ඉන්දියාවේ නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්, ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සමග සම සභාපතිත්වයෙන් යුතුව ඉන්දියා සහ ඔස්ට්‍රේලියා අධ්‍යාපන කවුන්සිලයේ සයවැනි මණ්ඩල සාකච්ඡාව පසුගිය සඳුදා ඔස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේදී පවත්වා තිබේ.
දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී අධ්‍යාපනික, නිපුණතා සංවර්ධනීය පර්යේෂණ ව්‍යවසායකත්ව සහ නවෝත්පාදනය යන කරුණු දීර්ඝවශයෙන් සාකච්ඡා කර තිබේ. එසේම එම සාකච්ඡාව ඉතා සාර්ථක බවද පැවැසේ.
ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල නිපුණතා ආයතන ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලද ස්ථාපනය කිරීමටත් ඒ ක්‍ෂේත්‍රවලට අදාළව පැවැත්වෙන ගවේෂණ සහ පර්යේෂණ දෙපාර්වශය ඒකාබද්ධව පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් භාරතීය ඇමැතිවරයා කැමැත්ත පළකර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට මේ වසර අවසානයේ දී තම රටට එන ලෙසට භාරත ඇමැතිවරයා ඔස්ට්‍රේලියානු ඇමැතිවරයාට ආරාධනා කර තිබේ.
දෙරටේ අධ්‍යයන, නිපුණතා සහ පර්යේෂණ ක්‍ෂේත්‍ර අතර හවුල්කාර සම්බන්ධතාව වර්ධනය කිරීම උදෙසා ඇමැතිවරුන් දෙදෙනාම එකාවන්ව සහයෝගය දැක්වීමටද ගිවිසගෙන තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