• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

June 6, 2026
in Heart
Reading Time: 4 mins read
A A
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු චරිතයක්. ගීතයේ සුවඳත්, කලාවේ රසයත් උරුමයෙන් ලැබූ සත්සරණි බණ්ඩාර දැන් ටීවී දෙරණ ඔස්සේ විකාශය වන ‘කොළඹ කට්ටිය’ හරහා ඇගේ ස්වර මාධූර්යය පෙන්වමින් යන ගමනේදී ‘මව්රට’ ‘හාට්’ අපි ඇයටත් ඉඩක් වෙන් කළා.Sri Lanka Latest News

‘අජිත් බණ්ඩාරගේ දුව’ කියන හැඳුනුමත් එක්ක කලාවට ආපු ඔබ ගැන හැඳින්වීමක් කරමු. මේ දිනවල ටෙලි තිරය හරහා කරගෙන යන වැඩ මොනවද?
මම සත්සරණි බණ්ඩාර. අජිත් බණ්ඩාරගේ දුව කිව්වාම තමයි බොහෝ දෙනා හඳුනන්නේ. කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. මේ දිනවල ටීවී දෙරණේ විකාශය වන ‘කොළඹ කට්ටිය’ ඩ්‍රාමා එකේ රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව අරුණ ජයවර්ධන අංකල්ගේ විකාශය වීමට නියමිත මාරම්බරී, රෝස වෙඩිල්ල නාට්‍යයවලට සම්බන්ධ වෙලා ඉන්නවා.
සත්සරණි කොළඹ කෙනෙක්ද?
නෑ. මගේ ගම සහ පදිංචිය කුරුණෑගල.
කොළඹට එන්න අදහසක් නැද්ද?
කොළඹ පදිංචි වෙන්න ලොකු ආසාවක් නැහැ. හේතුව බිසී ලයිෆ් එකක්නේ කොළඹ තියෙන්නේ. ඒත් මගේ ගම හරිම නිදහස්. ඉස්සරහට වැඩකටයුතු එක්ක කාර්යබහුල වුණෝතින් තමයි තීරණය කරන්න වෙන්නේ කොළඹට එනවද කියන එක.
රියැලිටි වේදිකාව ජයගන්න ඔබට හැකි වුණා?
2018 දී හිරු නාලිකාවෙන් කරපු හිරු සුපර් හීරෝ රියැලිටි වැඩසටහනේදී බෙස්ට් ඇක්ට්‍රස් සහ හිරු සුපර් ඩාන්සර් දිනාගැනීමට හැකි වුණා. ඉන් පසු හිරු නාලිකාවේ ටෙලි ෆිල්ම්ස් ගණනාවකම රඟපෑවා.
චිත්‍රපටවලට අවස්ථාව ලැබුණේ නැද්ද?
ෆිල්ම්ස් දෙකක් දැනට කරලා තියෙනවා. බොහෝවිට ජූලි මාසයේ පමණ තිරගත වේවි.
හැදෑරීමක් ඇතුවද මේ ක්ෂේත්‍රයේ ඉන්නේ?
මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංගන පාසලට සම්බන්ධ වෙලා සර් යටතේ රංගනය පිළිබඳ හැදෑරීම් කළා. සර්ගේ මගපෙන්වීම් හා ගුරුහරුකම් නිසා වැඩ ගොඩකට සම්බන්ධ වෙන්න හැකි වුණා.

