• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අංක 2 හැංගුණු මනමාලයා

October 30, 2019
in Astrology
Reading Time: 1 min read
A A
අංක 2 හැංගුණු මනමාලයා
Share on WhatsAppShare on Facebook

මෙම අංකය අයත් වන්නේ සඳු ග්‍රහයාටය. දෛව අංක 1 හිමි අයට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංගවලින් යුක්තය. අංක 2 හිමි අය කීර්ති, ප්‍රශංසා ලැබීමට දැඩි ආශාවක් දක්වන චරිතයකින් යුක්තය. මෙම අංකය හිමියා එතරම් තැන්පත් අයකු නොවන අතර, අපක්‍ෂපාතීව කටයුතු කිරීමේ හැකියාවක් ඇති හෙයින් ඇතැම් විට දැඩි ගතිගුණ ඇති බවක් පෙනෙන්නට ඇත. ගතානුගතිකව වැඩ කිරීමට අකැමැති ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ ස්වකීය නිර්මාණයන් ඉදිරිපත් කිරීමටයි. අන් අයගේ උපදෙස් පිළිපැදීමට මොවුන් කිසිසේත් සූදානම් නැත. තම මතයේම එල්බගෙන සිටීම ඔහුගේ සිරිතය. හැම විටම තමා නිවැරැදි යැයි සිතන ඔවුන් අන් අයට උපදෙස් දීමට සමත්ය. දිය යටින් ගිනි ගෙනයෑමට තරම් කපටි නුවණක් ඔවුන්ට උපතින්ම උරුම වී ඇත. කාර්යශූර මෙන්ම වැඩටද ඉතා දක්‍ෂ පරාර්ථ සේවය දිවි දෙවැනි කොට සැලකුවත් ආත්මාර්ථකාමී අදහස්ද යටි සිතෙහි නැතුවා නොවේ. අනුරාගික චරිතයක් වුවද ඒ බව පිටතට නොපෙන්වයි. ආගන්තුක සත්කාරය අගය කොට සලකන මොවුන් ආත්ම ගෞරවය පණමෙන් රකී. විශේෂයෙන් සමිති, සමාගම්වල සභාපති, ලේකම් තනතුරුවලට නිරායාසයෙන්ම පත්කරන්නේ මොවුන් තුළ ඇති ක්‍රමසම්පාදනයෙහි දක්‍ෂතාව නිසාය. කාර්ය සංවිධානයෙහිද මනා පිහිටීමක් ඇත. දෛව අංක 2 හිමියාට මිතුරන් අධික වන නමුත් වැඩි දෙනෙක් යහපත් මිතුරන් නොවෙති. තවද මෙම අංක හිමියා පුරුෂයකු නම් ස්ත්‍රීන් සමඟද, ස්ත්‍රියක නම් පුරුෂයකු සමඟද පිළිසඳරේ යෙදී කතාබස් කිරීමට තදින් ආසා කරයි.

දෛව අංක 2න් උපන් පුද්ගලයා බොහෝ විට පෙලඹෙන්නේ මහජන සම්බන්ධතාව ඇති රැකියා මාර්ගයකටය. විශේෂයෙන් ලිපිකරු සේවා, සමාජ සේවා කටයුතු, මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ සේවාවන්ට මෙම අංකයෙහි පිහිටීම තදින් බලපා ඇත. එසේම කවර රැකියාවක් කළත් තමා වෙසෙන සේවා ස්ථානයෙහි සමිති, සමාගම්වල නිලතල පවා ඔවුනට හිමිවෙයි. පරිපාලන කටයුතුවලද නිපුණත්වයක් දක්වන අතර, වෙළෙඳසේවා කටයුතුවලදීද දක්‍ෂතාවක් පෙන්වයි. විශේෂයෙන් දේශපාලන කටයුතුවලටද සිත් යොමු කරයි. එමෙන්ම ජනප්‍රියතාවට පත්වී ප්‍රභූ තනතුරු පවා හිමි වීමට වාසනාව ඇත.

දෛව අංක 2න් උපත ලැබූ පුද්ගලයාට අවුරුදු 17ක් සුබපල උදා කරයි. ඒ අවුරුදු 100ක් ජීවත් වුවහොත් පමණි. මෙම අයට අනංගයාගේ බැල්ම වැටෙනුයේ වයස අවුරුදු 16දීය. වයස අවුරුදු 21දී දැඩි අනුරාගික හැඟීම් හේතුවෙන් පෙම් සබඳතාවකට පැටලෙයි. පසුව වයස අවුරුදු 35, 40, 49, 54, 66, 73 යන වර්ෂවලදී දුක, දොම්නස හේතුවෙන් චිත්ත සන්තාපයට ලක්වීමට බොහෝ විට ඉඩ ඇත.

ඒ ඒ අංකවලට ගැළපෙන සම විෂම, සතුරු-මිතුරුභාවය ගැන සැලකීමේදී ස්වභාවයෙන්ම අංක 2 දෛව අංකයට මිත්‍ර වන්නේ අංක 8 හා 4 පමණි. 6 සම වෙයි. අංක 2 හිමියාට 1, 3, 5, 6, 7 සහ 9 වැනි දිනයක හෝ එම අංකයට යෙදෙන දිනයක හෝ උපත සිදුවී ඇත්නම් එම අංකයෙහි විෂමතාව මඟහැරී මිත්‍රත්වයට පත්වන බව සඳහන් වෙයි. නිදසුනක් ලෙස 1972.12.16 උපන් අයකුට අංක 7 අධි මිත්‍රවන්නාක් මෙන් (1972.12.16 =11=2) මෙහි වර්ෂයේ ගුප්ත අංකය 7ක් අධිමිත්‍ර වූ හැටි සැලකිල්ලට ගතයුතුය. ඒ අනුව තම සහකරු හෝ සහකාරිය කොතෙක් දුරට ගැළපේදැයි සිතාගත හැකිය. අංක 2 උපත ලත් පහත සඳහන් ප්‍රසිද්ධ අයගේ ගතිගුණ හා ක්‍රියාකාරිත්වය අනුව දෛව අංක 2 එම අයට බලපා ඇති අයුරු තේරුම් ගන්න.
සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය. 1916-04-17 = 29 = 11 = 2,
පූජ්‍ය බළංගාඩ ආනන්ද මෛත්‍රි ස්වාමින් වහන්සේ 1896-08-24 = 38 = 11 = 2,
සර් ඩී. බී. ජයතිලක මහතා 1868-02-13 = 29 = 11 = 2.

හිඹුටානේ පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

සරෝජා අපි හොයාගත්තා

Next Post

පහන් එළියෙන් මිනිසුන් අතරට එන ලක්ෂ්මි දේවිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.