• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එදා පෙම්වතියන්ගෙ සිහින කුමාරයා

September 29, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පානදුර සුමංගලයෙන් අධ්‍යාපනය ලබා පසුව කොළඹ රජකීය විදුහලේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන චන්න පෙරේරා ඒ කාලයේද රාජකීය විදුහලේ නාට්‍ය සඳහා දායක වෙයි. මේ අතර බැංකුවක රැකියාවක් ලබන චන්න බැංකුවේ සේවය කරන අතරතුර සති අන්තයේ හොරෙන් රඟපෑමට සම්බන්ධ වෙයි. එහිදී කේ. ඩබ්ලිව්. පෙරේරා මුණගැහෙන අතර, ඔහු තම චිත්‍රපටයේ සාමාන්‍ය චරිතයක් චන්නට ලබාදෙයි. එලෙස රංගනයට පිවිසි චන්න දැන් දක්‍ෂ රංගන ශිල්පියෙක් ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්, අවුරුදු 25කට වඩා ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් සැබෑ ජීවිතයේදී බොහෝ රසිකාවියන්ගේ හදවත් දිනාගත් විශිෂ්ට රංගන ශිල්පියෙක්.

ඇයි චන්න හැංගිලා මේ දවස්වල?
හැංගිලා නැහැ. ළඟදිත් චිත්‍රපටයක් කළා. අනෙක මම බොහොම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අවුරුද්දට චිත්‍රපට එක ගානේ කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මට හරියට චිත්‍රපටයක් කරන්න අවුරුදු දෙකක් විතර යනවා.
මොකක්ද ඔබේ චිත්‍රපටය?
ඒකේ නම “යුගාත්‍රා.” එහි තිරපිටපත ලිව්වෙත්, අධ්‍යක්‍ෂණය කළෙත් මම. දැන් එහි වැඩකටයුතු සම්පූර්ණයෙන් ඉවරයි. එයට මම, නදීකා ගුණසේකර, සනත් ගුණතිලක, අසංකි ද සිල්වා, මාෂී සිරිවර්ධන සහ ලක්‍ෂ්මන් මෙන්ඩිස් යන අය රංගනයෙන් දායක වුණා.
බොලිවුඞ් නිළි පූජා උමාශංකර් සහ වයිත්‍රි චන්ද්‍රනාත් ලංකාවේ සිනමාවට ගෙනාවේ ඔබ. ඒ අතර ඔබ හඳුන්වා දුන්න හින්දි නිළියක් වූ ජැස්මන් භාෂිණි ඔබ අධ්‍යක්‍ෂණය කරන චමත්කා චිත්‍රපටයේ රූගතකිරීම් ආරම්භ කිරීමටත් මත්තෙන් ලංකාවෙන් ගියා නේද?
ඔව්. ඒ දෙන්නව ගෙනාවේ මම. ඒ වගේම චමත්කා චිත්‍රපටයට ගෙනාව ජැස්මින් භාෂිණි රංගන ශිල්පිනිය අසනීපවෙලා ආපසු ඉන්දියාවට යන්න වුණා. ඒ චිත්‍රපටයට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් දින වෙනස් වෙලා අතරමඟ නතර කරන්න සිද්ධ වුණා.
චන්න ඉන්දියාවෙන් නිළියන් ගේනවට ගයත්‍රි අකමැතිද?
එහෙම එකක් නැහැ. එයා එයාගේ වැඩකටයුතු කරගෙන යනවා. මගේ ජීවිතය මම ගෙනියනවා. අපි දෙන්නා එක එක්කෙනාගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ.
ඇය නම් කියන්නේ ඔබ චමත්කා චිත්‍රපටයේ කොල්ලාගේ චරිතයට රඟපාන්න හිටිය නිසා ඇය නොගත්තේ කියලා. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?
එහෙම එකක් නැහැ. එයාට සුදුසු චරිතයක් තිබුණොත් මට එයාව නොගෙන ඉන්න හේතුවක් නැහැ. මම දන්න විදියට මම ගත්තේ නැතිවුණාට ගයත්‍රිට වැඩ තියෙනවා.
ඔබ මොනවද ප්‍රේක්ෂකයින්ට මතක හිටින්න කරලා තියෙන්නෙ?
ඒක ඔවුන්ගෙන් තමයි අහන්න තියෙන්නේ.
