• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සුද්දා හොයපු ජල උල්පත

September 26, 2019
in Holiday
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

කලින් බාලි ටුවර් එක ගැන ලිව්ව වෙලේ පොරොන්දු වුණා වගේ පිලිපීන් ටුවර් එක ගැනත් ලියන්නම්. ට්‍රැවල් කරන්න ආස අයට වැදගත් දේවල් ගොඩක් මේකෙත් ඇති.ලස්සන බීච් තියෙන තැන් හොයන් යන අතරේ ආසියාවෙ ලස්සනම බීච් වන මෝල්ඩිව්ස්, බාලි, ක්‍රාබි මායා බේ, පීපී අයිලන්ඞ්, රැලේ බීච් (තායිලන්තයෙ) කවර් කරල අන්තිමට ලිස්ට් එකේ ඉතිරිවෙලා තිබුණේ ලෝකෙ ලස්සනම බීච් එකක් හැටියට ලැයිස්තුවේ තියෙන පිලිපීනය.

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ගලබොඩ ඇල්ල උසින් මීටර 38ක අගයකි. ගලබොඩ ඇල්ල අවට ප්‍රදේශයට මෝසම සක්‍රීය වීමෙන් වාර්ෂිකව සිදුවන වර්ෂාපතනය මිලිමීටර 4,500ක් පමණ වේ. වටවල හා ඒ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයන්ට නිතරම පවතින වර්ෂා තත්ත්වයන් අනුව වහා වෙනස්වනසුලු ජල ධාරිතාවන් යටතේ ඇල්ලේ පළල තීරණය වේ. ඒ අනුව උසට සමාන උපරිමයක් දක්වා ඇල්ලේ විහිදීමේ ප්‍රමාණය දැකගත හැක. හඟුරන්කෙත ගඟෙන් පෝෂණය වන ගලබොඩ ඇල්ල, ඉහළ ගලබොඩ, මැද ගලබොඩ හා පහළ ගලබොඩ ලෙස කොටස් තුනකට ගඟේ කිලෝමීටර කිහිපයක දුරකින් පිළිවෙළින් දැකගත හැකිය. සංචාරකයන් අතර වඩාත් ප්‍රචලිතව පවතින්නේ ඉහළ ගලබොඩ ඇල්ලයි. ජනවාරි මාසයෙන් ආරම්භ වන වසරේ මුල් කාර්තුව දියඇල්ල නැරඹීමට සුදුසුම කාලය වන අතර, එක් දිනයකින් පරිසරය සමඟ එක්ව ගතකිරීමට තෝතැන්නක් ලෙස ගලබොඩ ඇල්ල හැඳින්විය හැකියි.

ඉංග්‍රීසි පාලන සමයේ පිරිසුදු ජල උල්පත් සහිත යටත් විජිතයන් අතරින් “සිලෝන්” නමින් ලොව ප්‍රචලිත අපේ රට ප්‍රමුඛස්ථානයක් ගනු ලැබිණි. පානීය ජල පරිභෝජනය සඳහා සුදුසුම තත්ත්වයන් ලෙස ජලයේ ඝනත්වය සැලකේ. අතීතයේ සිට අදටද නොනැසී පවතින ජල උල්පතක් ලෙස මෙන්ම ආසියාවේ වැඩිම ජල ඝනත්වයකින් යුත් පිරිසුදු ජල උල්පතක් ලෙස උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසල පවතින නිල්දිය පොකුණ දැක්විය හැකිය. එකල බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාට මෙන්ම කිරීටය හිමි රැජිනටද මෙම ජලය පානය සඳහා යැවූ බව කියැවේ. වර්තමානය වන විට ගලබොඩ වඩාත් ප්‍රචලිත වී පවතින්නේ මේ කරුණ නිසා නම් නොවේ. දුම්රියෙන් පැමිණ, දුම්රියපොළ ගමනේ සන්ධිස්ථානයක් කරගෙන ගලබොඩ ඇල්ලේ අසිරිය විඳගන්නට එන සිය ගණනක් සංචාරකයන් නිසාවෙනි. සති අන්තවල මෙන්ම සතියේ දිනයන්හිද නිතැතින් ගලබොඩට කණ්ඩායම් වශයෙන් පැමිණෙන පිරිස් එමටය. ගලබොඩට පෞද්ගලික වාහනයකින් පැමිණෙනවාට වඩා පහසු වන්නේ දුම්රිය ගමනයි. උදෑසන පොඩි මැණිකේ දුම්රියෙන් කොළඹින් අලුයම 05.55ට පැමිණ පෙරවරු 10 පසුවනවාත් සමඟම ගලබොඩට පැමිණීමට හැකිය. නුවර සිට පැමිණීමේදී නම් බදුල්ල බලා එන දුම්රියකින් පහසුවෙන් ගලබොඩට ළඟාවිය හැකිය. පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, නුවර, පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථාන පිළිවෙළට පසුකර උඩරට කඳුකරය ඔස්සේ ඇදෙන දුම්රිය ගමනත් අතිශය සුන්දර වූවකි.

