• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හතට බෙදෙන අත හෙළිකරන රහස්

August 2, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
හතට බෙදෙන අත හෙළිකරන රහස්
Share on WhatsAppShare on Facebook

පලාපල කිමේදී වැදගත් වන ග්‍රහ මණ්ඩල හඳුනාගනිමු
හස්ත රේඛා ශාස්ත්‍රයේදී පලාපල කීමේදී ඉතා වැදගත් වන අංග කීපයකි. ඒ අතර ප්‍රධාන රේඛා ග්‍රහ මණ්ඩල හා අවශේෂ සියුම් රේඛා පිළිබඳවද අවධානය යොමු කළ යුතුවේ. ඒ අතර අද අප කතා කරන්නේ ග්‍රහ මණ්ඩල පිළිබඳවයි. පලාපල කීමේදී ග්‍රහ මණ්ඩල මඟින් පුදුමාකාර අනාවැකි කිව හැකි බව හස්ත රේඛා පරීක්ෂණයන් තුළින් ඔප්පු වී ඇත. හස්ත රේඛා විද්‍යාවට අනුව රාහු, කේතු සමඟ ග්‍රහ මණ්ඩල (9ක්) තිබෙව බව පෙන්වා දී ඇත. එයින් රාහු හා කේතුට අයත් වන මණ්ඩල පිළිබඳ සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. ඒ හැරුණු විට ග්‍රහ මණ්ඩල 7කි. එනම් බුධ, රවි, ශනි, ගුරු, සිකුරු, සඳු හා කුජ යන මණ්ඩලයන්ය. කුජ පමණක් ග්‍රහ මණ්ඩල දෙකක් හිමි වන බවත් කුජ තුලාව වශයෙනුත් තවත් ප්‍රදේශයක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දී ඇත.
එම ග්‍රහ මණ්ඩල මෙසේය. රූප සටහනේ අංක පිළිවෙළින් පෙන්වා දී ඇත්තේ එම ග්‍රහ මණ්ඩලයන්ය. 1. බුධ මණ්ඩලය, 2. රවි මණ්ඩලය, 3. ශනි මණ්ඩලය, 4. ගුරු මණ්ඩලය, 5. සිකුරු මණ්ඩලය, 6. සඳු මණ්ඩලය, 7. කුජ මණ්ඩලය යනාදී වශයෙනි. 7 ෂ මණ්ඩලය පළමු කුජ මණ්ඩලයත් 7 ෂෂ දෙවැනි කුජ මණ්ඩලයත් 7 ෂෂෂ කුජ තුලාව වශයෙන්ද වෙන්කර ඇත. අංක පිළිවෙළට එම මණ්ඩලයන් හඳුනා ගන්න. දැන් එම මණ්ඩලවලින් කියවෙන සුබ හෝ අසුබ පලාපල මොනවාද කියා විමසා බලමු.

