• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

5 ෆේල් දරුවා 11 පාස්කරන රහස්

October 15, 2019
in Astrology
Reading Time: 1 min read
A A
5 ෆේල් දරුවා 11 පාස්කරන රහස්
Share on WhatsAppShare on Facebook

2019 අගෝස්තු මාසයේ පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිටවීමත් සමගම එක් එක් දරුවා ලබාගත් ලකුණු සංඛ්‍යාව වන ඒ ඒ දරුවන්ගේ බුද්ධි මට්ටම දිහා බලන්න අපි පුරුදුවෙලා ඉන්නවා. නමුත් ජ්‍යොතිෂ විද්‍යාත්මකව ගැඹුරින් සලකා බලන කොටත් අපගේ ජීවිත අත්දැකීම් දෙස බලන විටත් කෙනකු ජීවිත ගමනේ එක අවස්ථාවකදී ලබාගන්නා ජයග්‍රහණයකින් හෝ පරාජයකින් එයාගේ මුළු ජීවිතයම මනින්න බැහැ.

විභාගය සඳහා ඉදිරිපත් වුණු දරුවන්ගේ ජන්ම පත්‍ර අරගෙන බැලුවොත් පෙනෙන පැහැදිලි කරුණක් තමයි, මේ එක් එක් ජන්ම පත්‍රයෙන් අධ්‍යාපනය ගැන කියැවීමට තියෙන ග්‍රහ බලය එකිනෙකට වෙනස් බව. දරුවකුගේ අධ්‍යාපන මට්ටම ඉහළට ඔසවා තබන්නට හේතු වන ග්‍රහ පිහිටීම් කිහිපයක් ගැන අද අපි “මව්රට – කේන්දරේ” තුළින් සොයා බලමු.

අධ්‍යාපනය සම්බන්ධව සෙවීමේදී කේන්දරයක බුධ ග්‍රහයාගේ පිහිටීම ගැන අපි විශේෂයෙන්ම අවධානය යොමුකරන්න ඕනෙ. මුලින්ම දරුවාගේ කේන්දරයේ ලග්න භාවයේ ඉඳන් වම් පැත්තට මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් රාශි හඳුනා ගතයුතු වෙනවා. ඊට පස්සෙ අපි බලන්න ඕනෙ බුධ ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ මොන රාශිය තුළද කියලා. ඒ ඒ රාශිය තුළදී බුධ අයිතිකර ගන්නා බලය මෙහෙමයි.

කන්‍යා රාශිය තුළ ඉන්න බුධ ග්‍රහයා ඉතාම බලවත්. එහිදී උච්ච මූල ත්‍රිකෝණ සහ ස්වක්‍ෂේත්‍ර කියන බල තුනක්ම අයිතිකර ගන්නවා.
බුධ ග්‍රහයා මිථුන රාශියේදී ස්වක්‍ෂේත්‍ර කියන තත්ත්වය ඇතිකර ගන්නවා. බුධ, මිථුනයේ ඉන්නා අයත් ඉගෙනීමට දක්‍ෂ හොඳ මතක ශක්තියක් ඇති බුද්ධිමතුන් වෙනවා. බුධ කන්‍යාවේ හරි මිථුනගේ හරි තැන්පත් වෙලා ඉන්න අතර, එම මිථුන හෝ කන්‍යා රාශිය, කේන්දරයේ 1, 4, 7, 10 කියන ස්ථානයකට (කේන්ද්‍රස්ථානයකට) අයිති වෙනවා නම්, භද්‍රා යෝගය නමැති මහා පුරුෂ යෝගය නිර්මාණය වෙනවා.

භද්‍රා යෝගය පිහිටි අය ඉගෙනීමට දක්‍ෂයි. වහා වැටහෙන නුවණ තියෙනවා. ඕනෑම ගැඹුරු කරුණක් හොඳින් ධාරණය කරගෙන මතකයේ රඳවා ගැනීමේ හැකියාව පිහිටි මේ අය විභාගවලදී ඉතා ඉහළ ලකුණු ලබාගන්නවා. ධනවත්, කීර්තිමත් ජීවිත ගතකිරීමට වාසනාවන්තයි.

බුධ ග්‍රහයා මීන රාශියේදී නීච වෙනවා. ඔබේ දරුවාගේ කේන්දරයේ බුධ ග්‍රහයා නීචව ඉන්නවා නම් බලන්න නවාංශක කේන්දරයේදී බුධ ඉන්න තත්ත්වය ගැන. නවාංශකයේදී බුධ බලවත්ව ඉන්නවා නම් ඒ තුළින්ද දරුවාට බුද්ධිමත්කමක් ලැබෙනවා.

