• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ගැලවුම්කාර මෝදිගෙන් අපට පුනර්ජනනීය බලශක්තිය…

September 4, 2022
in Politics
Reading Time: 4 mins read
A A
ගැලවුම්කාර මෝදිගෙන් අපට පුනර්ජනනීය බලශක්තිය…
Share on WhatsAppShare on Facebook

“ක්‍රීඩා පිටියේ බෝලය තියෙන්නේ ශ්‍රී ලංකා පිලේ මිස චීන පිලේ නොවන බව චීන තානාපති කාර්යාලයීය ප්‍රකාශකයෙක් කියයි. අපි අපේ මුදල් ඇමැතිවරයාට යෝජනා ඉදිරිපත් කළත් මෙතෙක් සාර්ථක පිළිතුරක් නෑ” හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කෙළෛ්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ලියකියවිලි සැකසීමේදී ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට ශ්‍රී ලංකාව චීනයට දැඩිව අවධාරණය කරනවා.

එහෙත් සෙල්ලම් කිරීමේ “බෝලෙ” තියෙන්නෙ ලංකාව පැත්තෙ මිසක් අපේ පැත්තේ නෙමෙයි.
චීන තානාපති කාර්යාලයීය ප්‍රකාශකයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වන ඩේලි මිරර් පුවත්පත එසේ සඳහන් කර තිබේ.

එකී පුවත්පතේ උපුටනයේ සඳහන් පරිදි චීනය මීට පෙර ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට තුන්වරක් දුරකතනයෙන් කතාකර තිබේ. ඒ, චීන බැංකු සමග ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමටය. ඒ අවස්ථාවේ දී චීන අගමැති ලී කෙකියෑං එවකට මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගද සාකච්ඡා කර තිබේ.

ඊට පෙර මුදල් ඇමැතිවැ සිටි රනිල් වික්‍රමසිංහ මහතාද ණය ප්‍රතිව්‍යුහගතකර දෙන ලෙසට චීන රජයෙන් ඉල්ලා තිබේ.

“අපි චීන රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුම් දුන්නා. සියලු ණය ගැතියන් එකම ලේඛනයක අස්සන් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා” යැයි රනිල් වික්‍රමසිංහ මහතා Nekkei Asia මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කර ඇති බව ඩේලි මිරර් පුවත්පත සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිහ මහතා විසින් චීනයට කරන ලද ඉල්ලීමත්, විදේශ සංචිත ඌනතාව නිසා රටේ උද්ගතව ඇති ආර්ථික දුෂ්කරතාවත් මැද්දේ මුදල් ඇමැතිවරයා වශයෙන් රට ගොඩනැගීමේ අසීරු තත්ත්වයත් පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ The morning පුවත්පතේ පළකෙරී තිබේ. මේ නිසා ජනාධිපතිවරයාට ඉතා බැරෑරුම් තත්ත්වයකට මුහුණදීමට සිදුවී ඇති බවද පැවැසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන අන්දමට ශ්‍රී ලංකාව ඇති ද්විපාක්‍ෂික ණය ප්‍රමාණය 2020 අවසානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6.2ක් බවටDaily Mirror පුවත්පත වාර්තා කර ඇත්තේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් නිකු් කළ වාර්තාවක සඳහන් අන්දමට චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික වාසනා Shape කර ඇත්තේලු.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඩොලර් බිලියන ගණනාවක ණය පහසුකම් සැපයීමට ණයවල ස්ථාවරත්වය පිළිබඳ වගකීමේ අවශ්‍යතාවක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් ඒ අරමුදලේ නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රටේ පවත්නා ආර්බුදය ගැන සාකච්ඡා කිරීමටද, ඒ අතරතුරේ මහ බැංකුවේ ප්‍රධානීන් හමුවී තාක්‍ෂණික කරුණු ගැන සාකච්ඡා කිරීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් ඉන්දියාව ඩොලර් බිලියන හතරක් සපයා තිබේ. ඩොලර් බිලියන දාහතරක විදේශ බැඳුම්කර ණයද ශ්‍රී ලංකාවට මේ වන විට මහත් බරක් වී තිබේ.

ශ්‍රී ලංකාව තම අසල්වැසියා වශයෙන් සලකන භාරත අගමැති නරේන්ද්‍ර මෝදි මිතුරාට අත දුන් ප්‍රමුඛයාණෝය.

ශ්‍රී ලංකාව සහාය පැතූ විටම භාරතය නොවළහා ඊට ප්‍රතිචාර දක්වමින් දුෂ්කරතාවෙන් ගොඩ එන්නට අත දුන් අයුරු පමණක් නොව මේ ආර්ථික දරිද්‍රතාවෙන් අතමිදීම සඳහා පුනර්ජනනීය බලශක්තියද ඇතුළුව යටිතල පහසුකම් සැපයීමට අගමැති මෝදි සූදානම් බව ANI ප්‍රවෘත්ත්ති සේවය කියයි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

නිපුණතා සංවර්ධනයට භාරතය ඔස්ට්‍රේලියාව සමඟ එකඟතාවයකට…

Next Post

මහජන බැංකුවේ හයිඩ් පාක් කෝනර් ශාඛාව නව පරිශ්‍රයකට…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.