ජනමාධ්‍යවේදීන් සහ වෘත්තීය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් චීනය ගෙනයන හිසංසාකාරී ප්‍රතිපත්තිය කෙරෙහි ගෝලීය පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් තදබල විරෝධතාවක් දක්වනු ලැබේ.
හොංකොං ප්‍රාන්තයේ(පුරයේ) මහජන චීන සමූහාණ්ඩුව ක්‍රියාත්මක කෙරෙමින් පවත්නා“හිතුවක්කාර”පාලනයට එරහිව හඬ නගන ක්‍රියාකාරීන් හය(6)දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් Inter-Parliamentary Alliance සංවිධානය තදබල අන්දමින් සිය අප්‍රසාදය පළකර තිබේ.
දැනට තහනම් කර ඇති “හොංකොං වෘත්තීය සමිති සමගි සංධානයේ”උප සභාපති “ලියෝටෑං” සහ ප්‍රවීන ජනමාධවේදී “සිවුවෑන් යුංලොං”සමග තවත් ක්‍රියාකාරීන් සතර(4)දෙනකු ආණ්ඩුවට එරෙහිව මහජනයා කුපිත කිරීමේ චෝදනාව යටතේ චීන බලධාරීන් විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව විරෝධතා උත්සන්න වී ඇත.
චීන බලධාරීන් විසින් මෙසේ සමාජ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනු ලැබීමට යොදාගැනෙන්නේ අධිරාජ්‍යවාදී කාලයේ පනවා ඇති මේවනවිටත් යල්පැනගිය නීති වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇති නීති බවට ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.
“වෘත්තීය සමිති සමගි සංධානයේ”උප සභාපති “ලියෝටෑං” සහ ජනමාධවේදී “සිවුවෑන් යුංලොං”සමග අත්අඩංගුවවට ගෙන ඇති සෙසු ක්‍රියාකාරීන් සතර(4)දෙනා චීන අධිකරණයේ විභාග කෙරෙන දේශපාලන නඩු නිරීක්ෂණය කිරීමට නිරන්තරයෙන් පැමිණෙන සිවිල් වැසියන් සිවුදෙනකු බව මාධ්‍ය කියයි.
මේ කරුණු පෙන්වා දෙන ගෝලීය මහජන නියෝජිතයින් පවසන්නේ මෙමගින් චීන බලධාරීන් සිය විරුද්ධවාදීන් මර්ධනය කිරීමට ගෙනයන තුච්ච ක්‍රියාමාර්ගයේ ස්වභාවය අනාවරණය වන බව
යි.වරක් ස්වාධීන නීති පද්ධතියක් යටතේ පාලනය වූ හොංකොං පලාත මේවනවිට ඉතා දූෂිත වී ඇතැයි ද ඒ අනුව මේ තත්වයට වගකිවයුතු පාලනඅධිකාරියට එරෙහිව “සම්බාධක”පැනවිය යුතුව ඇතැයි ද ගෝලීය පාර්ලිමේන්තු නියෝජිතයෝ පවසති.
චන්ද්‍රසේන මාරසිංහ





