දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ජනතාවට වන්දි ලබාදීමට හා විනාශ වී ගිය පොදු දේපළ යළි ගොඩනැගීමට ආරම්භ කරනු ලැබූ රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට එකතු වූ මුදල් කිසිවක් මේ වනතෙක් වියදම් කොට නොමැති බව මුදල් කමිටුවේදී අනාවරණ විය.Sri Lanka Latest News
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති මුදල් කමිටු රැස්වමේදී විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ බව අනාවරණ කරනු ලැබීය.
එහිදී ඔවුන් කියා සිටියේ රී බිල්ඩින් ශ්‍රී ලංකා නමින් අරමුදලක් හෝ නොමැති බවත්, එම අරමුදලට එකතු වූ මුදල් තවමත් මහා භාණ්ඩාගාරයේ පවතින බවත්ය.