රංගනයෙන් දායක වුණු නාට්‍ය ගැන කිව්වොත්?
මගේ පළමු නාට්‍යය මාරම්බරී. මහේන්ද්‍ර පෙරේරා සර් තමයි මාව ඊට යොමුකළේ. ඉන් පසු රෝස වෙඩිල්ල නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා.
විකාශය වුණේ ‘කොළඹ කට්ටිය’ නේද?
ඔව්. මම රඟපාපු නාට්‍යවලින් මුලින්ම විකාශය වුණේ කොළඹ කට්ටිය නාට්‍යය තමයි.
‘කොළඹ කට්ටිය’ නාට්‍යයේ චරිතයක් ලැබීම ගැන සත්සරණි ඔබට මොකද හිතෙන්නේ?
මගේ ලොකු හීනයක් තමයි සද්ධා සර් සහ ශිවා සර්ගේ නිර්මාණයකට සම්බන්ධ වෙන එක. ඒ හීනේ මට හැබෑ කරගන්න අද වෙනකොට හැකිවෙලා තිබීම ගැන මාරම සතුටුයි. සද්ධා සර්ම කතා කරලා චරිතය ගැන කියලා කරන්න පුළුවන්ද කියලා අහලා මාව විශ්වාස කරලා චරිතයක් මට බාර කළා කියන්නෙම මම ගිය ආත්මේ කරපු ලොකු පිනක්.
අප්පච්චි එක්ක සින්දුවක් කරන්න අදහසක් නැද්ද?
මම අප්පච්චි එක්ක අප්පච්චිගේ පරණ සින්දුවකට කවර් එකක් කරලා රිලීස් කළා. නමුත් අප්පච්චියි මමයි එකට ඔරිජිනල් සින්දුවක් කරන්න නම් තවම අදහසක් නැහැ. නමුත් ආර්යන් ප්‍රඩක්ෂන් සමග එක්වෙලා මම තනියම ගීතයක් කරලා තියෙන්නේ. ළඟදීම ඒක රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා.
මේ හැකියාවන් සත්සරණිට කොහොමද ලැබුණේ?
මම හිතන්නේ ගීත ගායනා කිරීම මට උපතින්ම මගේ අප්පච්චිගෙන් හිමිවුණු දෙයක්. නර්තනය හා රංගන හැකියාව මට අම්මාගෙන් ලැබුණු දෙයක්. අපේ අම්මගේ පොඩි කාලේ හීනේ වුණේ රංගන ශිල්පිනියක් වීම. එයාගෙ ඒ හීනේ මම තුළින් එයා බලාපොරොත්තු වුණා. මම හිතන්නේ මේ හැම හැකියාවක්ම එයාලගෙන් මට ආපු දේවල් කියලා.
ජීවිතේ ලොකුම අභියෝගයක් වුණේ මොකක්ද?
මගේ ජීවිතේ ලොකු අභියෝගයක් වුණේ හිරු සුපර් හීරෝ තරගාවලිය තමයි. මට හොරෙන් අපේ අම්මා තමයි ඊට අයැදුම් කළේ. ඉස්සෙල්ලාම කැමරාවක් ඉදිරියේ අපේ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සර්, ස්වර්ණා මල්ලවාආරච්චි මැඩම්, චන්න පෙරේරා සර් වගේ අය විනිසුරුවන් ලෙස හිටපු තරගාවලියක රඟපාපු එකම මට ලොකු අභියෝගයක්. දැන් මගේ ලොකුම අභියෝගය තමයි ‘කොළඹ කට්ටිය’ නාට්‍යයේ චරිතය සාර්ථකව නිමාකිරීම.
පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන්ගේ ප්‍රතිචාර කොහොමද?
අම්මාගෙන් සහ අප්පච්චිගෙන් ලැබෙන සහයෝගය මට වචනවලින් කියන්න බැහැ. එයාලා නැත්නම් මට මේ කිසි දෙයක් කරගන්න බැහැ. ප්‍රතිචාර අතින් ගත්තම යාළුවෝ නම් එයාලගේ විදිහට මට කියන්නේ ‘උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි’ කියලා. ඊට අමතරව නෑදෑයන් සහ ගමේ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
අනාගත බලාපොරොත්තු?
කලාව පැත්තෙන් ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
රඟපාන්න කැමැති චරිත තියෙනවද?
මම ගොඩක් කැමැති ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වූ චරිත, පොෂ් නැති ගැමි පරිසරයේ දුක් විඳින මිනිස්සුගෙ චරිතයක් කරන්න. එහෙම චරිත ලැබුණොත් මට පුළුවන් මගේ උපරිම කැපෑසිටි එක ඒ වගේ චරිතවලින් පෙන්වන්න.
ස්තුති කළ යුතු පිරිසක් ඇති?
පළමු තැන ඉන්නේ අම්මයි අප්පච්චියි. ඒ අයව ආදරෙන් මතක් කරන්න ඕනෙ. මගේ ගුරුවරයා මහේන්ද්‍ර සර්, සද්ධා සර්, චේතනි මිස්. මට ගොඩක් මේ ක්ෂේත්‍රයේ උදව් කරපු අපේ ධනා අයියා, අම්මගේ පවුලේ අය සහ අපේ මාමාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊට අමතරව මගේ පාසලේ සැන්ඩ්‍රා මැඩම්වත් මතක් කළ යුතුයි.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Next Post

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.