• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාලම්පුරියේ ඇත්ත නැත්ත

September 29, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

වාලම්පුරි ගැන කතාකරන විට සියල්ලන්ටම පාහේ මතක් වෙන්නේ වාසනාවයි. මන්ද වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් වාසනාව, සෞභාග්‍යය ඇති වන බව කාගේත් විශ්වාසයයි. වාලම්පුරියක් යනු දක්‍ෂිණාවෘත බෙල්ලෙකි. වාලම්පුරියක් හක්ගෙඩියකින් වෙනස් වන්නේ සාමාන්‍ය හක්ගෙඩියක් වාමාවෘතව කැරකී තිබීමත්, වාලම්පුරියක් දක්‍ෂිණාවෘතව කැරකී තිබීමත්ය. නමුත් මෙම වාසනාවට මූලික වන්නේ ස්ත්‍රී වාලම්පුරියයි. මෙයටම ලක්‍ෂ්මී වාලම්පුරිය යනුවෙන්ද හඳුන්වනු ලබයි. ජීවී සියල්ලකම ස්ත්‍රී – පුරුෂ භේදයක් පවතින අතර, මෙම බෙල්ලන්ගේද ස්ත්‍රී – පුරුෂ භේදය අනුව ස්ත්‍රී වාලම්පුරි සහ පුරුෂ වාලම්පුරි යනුවෙන් වර්ග 2කින් සමන්විත වෙයි. පුරුෂ වාලම්පුරිය විෂ්ණු වාලම්පුරිය කියාද හඳුන්වනු ලබයි.

අප සමාජය තුළ වාලම්පුරියක් තිබුණු පලියට වාසනාව පැමිණෙන මතයක් තිබුණද සැබැවින් එය එසේ නොවේ. එයට මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කොට බලයක් කාවැද්දිය යුතුවෙයි. නැත්නම් එහි ඇති කිසිම වාසනාවක් නොවේ. ජීවම් කර ළඟ තබාගන්නා වාලම්පුරියට උදේ – සවස නිවැරදි වත්පිළිවෙත් සිදුකළ යුතු අතර, හඳුන් තෙල් ගැල්වීම, සුවඳ දුම් ඇල්ලීම සිදුකිරීම කළ යුතු අතර, ස්ත්‍රී වාලම්පුරියක් නම් ලක්‍ෂ්මී මෑණියන්ට පහනක් දල්වා එම යහනේ වාලම්පුරිය තැන්පත් කළ යුතු වෙයි. විෂ්ණු වාලම්පුරියක් පමණක් ඔබ සතුව ඇත්නම් එම වාලම්පුරිය නිවෙස තුළ තබා ගැනීම යෝග්‍ය නොවන අතර, නිවෙසින් පිට දේව මන්දිරයක එය සුරක්‍ෂිත අයුරින් තැන්පත් කළ යුතුය. විෂ්ණු වාලම්පුරියක් පමණක් නිවෙස තුළ තැන්පත් කිරීමෙන් එයින් ඔබට දෙවි දොස් ඇති වීමටද හේතු වන කරුණකි. විෂ්ණු වාලම්පුරියක් ළඟ තබාගන්නේ නම් ලක්‍ෂ්මී වාලම්පුරියක් සමඟ එක යහනේ නිවෙස තුළ එය තැන්පත් කළ යුතු වෙයි. එයින් ඔබගේ වාසනාව දෙගුණ වෙයි. දක්‍ෂිණාවෘත පිරිමි වාලම්පුරියකින් ස්ත්‍රී වාලම්පුරියකට වඩා නපුරු අන්දමේ හාස්කම් පෙන්වන ක්‍රම ගණනාවක් මන්ත්‍ර ශාස්ත්‍රයේ උගන්වා ඇත. මෙය සාමාන්‍ය පුද්ගලයන්ට නුසුදුසු ක්‍රියාවක් වන අතර, දක්‍ෂ යකැදුරන් පමණක් කළ යුතු කටයුත්තකි. රාම ශැරය නම් මන්ත්‍රයෙන් නියමිත පිළිවෙත් සිදුකර පිරිමි වාලම්පුරිය මතුරාගත යුතු අතර, මෙම වාලම්පුරියෙන් සතුරන්ට දඬුවම් කළ හැකි ක්‍රම හයක් මන්ත්‍ර ශාස්ත්‍රයේ උගන්වා ඇත. මෙම කටයුතු කවුරු සිදු කළත් මෙයින් පාපකර්ම සිදුකිරීම යෝග්‍ය නොවේ. කෙටි කාලීනව එයින් පල ලැබුණද එහි කර්ම විපාක තමන් පසුපස පැමිණීම කිසිදා වැළැක්විය හැකි නොවනු ඇත. නමුත් මෙහි සත්‍යතාව පරීක්‍ෂා කිරීමට කැමැති අයෙක් ඇත්නම් නිසි පිළිවෙත් පරිදි රාමශැරයෙන් ජීවම් කර වාලම්පුරියක් යකුන් ආවේශ වූ අයෙක් අබියසට ගොස් මෙම වාලම්පුරිය උස් හඬින් පිඹීම මඟින් එම ආතුරයා සිංහල හත්පැයක් පමණ සිහිමූර්ඡා වී සිටින අතර, අතුරයාට පියවි සිහිය එළඹෙන කල ආවේශගත අමනුෂ්‍යයා පලාගොස් රෝගය සුවවී ඇති බව පෙනෙණු ඇත. මෙය රෝගියාගේ ජීවිතය පවා හානි වීමට තරම් හේතු ඇති උග්‍ර උච්චාටන කර්මයකි. ප්‍රවේශමින් දක්‍ෂ ඇදුරන් පමණක් මෙම කටයුතු කළ යුතුවෙයි.

