කොවිඩ් වසංගතය මාරාවේශව පැතිරෙන හෙයින් බෙයිජිං නගරයේ ගොඩනැගිලි ගණනාවක් අගුලු ලා තිබේ.
සාමාන්‍ය තත්ත්වයෙන් වාර්තාවෙමින් තිබූ කොවිඩ් වසංගතය පිමි පනිමින් පැතිරෙන්නට වූ බැවින් චීනයේ අගනුවර වන බෙයිජිං නගරයේ පාසල් පවා මේවන විට වසා දමා ඇතැයි ඒ.එන්.අයි ප්‍රවෘත්ති සේවය නිවේදනය කර තිබේ.
චීන බලධාරීන් වාර්තා කර ඇති අන්දමට බෙයිජිං නගරයේ පමණක් ගතවූ 22 වැනි දා සිට අසාධ්‍ය රෝගීන් දෙසියයක(200)දෙනා රඳවා තබනු ලැබ ඇත්තාහ.වෛරසය පැතිරයාම වැළැක්වීමේ අපේක්‍ෂාවෙන් මේ අන්දමේ අගුලුලෑම්,අඩස්සියේ තැබීම් තව දුරටත් කෙරෙන බව “නිව් යෝර්ක් පෝස්ට්”පුවත්පත කියයි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ වාර්තාවක් අනුව ගතවූ පැය විසි හතර(24)තුළ කොවිඩ් මාරයා බිලිගත් සංඛ්‍යාව හතළිස් හත් දෙනකි.(47)ආසාදිතයින් ප්‍රමාණය එක් දහස් හාරසිය දහයකි(1410).
මේ ආසාදිත සංඛ්‍යාවෙන් එක් දහස් දෙසිය හතළිස් නම(1249)දෙනකුම“ෂැංහායි”පළාතෙනි.ඉතුරු එකසිය හැට නම දෙනා (169)ගුවාංඩොං,සිචුවාම් සහ ෂින්හුවා ඇතුළු සෙසු පළාත් දාහතරකිනි(14).
චන්ද්‍රසේන මාරසිංහ





