ජනාධිපතිවරණයේ වැඩි වාසි හිමිවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටද, එසේ්ත් නැතිනම් සජිත් ප්‍රේමදාස මහතාටද යන්න තීන්දු කෙරෙන පළමු ප්‍රතිඵලය ලබන ඔක්තෝබර් 11 වැනි දින ලැබීමට නියමිතය.
ඒ අලුතින් නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමගය.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීම පෙර කැඳවූ නාමයෝජනා අනුව ඔක්තෝම්බර් 11 වන දා පවත්වනු ලබයි.
මුලින් මෙය ගාල්ලේ ඇල්පිටිය නියෝජනය කරන ආණ්ඩුවේ ගයන්ත කරුණාතිලකගේ සහ පොහොට්ටුව නියෝජනය කරන ගීතා කුමාරසිංහගේ සටනක් බවට පත්ව තිබුණත් මේ වනවිට දෙපාර්ශ්වයේම ජනාධිපති අපේක්ෂකවරුන් නිල නොවන වශයෙන් හෝ නම් කර ඇති පසුබිමක එය ගෝඨාභය සහ සජිත් අතර සිදුවන ද්වන්ධ සටනක් බවට පත්වී තිබේ.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවකි. මෙම පෙත්සම අද (25) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි.