පසුගිය සති කිහිපය පුරා කලා ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වුණු සිදුවීම වූයේ මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවකින් සංවිධානය කළ ඩිනර් ඩාන්ස් අවස්ථාවක ගීත ගායනයට සහභාගි වූ ප්‍රවීණ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල මහතා මුහුණ දුන් කනගාටුදායක අත්දැකීම සම්බන්ධවයි. මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර කතාබහ පැතිර යන මොහොතක හරි ටී.වී. යූ-ටියුබ් නාළිකාව මෙහි සත්‍ය අසත්‍යතාවය විමසීමට ලක්කරමින් චිත්‍රාල් සෝමපාල මහතාව සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කරගෙන තිබුණා. මේ එම සංවාදයේදී ලහිරු මුදලිගේ චිත්‍රාල් සෝමපාල මහතා සමඟ කළ සංවාදයයි.
ගොඩාක් කට්ටිය බනිනවා, සමහරු කියනවා පොලිටිකල් ගෑවිලා තිබුණා කියලා. තව සමහරු කියනවා ඔබ බීලා හිටියා කියලා. ඇත්තටම මොකද්ද වුණේ?
ඔය කියපු කිසිම දෙයක් එතැන වුණේ නැහැ. එතැන වුණේ ගැටලුවක්. මම සාමාන්‍යයෙන් ක්රවුඞ් එකත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් මම එදත් ක්රවුඞ් එකට බැහැලා හිටියේ. ඒ වෙලාවේ එක්කෙනෙක් ඇවිල්ලා මගේ පස්ස මිරිකුවා. තවත් එක්කෙනෙක් මැද ඇඟිල්ලක් දික්කරගෙන හිටිය. මං ඒ වෙලාවේ කිව්වා අපි වැදගත් විදියට ජීවත් වෙන්න ඕන කියලා. ඒ වෙලාවේ මට පොඞ්ඩක් තරහ ගිහින් මම කිව්වා කොලුකාරයෙක් හොයා ගන්න ඕනනම් ගිහින් කොලුකාරයෙක් හොයාගන්න කියලා. එච්චරයි කිව්වේ. ඇත්තටම මගේ මූඞ් එක කෑවා එතැනදී. ඒ නිසා මං මයික්‍රෆෝන් එක විසිකරලා දාලා එළියට ගියා.
ඔබව ඔය විදියට අපහසුතාවට පත්කළේ බැංකුවේ කෙනෙක්ද?
ඔව්. එතැන කිහිපදෙනක්ම හිටියා.
ඔබ ජනාධිපතිතුමාට බැන්නා කියලා කට්ටිය කියනවා. ඔබ වගකීමෙන්ද කියන්නෙ එහෙම වුණේ නැහැ කියලා?
ඔව්. මම වගකීමෙන් කියන්නේ. ඇත්තටම මට හරිම කනගාටුයි. අද ඉන්න මේ මිනිසුන්ගෙ හැසිරීම ගැන. අනෙක ඒ මනුස්සයා මට මොනවද කරලා තියෙන්නේ. මං මොනවද ඒ මනුස්සයට කරලා තියෙන්නෙ. මං මොකටද ඒ මනුස්සයට බනින්නේ. මෙතැන තියෙන්නෙ මඩ ගැසීමක්. මං ජාතිවාදයට කැමැති නැහැ. මං එදත් කිව්වා, අපි ශ්‍රී ලාංකිකයෝ, එච්චරයි. ඔය බැංකුවේ අයම මට කෝල් කරලා කිව්වා ඔබතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ. මේක දාපු මනුස්සයා සම්පූර්ණයෙන්ම ඔබතුමාත් එක්ක වෛරයක් තියෙන නිසා තමයි ඔය විදියට මඩක් ගැහුවේ කියලා.
මේ සිදුවීමේ වීඩියෝවෙන් සුළු කොටසයි සමාජ මාධ්‍යයේ තියෙන්නේ?
