• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පොරොන්දමට හසුනොවූ දරුපල හඳුනා ගන්න…

November 1, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
පොරොන්දමට හසුනොවූ දරුපල හඳුනා ගන්න…
Share on WhatsAppShare on Facebook

පොරොන්දම් යන්න වර්තමානය තුළද තරුණ තරුණියන් අතර යම් තරමක ප්‍රසිද්ධ මාතෘකාවකි. දෙදෙනකු විවාහයට පෙර පොරොන්දම් ගළපා විවිධ කාරණා ගැන සොයාබලා ගැළපීම තීරණය කළද විවාහයකදී දරු පල පොරොන්දම් පරීක්ෂාවෙන් පැවසීම එතරම් සාර්ථකද යන්න යම් මතවාදයකට තුඩුදී ඇති ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මන්ද කිරි වෘක්ෂ හර වෘක්ෂ වශයෙන් කොටස් කරමින් කිරි වෘක්ෂ කේන්දර හිමියන්ට දරු පල ඇති බවට කියා කේන්දර ගැළපුවත් එවන් ගැළපුම් ඇති අනන්තවත් අඹුසැමියෝ දරුවන් නොමැතිව සිටිති. එසේම දරුපල නැතැයි පොරොන්දමින් හඳුනාගත් අය දරුවන් ලබා සතුටින් සිටිනු දැකිය හැකිය.

මේ තත්ත්වය මත ඉහත පොරොන්දම බොරුවක් වී ඇද්ද යන්න කෙනකුට සිතන්නට වැඩි ඉඩක් පවතී. එනිසා දෙදෙනකුගේ දරුපල පිළිබඳ වඩාත් හොඳින් අවධානය යොමු කිරීමට නම් බැලිය යුත්තේ දෙදෙනාගේම ජන්ම පත්‍රවල 5 වැන්න හා 5 වැන්න අධිපති ගැනය. එසේම පුත්‍රකාරක ගුරුගේ තත්ත්වයත් ගුරු ග්‍රහයා තැන්පත්ව ඇති භාවය යනාදියත් පරීක්ෂාවෙන් වඩාත් සාර්ථක විසඳුමක් සොයාගැනීමට පහසු වනු ඇත.

ජන්ම පත්‍රවල 5 වැන්න අධිපතියා නීචවීම, 5 වැන්න පාප ග්‍රහයන්ගෙන් යුක්ත වීම, 5 වැන්න අධිපතියා 6,8,12 වැනි රාශියක ස්ථානගත වීමත් දරුපල අඩුකරන්නට හේතු වෙයි. 5 වැන්න මෙන්ම 5 වැන්න අධිපතියා පීඩාවට පත්වීමත්, 22 දෙර්කාණාධිපතිගේ දෘෂ්ටියට ලක්වීමත් හේතුකොටගෙන දරුපල ලැබීමට විශාල ලෙස බලපාන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ලග්නයේ පමණක් නොව නවාංශකයේද 5 වැන්න පීඩාවට පත්වීම හෝ පාප ග්‍රහයන් සමග යෝග වීම හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම දරුපල නොලැබීමට හේතුපාදක වෙයි. 5 වැන්නේ කුජ වැනි පාප ග්‍රහයකු සඳු සමග යෝග වීමෙන්ද, රාහු, ශනි, කේතු වැනි පාප ග්‍රහයන් තැන්පත් වීමද දරුපල සඳහා ප්‍රබලව බලපෑම් කරයි.

එසේම කුජ ග්‍රහයා පස්වැන්නේදී ලැබෙන දරුවන්ට ප්‍රබල අපල ඇතිකරන්නකු බවත් හඳුනාගෙන තිබේ. එහිදී විශේෂයෙන්ම පිරිමි දරුවන්ට අපල කරදර සිදුකරන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම එම දරුවන් අකීකරු වීමට හෝ රෝගී වීමට ඉඩකඩ වැඩි බවත් පැවැසෙයි.