  1. බුධ මණ්ඩලය
    මෙය පිහිටන්නේ දකුණු අතක නම් සුළැඟිල්ලට පහළින් හා හෘදය රේඛාවට ඉහළින් ඇති ප්‍රදේශය තුළිනි. මෙම බුධ මණ්ඩලය මඟින් කියැවෙන්නේ එම අත්ල හිමියාගේ මානසික ස්වභාවයයි. එනම් උගත්කම, කථිකත්වය, සිහිබුද්ධිය ප්‍රඥාව වැනි කරුණුය. මෙම බුධ මණ්ඩලය කෙනකුගේ උස්ව, මධ්‍යම ප්‍රමාණයට වැටී ඇත්නම් එය සුබයි. එනම් ඉගෙනීමට කතාවට දක්ෂ වේ. බුද්ධිමතකු උගතකු කරයි. මෙය යටට නෙරාගොස් ඇත්නම් අසුබයි. එනම් ඉගෙනීමට දක්ෂ නොවේ. අධ්‍යාපනය කඩාගනී. අසුබ සලකුණු වැටුණහොත් බිහිරි බව හා ගොළු වීමට පවා ඉඩ තිබේ.
  2. රවි මණ්ඩලය
    වෙදැඟිල්ලට පහළින් හෘදය රේඛාවට ඉහළින් හා ශනි හා බුධ මණ්ඩලය අතර ප්‍රදේශය රවි මණ්ඩලය ලෙස හඳුන්වනු ලබයි. කෙනකුගේ රවි මණ්ඩලය ඉතා උස්ව පිහිටා තිබීමෙන් තීක්ෂණ බුද්ධියත් කාරුණික බවත් පෙන්නුම් කරයි. ඒ හැරුණු විට විවිධ භාෂා ශාස්ත්‍ර ශිල්ප හා විවිධ කලාවන්ට දක්ෂයකු වන බවක් උගන්වයි. මෙහි බලය වැඩි වීමට හේතු වන්නේ සූර්ය රේඛාවක් හොඳින් සලකුණු වීමෙන්ය. රවි මණ්ඩලය යටට නෙරා ගොස් තිබීමෙන් කීර්ති ප්‍රශංසා නොලැබෙන බවත් අනුන් අතර ප්‍රකට නොවන බවත් උගන්වයි.
  3. ශනි මණ්ඩලය
    මැදැඟිල්ලට පහළ ප්‍රදේශයන් හෘදය රේඛාවට ඉහළින් හා ගුරු හා රවි මණ්ඩලය අතර මෙම ප්‍රදේශය ලෙස දක්වා ඇත. මෙම ශනි මණ්ඩලය පිරුණු බවින් යුක්ත වීමෙන් ජන්මියා ඉතා දැහැමි වන අතර බොහෝ නිහතමානී අයකු කරයි. තවද සිල්වතකු වන අතර ආගමානුකූලව කටයුතු කරන අයකු කරයි. දුබලව පිහිටා අසුබ සලකුණු පිහිටියොත් අනේකවිධ දුක්වලට ලක්වන යෝගයකි.
  4. ගුරු මණ්ඩලය
    මෙය පිහිටන්නේ දබරැඟිල්ලට පහළින් හා ශනි මණ්ඩලයට දකුණින්ය. ජීවන රේඛාවට ඉහළින්ය. දෙවියන්ගෙත් ගුරු වන ගුරු මණ්ඩලය හොඳින් සලකුණු වූ අයද සමාජයේ කැපීපෙනේ. විවධ උගත්තු, නායකයන්, සමාජ විද්‍යාඥයන්, දාර්ශනිකයන් මෙම ගුරු මණ්ඩල බලවත්ව උපන් ඇත්තෝය. මෙය යටට නෙරා ගොස් ඇති අය සමාජයේ සුරාවට සූදුවට යොමුවේ. පහත් තත්ත්වයකට ඇදදැමීමට සමත්ය.
  5. සිකුරු මණ්ඩලය
    ග්‍රහ මණ්ඩලය අතර විශාල ග්‍රහ මණ්ඩලය සිකුරු මණ්ඩලය වේ. මෙයද හොඳින් බලවත්ව පිහිටීමෙන් ඔවුන් බොහෝ කාරුණික පරිත්‍යාගශීලීන් වේ. කාගේත් හොඳහිත දිනා ගැනීමට සමත් මොවුන් විවිධ කලා හා ක්‍රීඩාවන්ට ළැදිය. විනෝදකාමී වන අතර සැප සම්පත් ලබන්නෝය. දුබල විකෘතිව පිහිටීමෙන් විවිධ අපහාස නින්දාවලට ලක්වීමටත් සුරාවට දුරාචාරයන්ටත් යොමුකරවන පිහිටීමකි.
  6. සඳු මණ්ඩලය
    මෙයද හොඳින් වැඩී ඇති අය විවිධ සාහිත්‍ය හා කලා කටයුතුවලට දක්ෂයන් වේ. හොඳින් පිහිටි අය රූමත් වන අතර අන් අයගේ ප්‍රසාදයට ලක්වේ. ආගමට දහමට ළැදිය. අසුබව පිහිටීමෙන් ජලයෙන් විපත් වන බවත් උදරාබාධ ඇතුළු ආමාශගත රෝග වැළඳීමටත් හේතු වන බව උගන්වයි.
    7 ෂ කුජ පළමු මණ්ඩලය
    මෙය පිහිටන්නේ සිකුරු මණ්ඩලයට ඉහළින් හා ගුරු මණ්ඩලයට පහළින් අත්ලේ දකුණු පැත්තේ ඇති ප්‍රදේශය තුළයි. මෙයින් කියැවෙන්නේ එඩිතරකම, සටන්කාමීත්වය, නොපසුබස්නා උත්සාහය හා මෙලොව දියුණුව පිළිබඳවයි. මෙය හොඳින් පිහිටි අයට ඉඩම්, ධන ලාභ, යානවාහන හා පොළොවෙන් ලබන සම්පත් ලැබීමට හේතු වේ. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් කරන ක්‍රීඩකයන්ගේ අත්වල මෙම කුජ පළමු මණ්ඩලය හොඳින් පිහිටනු ඇත. දුබල පිහිටීමෙන් ජන්මියා කහළකාරී පුද්ගලයකු කරයි. හිරේ විලංගුවේ වැටීමට හේතු වන්නේ අසුබ සලකුණුවලින් යුක්ත වීමෙනි.
    7 ෂෂ කුජ දෙවැනි මණ්ඩලයයි
    මෙය සඳු හා බුධ මණ්ඩලය තුළ අයාලේ වම් පැත්තට බරව පිහිටයි. මෙයද හොඳින් පිහිටන අය ධනවත් වන අතර එඩිතර සටන්කාමීන් වේ. දුබලව පිහිටීමෙන් නින්දාවලට ලක්වීමටත් ධනය හානි කරගන්නකු වීමටත් හේතුවේ.
    7 ෂෂෂ ප්‍රදේශයෙන් කියැවෙන්නේ කුජ තුලාව
    මෙම කුජ තුලාව හොඳින් පිහිටි අය දියුණු වන අතර සාමකාමී පුද්ගලයන් කරයි. විවිධ ලප, උපන් කැලැල්, බාධක රේඛාවන්ගෙන් යුක්ත වීමෙන් දේපොළ ප්‍රශ්න, රැකී රක්ෂා හා සතුරු කරදර ඇතිවන බවත් කියැවේ.
    ප්‍රවීණ හස්ත රේඛා විශේෂඥ ජ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ
    ‘නෙත්සර’ ජ්‍යොතිෂ – අලව්ව
SendShareShare
Previous Post

සෙනසුරු හොඳයි

Next Post

ගැහැනුන්ගෙ ඉඟිබිඟි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.