සූර්ය ගණයයි. නමුත් අසුබ ගණවලට පවා නම් තබන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් ගිනි ගණය ගන්නට පුළුවන. බේකරි නිෂ්පාදන ආයතනයකට නමක් තබන විට ගිනි ගණය ගන්නට පුළුවන.

එසේම පංච පක්‍ෂි ක්‍රමයට අනුවද ව්‍යාපාරයට නම තැබිය යුතුය. තමාගේ ජන්ම නැකැතට අනුව ජන්මියාට අයිති වන පක්‍ෂියා දැන ගන්නට පුළුවන. මෙහිදී තමාගේ නමේ මුල් අකුරද ව්‍යාපාරයට දමන නාමයේ මුල් අකුරද සතුරු නොවිය යුතුය. මෙහිදී සතුරු නොවන පක්‍ෂීන්ට අයිති අකුරකින් තම ව්‍යාපාරයට නම තැබිය යුතුය.

ඔබ ව්‍යාපාරයට තබන නමේ අගයක්ද ඇත. අංක විද්‍යාවට එම නම සුබද අසුබද බැලිය යුතුය. එම නමේ අගය සුබ ග්‍රහයකුට අයිති විය යුතුය. එහිදී අසුබ ග්‍රහයකුට අයිති අගයකින් තම ව්‍යාපාරයට නම නොයෙදිය යුතුය. නමුත් ආගමික සංවිධානයකට නමක් තබන විට සෙනසුරුට අයිති අගයෙන් නම තබන්නට පුළුවන. ජ්‍යොතිෂ ආයතනයකට හෝ ගුප්ත විද්‍යා ආයතනයකට නමක් තබන විට කේතුට අයිති අගයෙන් එම නම තබන්නට පුළුවන.

ව්‍යාපාර නාමය කාටත් මතක තබා ගැනීමට මෙන්ම කියැවීමට පහසුකමක්ද විය යුතුය. අද බොහෝ ව්‍යාපාර නාම දෙස බලන විට සමහර ව්‍යාපාර නාම කියාගන්නටද බැරිය. එම නාමයන් සුබ ගණවලට පමණක් තබා ඇති බව පෙනේ. එම ව්‍යාපාරවල නමේ අර්ථයක්ද නැත. එසේ නම තැබීමෙන් ව්‍යාපාරයට යහපතක් ඇති නොවෙයි.
තමාගේ පවුලේ අයකුගේ නමක්ද ව්‍යාපාරයට තබන අවස්ථා ඇත. එසේ නැතිනම් තමාගේ නම ව්‍යාපාරයට තබන අවස්ථාද ඇත. එසේ නම තබන විට එම නමේ මුල් අක්‍ෂරය තමාගේ ජන්ම නැකැතට ගැළපෙනවා දැයි බැලිය යුතුය.

තවද ව්‍යාපාරවලට නම තබන විට ව්‍යාපාරයේ ස්වභාවය අනුවද එම නම සුදුසුද කියා තීරණය කළ යුතුය. දෙවි දේවතාවුන්ගේ නම්ද ව්‍යාපාරවලට දමා ඇත. උදාහරණ ලෙස සරසවි, සරස්වතී යන නාම ගන්නට පුළුවන. මස් කඩයකට හෝ අවමංගල්‍ය සේවා සපයන ආයතනයකට මෙම නම් දැමීම සුබ නැත.

ව්‍යාපාරයකට තබන නම සිද්ධි චක්‍රයට අනුව ගැළපෙනවද බැලිය යුතුය. මෙසේ නම තෝරා ගත්තාට පමණක් මදිය. මෙම නම කාටත් පෙනෙන පරිදි නාම පුවරුවකට ඇතුළත් කළ යුතුය. මෙම නාම පුවරුවට ඇතුළත් කළ යුතු වර්ණ ගැනද නාම පුවරුවේ දිග, පළල ගැනද සැලකිලිමත් විය යුතුය.

තමාගේ ලග්නයට ගැළපෙන ජය වර්ණ අනුව නාම පුවරුවට ගැළපෙන වර්ණ තෝරාගත යුතුය. නාම පුවරුවේ දිග, පළලද, ව්‍යාපාරයේ පවතින ඉඩකඩ අනුව තීරණය කළ යුතුය. දිග, පළලද ගැළපෙන අනුපාතයකට ගත යුතුය. මෙසේ සාදාගත් නාම පුවරුව කාටත් පෙනෙන ලෙස ව්‍යාපාරය ඉදිරියේ සවිකර ගන්න.
ජ්‍යොතිෂවේදී එස්.එම්. ගුණවර්ධන

SendShareShare
Previous Post

චිත්‍රාල් ඇත්ත හෙළිකරයි

Next Post

දිනේෂ්ට-‌ජොනීට-ගයන්තට ‌ලොකු පුටු

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.