• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුවඳාට මොකද වුණේ?

October 15, 2019
in Heart
Reading Time: 1 min read
A A
සුවඳාට මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

අද බිහිවෙන ටෙලිනාට්‍ය චරිත ගැන මතක ඇත්තේ කීයෙන් කීදෙනාටද. දැන් තත්ත්වය එසේ වුණත් ඔබට මතක ඇති මීට කාලයකට උඩදි ඔබ හදවතින් ආදරය කරපු චරිතයක්. ඒ සුවඳාගේ චරිතය. අදටත් විකාශය වෙන ‘කෝපි කඬේ’ ටෙලිනාට්‍ය හරහා තමයි ඔබට ඒ චරිතය සමීප වුණේ. ඉතින් එදා සුවඳාගේ චරිතය ඔබට ජීවමාන කළ දමයන්ත පෙරේරාගේ අලුත් වගතුග සොයා බලන්න ‘මව්රට හාට්’ විශේෂාංගයේ අපි අමතක කළේ නැහැ.
ටෙලිනාට්‍ය කලාවේ අපූරු චරිතයක් ඔබ ජීවමාන කළා. ඒ ගැන මුලින්ම කතා කළොත්?
මම හිතන්නේ ඒ සුවඳා කියන චරිතය අදටත් ජීවමාන චරිතයක් වෙලා. ඒ තරමට ගමේ ගොඬේ බාල, මහලු කොයි කවුරුත් ආදරය කරපු චරිතයක් තමයි සුවඳාගේ චරිතය. මම කෝපි කඬේ කොටස් දාහක විතර රඟපෑවා. එයට පස්සේ තමයි මම එයින් ඉවත් වුණේ.
ඔබට සුවඳාගේ චරිතය හිමිවුණු විදිහ ගැන ආවර්ජනයක් කරමුද?
මම පාසල් කාලෙ නැටුමට දක්ෂයි. ඉතින් පාසල් වේදිකා නාට්‍යවලත් රඟපෑවා. පාසලේ මිතුරෙක් හරහා රොහාන් වැලිවිට අඳුනගන්න ලැබුණා. ඔහුගේ වේදිකා නාට්‍ය රඟපෑමට මටද අවස්ථාව ලැබුණා. රොහාන් වැලිවිට හරහා ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා දැන හඳුන ගත්තා. එතුමන් යටතේ අවුරුදු 3ක් විතර රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. පාඨමාලාවේ කීර්ති කියලා මගේ මිතුරෙක් හිටියා. ඔහු කෝපිකඬේට පිටපත් හතරක් ලිව්වා. ඒ ලියපු එක පිටපතකට තමයි සුවඳාගේ චරිතය ලියැවුණේ.
ඔබ හිතුවාද සුවඳාගේ චරිතය මේ තරම් දුර ගමනක් යයි කියලා?
කවදාවත්ම මම හිතුවේ නැහැ සුවඳා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මොකද සුවඳාගේ චරිතයට එදා අපේ රංග පාසලේ කිහිපදෙනකුට කතා කළා. ඒත් කැමැති වුණේ නැහැ. පස්සෙ මට කතා කළාම මම කැමැති වුණා. එතකොට මට වයස අවුරුදු 28ක් විතර ඇති.
ඉතින් දමයන්ත ඔබ මෙවැනි චරිතයකින් මිදීමට විශේෂ හේතූන් බලපෑවාද?
ඇත්තටම මගේ රාජකාරි කටයුතු නිසා තමයි මම කෝපිකඩෙන් ඉවත් වීමට තීරණය කළේ. ඒ විතරක් නෙමේ පසුකාලීනව කෝපි කඬේ ටෙලිනාට්‍යයේ පිටපත් විකෘති වීම් වුණා. චරිත වෙනස් වීම සිදුවුණා. ඉතින් මම හිතුවා දැන් රඟපෑවා ඇති කියලා. දැන් නැවත කෝපිකඬේ ලියන්නේ කුමාර සිරිවර්ධන. නැවත හොඳ බවක් මම දකිනවා. මොකද ඒ කාලෙත් කුමාර කෝපි කඬේ හොඳට රචනා කළා. පස්සෙ දේශපාලන, පෞද්ගලික දේවල් කෝපිකඬේ හරහා පෙන්වන්න ගියා. ඊට පස්සේ එහි තිබුණ රසය දියවී ගියා.
මම හිතන විදියට ගොඩදෙනෙක් සුවඳාගේ චරිතය දැක්කේ ජෝකර් කෙනෙක් විදිහට?
ඔබ විතරක් නෙමේ කෝපිකඬේ නරඹපු ගොඩදෙනෙක් සුවඳාගේ චරිතය දැක්කේ ඒ විදිහට. හැබැයි මම සුවදාට ගොඩක් ආදරය කළා. ඒ චරිතයට උපරිම කැපවුණා. සුවඳාගේ චරිතය මම ජෝකර් කෙනෙක් විදිහට නම් දැක්කේ නැහැ. සුවඳා ගමේගොඬේ හැදුණු නූගත් කොල්ලෙක්. හැබැයි ඔහු ළඟ දයාව, අනුකම්පාව හැමදේම තිබුණා.
නැවත ආරාධනාවක් ලැබුණොත් කෝපි කඬේට එන්න සූදානම්ද?
දැන්නම් කොහෙත්ම අදහසක් නැහැ. මොකද එදා හිටිය සුවඳා නෙමේ අද ඉන්නේ. එදාට වඩා මගේ බාහිර ස්වරූපය පවා වෙනස් වෙලා. සමහරුන්ට අදටත් මාව අඳුනගන්න බැහැ. මමද සුවඳාගේ චරිතය කළේ කියලා. ඒ තරමට මම වෙනස්. මම හිතන්නැහැ එදා සුවඳා නැවත උපදී කියලා.
දමයන්ත එක්තරා කාලයකදී ඔබේ නමත් පැල්බැඳගෙන ප්‍රසංග වේදිකාවේ වික්කා. ඒත් ඔබ දකින්න ලැබුණෙ නැහැ?
ඔය කතාව මටත් කිහිපදෙනකු කතා කරලා කිව්වා. ප්‍රසංගවලට මම එනවා කිව්වට ආවේ නැත්තේ ඇයි කියලා. හැබැයි ඔය කියන කිසිම ප්‍රසංගයකින් මට ආරාධනා කළේ නැහැ. අනික ඔය දේවල් ගැන මම හොයන්න ගියෙත් නැහැ.
මේ දවස්වල දමයන්තගේ වැඩකටයුතු කොහොමද?
එහෙම විශේෂ දෙයක් නැහැ. ‘රූකඩ රාජ්ජේ’, ‘රයිගමයයි ගම්පලයයි’ සහ ‘වලිගයක් ඇවිල්ලා’ වේදිකා නාට්‍යවල වැඩ කරගෙන යනවා. එයට අමතරව සුමිත් තිත්තවැල්ලගේ ‘හිරු පායා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට පසුගිය දවස්වල සම්බන්ධ වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රනිල්-සජිත් ‘‌බ්‍රෙක්ෆස්ට් මීටින්’ එකක

Next Post

5 ෆේල් දරුවා 11 පාස්කරන රහස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.