මට පිට පිට ජනප්‍රිය නළුවා තුන්වතාවක් ලැබිලා තියෙනවා. ඒක ලැබෙන්නේ රසික රසිකාවියන් ආදරේ කරන නිසා, එයාලට මතක හිටින්න මම යමක් කරලා නැත්නම් මට ජනප්‍රිය නළුවා සම්මානය ලැබෙන්නේ නැහැ. මම චිත්‍රපට සැලකියයුතු ගානක් රඟපාලා තව චිත්‍රපට හතරක් අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. “අංජලිකා,” “සෙනසුරු මාරුව,” “කල්පාන්තයේ සිහිනයක්” කියලා චිත්‍රපට, ඒ වගේම ළමයි වෙනුවෙන් “පුංචි වීරයෝ” කියලා කතා මාලාවක් හදලා තියෙනවා. ඒ චරිත එදා වගේම අදත් ජනතාවට මතක තියෙනවා. ඉතින් මම හිතනවා ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් ලැබෙන ගෞරවයත් එක්ක මම යම්කිසි දෙයක් කරලා තියෙනවා කියලා.
බැංකුවෙ රස්සාව දාලා නළුකමට ආව එක හොඳ තීරණයක් කියලා හිතනවද?
මම ගත්ත තීරණය ගැන හදවතින්ම සතුටු වෙනවා. රංගන ශිල්පියෙක්, නළුවෙක් වීම තරම් ආශ්චර්යයක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේකෙන් ලැබෙන දේවල් වෙන කිසිම වෘත්තියකින් ලැබෙන්නේ නැහැ. ස්වභාව ධර්මයා මාව ජීවත්කරවනවා. එදා වගේම අදත් ආදරණීය රසික රසිකාවියන් මට ආදරය කරනවා.
ආදරය ගැන අමතක නොවන සිදුවීම් මොනවද?
ආදරය කියන එක අමතක වෙන දෙයක් නෙවෙයි. අපි ජීවිතේ එක එක නවාතැන්පොළවල නතර වෙනවා. අන්තිමට අපට සුදුසු කෙනෙක් හමුවුණාම අපි එතැන නතරවෙනවා. ඒක තමයි ස්වභාවය. අනෙක් හැමෝටම වගේ මටත් එහෙමයි.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?
මම හිතනවා මම දැන් ආධ්‍යාත්මික පැත්තට යොමුවෙලා ඉන්නවා කියලා. මම ජීවිතය ගැන හෙව්වා. මේ ලෝකේ සදාකාලික සතුටක් නැහැ. ලෝකයේ විවිධ දාර්ශනිකයෝ ජීවිතය ගැන විවිධ අදහස් දක්වලා තියෙනවා. ඒ විවිධ දාර්ශනිකයන්ගේ දේශනා ඇහුවාම ජීවිතය ගැන ලෝකය ගැන විශ්වය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. සමහරවිට මගේ ඉදිරි ජීවිතය ආධ්‍යාත්මික පැත්තට යොමුවෙයි. අන්තිමට අවබෝධ වෙනවා සැබෑවක් නෙවෙයි මේ ජීවිතය හීනයක් කියලා. මේ මම කියන්නේ ජීවිතය ගැන කලකිරීමෙන් නෙවෙයි.
කොහොමද දූවරුන් දෙදෙනා?
මගේ ලොකු දුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ හදාරනවා. මගේ දෙවැනි දුව පෞද්ගලික පාසලක් වන රෝයල් ඉන්ස්ටිටියුට්හි 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරනවා.
ඔබ හිතනවද ඔබ නිසි ඇගයුමකට ලක්වුණේ නැහැ කියලා?
මට සම්මාන ගොඩාක් ලැබිලා තියෙනවා. හොඳම නළුවාට හිමි සම්මානයට නම නිර්දේශ වෙලා “සෙනසුරු මාරුව” කියන චිත්‍රපටයට ඒක ලැබුණේ නැහැ. ඒ වගේම ලංකාවේ සම්මාන තීරණය කරන්නේ ජූරියේ පස් හයදෙනෙක්ගේ කැමැත්තට මිසක් රසික රසිකාවියන්ගේ ප්‍රතිචාරවලට නෙවෙයිනේ. ඔය පස් හයදෙනාට ගැළපුණේ නැත්නම් ඒ සම්මානය දෙන්නේ නැහැ. ඔය පස්හයදෙනෙක් තීරණය කරන සම්මාන ගැන මට ලොකු ආසාවකුත් නැහැ. මට ඒක නොලැබුණා කියලා කලකිරීමකුත් නැහැ.
අලුත් නිර්මාණ මොනවද?
ඉදිරියට මම රඟපෑව චිත්‍රපට 3ක් තියෙනවා එන්න. “මායාවි,” “බඹර වසන්තය,” ඒ වගේම ළමයි වෙනුවෙන් අධ්‍යක්‍ෂණය කළා “එකයි දෙකයි තුනයි” කියලා චිත්‍රපටයක්. ඒකත් එන්න තියෙනවා.
ප්‍රේක්‍ෂක ජනතාවට මොනවද කියන්න තියෙන්නෙ?
ආදරණීය රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ ඒ හැමදාම දක්වපු ආදරය, සැලකිල්ල, ගෞරවයට මම හදවතින්ම ගෞරවය, ස්තුතිය පුදකරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මෛත්‍රි ‌සජිත්ගේ වේදිකාවට ගන්න එජාපයෙන් ශ්‍රීලනිපයට ලියුමක්

Next Post

ඇට්ලස් 60 වැනි සංවත්සරය පොත් ප්‍රදර්ශනයේදී සමරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.