ගලබොඩ දුම්රිය ස්ථානයෙන් බැස අවශ්‍ය කෑමබීම අසල තිබෙන කඩයකින් ලබාගත හැකිය. මහා පරිමාණයකින් නොමැති වුණත් අවශ්‍යතා සපුරගන්නට හැකි ආකාරයේ වටපිටාවක් ග්‍රාමාශ්‍රිතව පවතී. කෘෂිකර්මාන්තයෙන් හා තේ කර්මාන්තයෙන් ගොඩනැඟුණු වඩාත් සුහද මිනිසුන් සිටින ගමක් ලෙස ගලබොඩ හැඳින්විය හැකිය. ජනප්‍රවාදයට අනුව අතීතයේ මලය දේශයේ රජවරුන් මේ ගම ආශ්‍රිතව ආරක්ෂාව සඳහා වස්තුව ගබඩාකිරීම හෙවත් සැඟවීම සිදුකර තිබේ. පසුකාලීනව ව්‍යවහාරව ගල් අසබඩ ගලබඩ ලෙසටත් අනතුරුව ගලබොඩ ලෙසටත් නම්වී තිබේ.

දුම්රිය ස්ථානයෙන් ආපසු දුම්රිය ගමන් මාර්ගයේ මීටර 200ක දුරක් ගමන් කර ඇල්ලට යන මාර්ගයට පිවිසිය හැකිය. නාවලපිටිය දෙසට මෙලෙස පැමිණීමේදී දකුණු පසින් කන්ද මුදුනට මෙම මාර්ග යොමුවේ. ගම්වාසීන් නිතර ගැවසීම නිසා ගමන් මඟ පහසුවෙන්ම සොයාගත හැකියි. තේ වතු, කුඹුරු ,ජලපහරවල්, මීදුම් මැද්දෙන් ඈතට විහිදෙන කඳු මිටියාවත්වල දර්ශනය ගමන් මහන්සිය සේම කාලය ගතවීමත් සංචාරකයන් වෙත කිසි විටෙකත් දැනීමට ඉඩ නොතබයි. යොවුන් තරුණ මැදිවයස්වල පෙම්වතුන්ගේ පාරදීසයක් බවට ගලබොඩ ඇල්ල නම් දැරීමටත් හේතුවන්නට ඇත්තේ මේ සෞන්දර්යය බව නම් නොඅනුමානය. රුපියල් 20ක ප්‍රවේශ පත්‍රයක් රැගෙන ඇල්ලට පැමිණෙන මාර්ගයේ කි.මී.2ක ගමනකින් පසුව හමුවන ලෑලි පාලමෙන් හඟුරන්කෙත ගඟෙන් එගොඩවීමට සිදුවේ. පාලම තරමක් අබලන් වුවත් ප්‍රවේශමෙන් අනෙක් පසට ළඟාවිය හැකිය. පාලමේ මැද්දට යද්දී ගලබොඩ සුන්දරියගේ දර්ශනයක් ඈතින් දැකගත හැකිවේ. ඇල්ල අසලට සමීපවීමේදී පින්නෙන් නාගැනීමේ සම්භාවිතාව ක්‍රමයෙන් වැඩිවේ. අඩුවැඩි වෙමින් ක්ෂණයකින් වෙනස් වන ජල මට්ටමේ සුන්දරත්වය සේම අපූර්ව ගුප්ත බවක්ද මෙහිදී දැකගත හැකිය. මමත් ගමන් සගයා වන අශේන් මල්ලිත් ඇල්ලේ පින්නෙන් නැහැවෙමින් ඇල්ල අසලටම ගියත් වැඩිවෙලා ඒ අසල රැඳී නොසිටීමට ඇල්ලේ එම ස්වභාවය හේතුවිය.
නැරඹීමට පැමිණියත් ස්නානයට ඉහළ ගලබොඩ ඇල්ල ආශ්‍රිතව නුසුදුසුය. නිතර වෙනස්වන ජල මට්ටමත්, ගංගාශ්‍රිත ජල තටාකවල ගැඹුර හා දිය සුළි පැවැතීමත් ඊට හේතු ලෙස දැක්විය හැකිය. ගම්වාසීන්ගේ අණ නොතකමින් දිය නෑමට ගොස් මෑතකදී සිදුවුණු ජීවිත හානිද කිහිපයකි. එබැවින් ඒ ගැන සැලකිලිමත් වීම යහපත්ය.

අකිල දහනායක

SendShareShare
Previous Post

නිරෝෂා ආයෙත් විවාහ වෙයි

Next Post

වෙල්ලස්සෙ බලගතු දේවාලය

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.