මෙරට ඩිජිටල් අවකාශයේ අතිශය ජනප්‍රිය චරිත හතක් ප්‍රධාන කොටගෙන නිර්මාණය වී ඇති ‘ඒක තමයි මේක’ සිනමා පටය, මෙරට පමණක් නොව ලෝක සිනමාවටම නවමු අත්දැකීමක් එක්කරලනුයේ, සමාජ මාධ්‍යය ජාලාවන්හි හාස්‍ය රංගනයෙන් විස්කම් පාමින් විශාල යූටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාවකගේ ආකර්ෂණයට නතුවූ ජනප්‍රියම චරිත සමූහයක එකතුවෙන් නිර්මාණය වී ඇති ප්‍රථම සහ එකම චිත්‍රපටය මෙය වීම නිසාවෙනි. ප්‍රවීණ නිර්මාණවේදී සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ ‘ඒක තමයි මේක’ චිත්‍රපටය ජුනි මස 19 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවන්හිදී තිරගත වීමට නියමිතව ඇත.Sri Lanka Latest News
මෙය සර්ව සම්පූර්ණ විනෝදාත්මක පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර, ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් සිනා සාගරයක ගිල්විය හැකි හාස්‍ය රසය මතුපිටින් ගලාගියද, වත්මන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය මුහුණපාන සංකීර්ණ ගැටලු රාශියක් සම්බන්ධව යටි අරුතක් සහිතව වඩාත් ගැඹුරු කතාන්දරයක් සමාජය වෙත ගෙනඑනු ලබයි. මෙහි රංගනයෙන්, රංග ජයකොඩි (ජනා), චමල් රත්නායක (ප්‍රියා), රතිඳු සේනාරත්න (රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසිරි (ලකා), ශාන් අරෝශ (සිකා), ජනිත් රූපසේන (සිරිල් අයියා) සමගින් සංජානා ඔනාලි, සංගීත් ප්‍රභූ, කළණ ගුණසේකර, ආනන්ද වික්‍රමගේ, පියුමි බොතේජු, රන්ජන් රාමනායක, ජනිත් වික්‍රමගේ, දමිතා අබේරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, විල්සන් ගුණරත්න, ආරියසේන ගමගේ, නිල්මිණි කෝට්ටේගොඩ, ඩී.බී. ගංගොඩතැන්න, සුමේධ මිහිරාජ, චමීර සිල්වා ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත.
‘ඒක තමයි මේක’ චිත්‍රපටය ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගම සමගින් සංගීතා ෆිල්ම්ස් නිෂ්පාදනය කරනු ලබයි.











