ජනාධිපතිවරණ සටනට ශ්‍රීලනිපයේ සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වෙත ලිපියක් යොමු කර ඇත.
එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව අද (28) සවස ශ්‍රිලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙම ලිපියක් යොමු කර ඇති බව දැනගන්නට ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හට සාකච්ජාවක් සදහා වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම ලිපිය යොමු කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව බොහෝ දුරට හෙට (29) දිනයේදී ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම ලිපියට පිළිතුරක් ලබාදීමට නියමිත බව දැනගන්නට තිබේ.