“ක්‍රීඩා පිටියේ බෝලය තියෙන්නේ ශ්‍රී ලංකා පිලේ මිස චීන පිලේ නොවන බව චීන තානාපති කාර්යාලයීය ප්‍රකාශකයෙක් කියයි. අපි අපේ මුදල් ඇමැතිවරයාට යෝජනා ඉදිරිපත් කළත් මෙතෙක් සාර්ථක පිළිතුරක් නෑ” හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කෙළෛ්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ලියකියවිලි සැකසීමේදී ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට ශ්‍රී ලංකාව චීනයට දැඩිව අවධාරණය කරනවා.
එහෙත් සෙල්ලම් කිරීමේ “බෝලෙ” තියෙන්නෙ ලංකාව පැත්තෙ මිසක් අපේ පැත්තේ නෙමෙයි.
චීන තානාපති කාර්යාලයීය ප්‍රකාශකයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වන ඩේලි මිරර් පුවත්පත එසේ සඳහන් කර තිබේ.
එකී පුවත්පතේ උපුටනයේ සඳහන් පරිදි චීනය මීට පෙර ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට තුන්වරක් දුරකතනයෙන් කතාකර තිබේ. ඒ, චීන බැංකු සමග ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමටය. ඒ අවස්ථාවේ දී චීන අගමැති ලී කෙකියෑං එවකට මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගද සාකච්ඡා කර තිබේ.
ඊට පෙර මුදල් ඇමැතිවැ සිටි රනිල් වික්‍රමසිංහ මහතාද ණය ප්‍රතිව්‍යුහගතකර දෙන ලෙසට චීන රජයෙන් ඉල්ලා තිබේ.
“අපි චීන රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුම් දුන්නා. සියලු ණය ගැතියන් එකම ලේඛනයක අස්සන් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා” යැයි රනිල් වික්‍රමසිංහ මහතා Nekkei Asia මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කර ඇති බව ඩේලි මිරර් පුවත්පත සඳහන් කර තිබේ.
රනිල් වික්‍රමසිහ මහතා විසින් චීනයට කරන ලද ඉල්ලීමත්, විදේශ සංචිත ඌනතාව නිසා රටේ උද්ගතව ඇති ආර්ථික දුෂ්කරතාවත් මැද්දේ මුදල් ඇමැතිවරයා වශයෙන් රට ගොඩනැගීමේ අසීරු තත්ත්වයත් පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ The morning පුවත්පතේ පළකෙරී තිබේ. මේ නිසා ජනාධිපතිවරයාට ඉතා බැරෑරුම් තත්ත්වයකට මුහුණදීමට සිදුවී ඇති බවද පැවැසේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන අන්දමට ශ්‍රී ලංකාව ඇති ද්විපාක්‍ෂික ණය ප්‍රමාණය 2020 අවසානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6.2ක් බවටDaily Mirror පුවත්පත වාර්තා කර ඇත්තේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් නිකු් කළ වාර්තාවක සඳහන් අන්දමට චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික වාසනා Shape කර ඇත්තේලු.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඩොලර් බිලියන ගණනාවක ණය පහසුකම් සැපයීමට ණයවල ස්ථාවරත්වය පිළිබඳ වගකීමේ අවශ්‍යතාවක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් ඒ අරමුදලේ නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රටේ පවත්නා ආර්බුදය ගැන සාකච්ඡා කිරීමටද, ඒ අතරතුරේ මහ බැංකුවේ ප්‍රධානීන් හමුවී තාක්‍ෂණික කරුණු ගැන සාකච්ඡා කිරීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් ඉන්දියාව ඩොලර් බිලියන හතරක් සපයා තිබේ. ඩොලර් බිලියන දාහතරක විදේශ බැඳුම්කර ණයද ශ්‍රී ලංකාවට මේ වන විට මහත් බරක් වී තිබේ.
ශ්‍රී ලංකාව තම අසල්වැසියා වශයෙන් සලකන භාරත අගමැති නරේන්ද්‍ර මෝදි මිතුරාට අත දුන් ප්‍රමුඛයාණෝය.
ශ්‍රී ලංකාව සහාය පැතූ විටම භාරතය නොවළහා ඊට ප්‍රතිචාර දක්වමින් දුෂ්කරතාවෙන් ගොඩ එන්නට අත දුන් අයුරු පමණක් නොව මේ ආර්ථික දරිද්‍රතාවෙන් අතමිදීම සඳහා පුනර්ජනනීය බලශක්තියද ඇතුළුව යටිතල පහසුකම් සැපයීමට අගමැති මෝදි සූදානම් බව ANI ප්‍රවෘත්ත්ති සේවය කියයි.
චන්ද්‍රසේන මාරසිංහ