සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම eSport Formula One ශූරතාවේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය. Simulated racing video game වර්ගයේ ක්‍රීඩාවක් වන Assetto Corsa ක්‍රීඩාවේ ධාවන තරග වට අටක් මෙම ශූරතාවට ඇතුළත් වී තිබිණි. Formula One ක්‍රීඩා ඉසව්වලට සමාන ලකුණු ක්‍රමයක් අනුව මෙහි ජයග්‍රාහකයා තීරණය කරන ලද අතර, එම ජයග්‍රහණය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම F1 Assetto Corsa ශූරයා ලෙස කිරුළු පැලඳීමට ෆව්සුල් අලීම් සමත් විය.
Mandarin Reid eSports සහ SIM Racing Lanka එක්ව සංවිධානය කරන ලද මෙම තරගාවලියට තරගකරුවන් 21 දෙනෙක් එක්වී සිටියහ. විවිධ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරන ලද මෙම තරගාවලිය ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ අවධානය දිනාගැනීමට සමත් විය.
Niko Partners සමාගමේ පර්යේෂණවලට අනුව, ආසියාව ලොව විද්‍යුත් ක්‍රීඩා සම්බන්ධ ප්‍රධානතම සහ වැදගත්ම කලාපය බවට පත්වී ඇති අතර, එය, ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් එම කර්මාන්තයේ 54%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. 2019 වසරේදී විද්‍යුත් ක්‍රීඩා ශ්‍රී ලංකාවේ නිල ක්‍රීඩාවක් ලෙස පිළිගන්නා ලද අතර, මේ වන විට මෙරට ජාතික විද්‍යුත් ක්‍රීඩා කණ්ඩායම IESF Esports World Championship, Global Esports Games සහ World Esports League වැනි ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගිවී තිබේ.