කටක රාශිය තුළදී බුධ ග්‍රහයා සතුරු වෙනවා. බුධ සතුරු වීම ඉගෙනීමට එතරම් හොඳ නැහැ. මේෂ, වෘෂභ, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ රාශිවලදී බුධ ලබා ගන්නේ සම හෝ මිත්‍ර වැනි මධ්‍යස්ථ බලයක්. එම රාශි තුළ බුධගේ පිහිටීම අධ්‍යාපනයට මධ්‍යස්ථ වශයෙන් හොඳයි.
කේන්දරයේ බුධ බලවත්ව සුබ ග්‍රහයන් සමඟ සංයෝගව සුබ ග්‍රහයන්ගේ බැල්මට (දුෂ්ටියට) ලක්වෙමින් ඉන්නව නම් එයා පොතපත කියැවීමට නැඹුරු වෙනවා. නොයෙක් දේ ගැන ඉගෙනීමට, දැනගැනීමට කැමැත්තක් සහජයෙන්ම තියෙනවා.

බුධ ග්‍රහයා රවි සමඟ යෝග වීම විශේෂ ඥාන යෝගයක්. මෙම යෝගය බුධ ආදිත්‍ය යෝගය වශයෙන් හඳුන්වනවා. මෙම යෝගය පිහිටි අය ගණිතයට, විද්‍යාවට ඉතාමත් දක්‍ෂයි. උසස් පෙළ විෂය ධාරාවන් තෝරාගැනීමේදී රවි / බුධ යෝගය තිබෙන අය බොහෝ විට ගණිතය විෂය තෝරාගෙන ඉහළ ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ඇතුළු වූ අවස්ථා හමුවෙනවා. ශිෂ්‍යත්වය සමත්වූ දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්‍ෂා කිරීමේදීද රවි – බුධ යෝගය තිබෙන දරුවන් ඉහළ ලකුණු ලබාගත් අවස්ථා එමටයි.

බුධ ග්‍රහයා සඳු සමඟ එක්ව සිටින ජන්ම පත්‍රවල මෙම යෝගය කේන්දරයේ යහපත් තැනක පිහිටියහොත් (1, 4, 5, 9, 10, 11) කේන්දර හිමියාට යහපත් ප්‍රතිඵල ඇති වෙයි. හොඳ වචන කතා කරයි. අධ්‍යාපනයට යොමුවෙයි. එසේ නොමැතිව සඳු – බුධ යෝගව 6, 8, 12 වැනි තැනක පිහිටි විට එතරම් යහපත් නොවේ.

බුධ ග්‍රහයා කුජ සමඟ එක්වූ විට කේන්දර හිමියා ඉගෙනීමට උනන්දුවක් දක්වයි. ක්‍රියාශීලී වෙයි. අලුත් නිර්මාණ බිහිකිරීමට පෙළඹෙයි. උසස් අධ්‍යාපනයට යොමු වෙයි.

බුධ ග්‍රහයා ගුරු සමඟ එක්වී කේන්දරයේ යහපත් තැනක සිටීමෙන් කේන්දර හිමියා විෂයයන් ගණනාවක් ඉගෙනීමට ආශා කරයි. විෂයයන් පිළිබඳ ගැඹුරින් හදාරා, පොත් ලිවීම, ගුරු වෘත්තිය, නීතිඥ වෘත්තිය වැනි ක්‍ෂේත්‍රවලට මෙම යෝග හිමියන් යොමුවන බව පෙනේ.

සිකුරු සමඟ යෝග වූ බුධ ග්‍රහයා කේන්දර හිමියාට කලාකාමී හැඟීම මතු කරයි. සංගීතයට, කලාවට දක්‍ෂකම ඇති කරයි. කේන්ද්‍රස්ථානයක පිහිටි බුධ, සිකුරු යෝගය ජන්මියා දක්‍ෂ කථිකයකු බවට පත්කරයි. නීතිඥ වෘත්තියටද හොඳ පිහිටීමකි.

අධ්‍යාපනයට උදවු කරන මෙන්ම බාධා කරන ග්‍රහ පිහිටීම්ද දරුවන්ගේ ජන්ම පත්‍ර තුළ තිබෙනවා. ඒ වගේම තමයි විභාගය පවත්වන අවස්ථාවේදී දරුවාට ගෙවෙමින් පවතින දශාව සමහර දශා විභාගය සමත් වන්නට උදවු කරනවා. සමහර දශා බාධා කරනවා.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

සුවඳාට මොකද වුණේ?

Next Post

රාජකීය ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් කළ තහනම් පෙම

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.