ඒකනේ. මං කියන්නේ ඔතැන ඔච්චර කැමරා තිබුණ නම් සම්පූර්ණ වීඩියෝ එකම දාන්න කියලා. කවුරුත් දාන්නේ නැහැ. මොකද මුං දන්නවා මුං කළේ වැරැද්දක් කියලා.
මෙතැන ඇවිත් හිටපු අය මේක වීඩියෝ කළේ නැද්ද?
මං දැක්කා වීඩියෝ කරනවා. අනෙක් එක මගේ රොක් සංගීතය එයාලට ගැළපෙන්නෙ නැත්නම් මාව ගන්න ඕන නැහැනේ. මං බලෙන් යනවා නෙවෙයිනේ. නමුත් කනගාටුයි, අපේ මිනිස්සු බිව්වට පස්සෙ හැසිරෙන්න දන්නෙ නැහැ. මං කැමැතිම නැති දෙයක් තමයි මිනිස්සු මාව අල්ලන එකට. මං ඒ වෙලාවෙත් කිව්වා එහෙම කරන්න එපා කියලා. හැබැයි බැංකුවේ අයම ඊට පසු කෝල් කරලා කිව්වා අපට සමාවෙන්න අපේ එක්කෙනෙක් කරපු වරදට කියලා.
බොහෝ දෙනෙක් වීඩියෝ එක බලලා කියන දෙයක් තමයි චිත්‍රාල් සෝමපාල අම්බානකට බීලා හිටියේ කියලා.?
ඔය සේරම අපහාස තමයි කරන්නේ. ඕවා ජඩ වැඩ. ඕවා තමයි නවතින්න ඕන. කුහකකම, ඊර්ෂ්‍යාව ඔතැන තියෙන්නෙ. අනෙක ගල්ගෙඩියක් වගේ ඉඳලා සින්දු කියන්නෙ නැහැ මම.
ඇයි මේ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝ එක එළියට එන්නේ නැත්තේ?
ඒක තමයි කියන්නෙ. එතැන තියෙන්නේ කුහකකම. මම දකින විදියට මේවා හැම තැනම වෙනවා. අනෙක් කලාකරුවන්ටත් වෙලා ඇති. මට හුඟක් කලාකරුවෝ කෝල් කළා මේ සිද්ධියෙන් පස්සෙ. ලංකාවේ මටත් වඩා ඉහළින් ඉන්න මිනිස්සු මට කිව්වා චිත්‍රාල් අපි ඔබට සහයෝගය දෙනවා කියලා. මොකද අපිටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. නමුත් ඉස්සරහට මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා කියලා.
ඔබ කලකිරිලද ඉන්නේ?
ඔව්. හැබැයි මාව සලන්න බැහැ කාටවත්. මොකද මං සිංහලෙන් විතරක් නෙවේ සින්දු කියන්නේ. මම ඉංග්‍රීසියෙනුත් සින්දු කියනවා. මට ලෝකෙ වටේ ඕන තැනක ගිහිල්ලා සින්දු කියන්න පුළුවන්. අනෙක් එක ලංකාවේ ඔය අනංමනං ගහන කලාකරුවොත් ඉන්නවා. ඒවා අද හුඟාක් වැඩිවෙලා තියෙන්නේ. අයිස් ගහනවලු, අරක ගහනවලු, මේක ගහනවලු. හැබැයි මං බියර් එකක් බොනවා, වයින් වීදුරුවක් බොනවා. විස්කි වීදුරුවක් බොනවා. මේක අපේ ෂෝසල් ලයිෆ් එක. ඒක තියෙන්න ඕන මනුස්සයෙක්ගේ. මේ සිදුවීම ගැන මං ඉන්නෙ කලකිරීමෙන්. මේවා කරපු මිනිස්සු ගැන දෙවියො බලාගනීවි.
මොනවද අවසන් වශයෙන් කියන්න තියෙන්නේ?
පුළුවන් නම් සම්පූර්ණ වීඩියෝ එක හොයාගෙන බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනෙක් එක වෙන කලාකරුවන්ට මේ වගේ සිද්ධි වෙන්න එපා කියලා තමයි මං කියන්නේ.