යම් ලෙසකට පුත්‍රකාරක ගුරු, කටක රාශියේ උච්ච වීමත්, 5 වැන්නේ සඳු, බුධ, සිකුරු වැනි සුබ ග්‍රහයන් තැන්පත් වීමත්, ගුරුගේ දෘෂ්ටියට ලක්වීමත් යහපත් දරුපල ඇතිකිරීමට හේතුපාදක වෙයි. එසේම 5 වැන්න අධිපති 1,4,7 කේන්ද්‍රස්ථානයක හෝ 5,9 ත්‍රිකෝණස්ථානයක සිටීමත් 5 අධිපති සුබ ග්‍රහයකුගේ නැකැතක වීමත්, දරුපල ලබාදෙන සුබ ග්‍රහ පිහිටීමකි.

එසේම යම් යුවළකට දරුපල ලබාදීමට පුත්‍රකාරක ගුරුගේ මහ දශා, අතුරු දශා මෙන්ම සඳුගේ මහ දශා, අතුරු දශා කාලයක්ද ඉතා සුබ බවයි පැවැසෙන්නේ. 5 වැන්නාධිපතියා සුබ ග්‍රහයකු වී එම ග්‍රහයාගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය දරුපල ලබාදීමට ප්‍රධාන හේතුවකි.

මෙවැනි කාරණා රාශියක් දරුපල කෙරෙහි බලපානු ලබන අතර, මෙම ලැබීම් සියල්ල සමග ඒ ඒ අයගේ පෙර කුසල් තත්ත්වයන්ගේ බලපෑම දරුවන් සඳහා ඉමහත් දායකත්වයක් යොදන බව පැහැදිලි වන අතර, ගුණවත් පින්වත් දරුවන් ලැබීමටත් එම දරුවන්ගෙන් පුද සත්කාර ගුරු සැලකිලි ලබන්නට පෙර පින ඉවහල් වන බවත් සත්‍යයකි. යම් කෙනකුගේ ජන්ම පත්‍රවල දරුපල සාර්ථකව පෙන්නුම් කළත් විවිධ හේතු නිසා විවාහය ප්‍රමාද වීමෙන් සරු කාලය මඟහැරී යා හැකිය. එවිට කොතරම් හොඳින් දරුපල පෙන්නුම් කළත් එම පලය ලැබීමට අවශ්‍ය සරු බවක් නොමැතිකමින් දරුවන් ලැබීම මඟහැරී යා හැකිය. එසේම සහකරුවන්ගේ විවිධ හේතු නිසාද දරුපල මඟහැරෙන බව හඳුනාගෙන තිබේ. ඒ අතර මත්පැන් ප්‍රධාන සාධයක් වී ඇත. අනෙක් අතට විවිධ ශල්‍යකර්ම හේතුවෙන්ද කේන්දරයේ පෙන්වා ඇති දරුපල අහිමිවීම සිදුවිය හැකිය. එසේම ජන්ම පත්‍රයේ දරුපල නොපෙන්වා ඇතත් දැහැමිව දිවි ගෙවීමෙන් සහ විවිධ වූ නවීන වෛi ක්‍රමවේදයන් ඇසුරින් දරුපල ලබාගත්තවුන් අනන්තවත් සිටිනු දැකිය හැකිය. මේ තත්ත්වය ඉතා කල්පනාකාරීව අවබෝධ කරගත යුතු තත්ත්වයකි.

මේ සියලු තත්ත්වයන් ඉතා කල්පනාකාරීව අධ්‍යයනය කළ යුතුය. දෙදෙනාගේ දරුපල පිළිබඳ අවධානය යොමුකිරීමේදී 5 වැන්න හා 5 වැන්නාධිපති ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුමය. විවාහයකට කේන්දර පරීක්ෂාවේදී මෙය ඉතා කල්පනාකාරීව බැලිය යුතු සාධකයක් ලෙසත් පෙන්වා දිය හැකිය.

ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…

Next Post

සෙලාන් බැංකුවෙන් මෙරට ප්‍රථම eSport Formula One ශූරතාවට අනුග්‍රහය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.