තවද ශ්‍රී විෂ්ණු කුමාර බන්ධනයෙන් නිසි පිළිවෙත් සපුරා ජීවම් කරගත් වාලමපුරියක් විෂ්ණු ප්‍රතිමාවක ඇසින් දකුණු අංශයේ අතක තැන්පත් කිරීමෙන් (එනම් විෂ්ණු දෙයිහාමුදුරුවන්ගේ වම් අතෙහි) උසස් ශාන්ති කර්ම කළ හැකි දේව බලයක් ලබාගත හැකි නමුත් මෙම කටයුත්තද නිවෙසින් පිට ශුද්ධ වූ ස්ථානයක කළ යුතුවෙයි. මෙවැනි ලෙස සිදුකරගත් දේව මන්දිරයක ලෙඩුන් සුව කිරීම පවා සිදුකළ හැකි අතර, මෙවන් ස්ථානයන්හි කියන සෙත්කවිවලින්ද සුබ කටයුතුවලට භාරහාර වීමෙන්ද, ක්‍ෂණික ප්‍රතිඵල ළඟාකරගත හැකිය. විශේෂයෙන් පිරිහුණු සමාජ තත්ත්ව ඇත්තන්ටද, විවාහ ප්‍රමාදයටද හා කිහිපවරක් කළ විවාහ වැනිදෑ උත්සාහ කළත් අසාර්ථක වූවන්ටද එම දෙවොලක භාර වීමෙන් තම බලාපොරොත්තු සපල වෙයි.

බොහොමයක් දෙනකුට වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් සුබ හෝ අසබ ප්‍රතිඵල අත්නොවන හේතුව එම වාලම්පුරි ව්‍යාජ ඒවා වීමයි. හරියට නොදැන වාලම්පුරියක් ළඟ තබා ගන්නවාට වඩා ව්‍යාජ වාලම්පුරියක් ළඟ තබා ගැනීම වටී. මොකද එයින් කිසිම අසුබ ප්‍රතිඵල අත්නොවන බැවිනි. තාක්‍ෂණයේ දියුණුව නිසා කොතරම් වාලම්පුරි අතගෑව කෙනකුට වුවද ව්‍යාජ වාලම්පුරියක් එකපාරටම හඳුනා ගැනීම අසීරු කරුණකි. කිමද ඒවා සත්‍ය වාලම්පුරි සමානව නිමවී ඇති බැවිනි. ඔබ මිලෙන් අධික වාලම්පුරියක් මිලදී ගන්නේ නම්, විද්‍යාගාරයකට ගොස් රසායනික වශයෙන් පරීක්‍ෂා කරගැනීමට හැකි නම් එය වඩාත් යහපත්ය.

ජ්‍යොතිෂවේදී ජී.ඩී. අසංක වීරසිරි

SendShareShare
Previous Post

ප්‍රභාකරන්ගෙ ‌ගෙදරට ගිහින් හඩාවැලපුණු තමිල්නාඩු නළුවා

Next Post

දකුණ ‌හොල්ලපු ‌’රෝයල් බීච් සමන්’ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.