• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිරෝෂා ආයෙත් විවාහ වෙයි

September 26, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

විවාහය යනු වර්තමානයේ එක්තරා ආකාරයකට ආන්දෝලනයට ලක්වුණු මාතෘකාවක් වෙලා. එහෙමත් නැත්නම් විවාහය යන්නෙහි නියම අර්ථය සැඟවී ගොස් එය තවත් එක්තරා කාරණාවක් පමණක්ය යන තත්ත්වයට පත්වෙලාද කියලත් හිතන්න සිද්ධවෙලා. එහෙම බලද්දි කලාකරුවන්ගේ ජීවිතවලදී විවාහය කියන කාරණාව දැඩි ලෙස ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති බවකුයි දිනපතා අහන්න දකින්න ලැබෙන තොරතුරුවලින් හෙළිවන්නේ. මේ තත්ත්වය තුළ නව පරපුර දැඩි දෝෂදර්ශනයට ලක්වෙද්දී බොහෝ ආදරණීය විවාහ ජීවිත ගත කරන කලාකරුවන්, කලාකාරියන් නැතුවාම නොවේ. ඒ අතර 90 දශකයේ යුග දිවියට පිවිසි තරු පවුල් සුවිශේෂීයිද කියලත් සිතන්න ඉඩකඩ තිබෙනවා.

ඉතින් ඒ වගේ හරිම ආදරණීය අඹු සැමි යුවලක් ගැන හාට් එකට පොඩි ඉඟියක් ලැබුණා. මේ දෙන්නාගෙ යුග දිවියට වසර විසිපහක් කියලත් අපට ආරංචි වුණා. විවිධාකාර වූ හැලහැප්පීම් සහිත ලෝකයක විවාහ වෙලා මාසෙන් දෙකෙන්, වසරෙන් දෙකෙන් වෙන්වෙලා යන බොහෝ තරු අතර එකා වගේ එකට බැඳිලා සතුට, සමගිය සපිරි යුග දිවියක් ගෙවපු ඒ ආදරණීය යුවල තමයි ජනප්‍රිය රංගන ශිල්පී කුමාර ජයකාන්ත සහ ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා හේරත්. ඉතින් මේ දෙන්නා ආයෙත් විවාහ වෙලා කියන ආරංචියත් එක්ක අපිත් ටිකක් කලබල වුණා. ඇත්තටම මොකක්ද වුණේ කියලා බලන්න අපි නිරෝෂා හේරත්ට කතා කළා.

“අනේ ඔව්. අපි දෙන්නා විවාහ වෙලා මේ වෙනකොට අවුරුදු විසිපහක් ගෙවිලා. ඉතින් මගේ යාළුවෙක්ගේ පොඩි යෝජනාවක් ආවා. ආයෙත් වෙඩින් එක දවසෙ වගේ හැඩ වෙන්න කියලා. මටත් ඒ යෝජනාවට ආශා හිතුණා. කුමාරත් කැමැති වුණා. ඉතින් අපි හරිම සරලව ලොකු වියදමක් නොකර සාමාන්‍ය විදියට තමයි මේ කටයුත්ත කළේ. ඇත්තටම ඒ අත්දැකීම හරිම සුන්දරයි. මායි කුමාරයි 1994 අවුරුද්දෙ තමයි විවාහ ජීවිතයට ඇතුළු වුණේ. එදා මාව හැඩ වැඩ කළේ හැරිස් විජේසිංහ. ෆොටෝ ගත්තෙ දයාන් විතාරණ. ඉතින් ඒ සුන්දර මතකය හරියටම වසර විසිපහකට පස්සෙත් ඒ විදියට හිතට දැනුණා කියලා හිතෙනවා.”

ඇය ඉතා ආදරණීයව ඒ සුන්දර මතකය අවදි කළා. දෙවියන් වහන්සේ කෙරේ අසීමිත ආදර භක්තියකින් කටයුතු කරන නිරෝෂා වැඩිදුරටත් පැවැසුවේ ඇයට පණ මෙන් ආදරය කරන සැමියකුත් ජීවිතය සුවඳවත් කරන්නට මල් කැකුළු තුනක් බඳු දරු පැටවුන් තුන්දෙනකුත් ලබාදුන්නේ දෙවියන්ම බවයි. ඒ නිසාම දවසින් දවස ජීවිතයේ සතුට සැනසුම පිරී ඉතිරී යන බව ඇය කියන්නේද දෙවියන් ගැන අසීමිත භක්තියකිනි.

දෙවියන්ගේ ආශීර්වාද ඇත්නම් ස්ත්‍රියකට ජීවිතය වරදින්නේ නැතැයි විශ්වාස කරන ඇගේ සුන්දර රංගනයද යළිත් ළඟදීම දකින්නට ඉඩකඩ ලැබෙන බවට පුංචි රහසක් අප සමඟ පැවැසූ ඇය තවත් නිර්මාණ ගණනාවකට ආරාධනා ලැබී ඇති බවත්, තමන්ට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් හැකි සෑම විටම රංගනය හරහා ඔවුන් හමුවට එන බවත් පැවැසුවේ හදපිරි සතුටිනි.

කාලයක් පුංචි තිරයේ නිරන්තරයෙන් නෙත ගැටුණු නිරෝෂාත්, කුමාරත් කලාව නිසාම ආදරයෙන් බැඳී යුග දිවියට පිවිසි තරු යුවලක්. එනිසාම ඔවුන්ගේ කලා දිවියටත්, ආදරබර යුග දිවියටත් ‘හාට්’ හදවතින්ම සුබපතන බව මේ මොහොතේ මතක් කළ යුතුමයි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගෝඨාද-සජිත්ද? ජනපතිවරණයේ පළමු ප්‍රතිඵලය ඔක්තෝබර් 11 ඇල්පිටියෙන්

Next Post

සුද්දා හොයපු ජල උල්පත

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.