• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කොඩිවිනවලින් බේරෙන්න පහසුම විදිහ

February 13, 2021
in Astrology
Reading Time: 1 min read
A A
කොඩිවිනවලින් බේරෙන්න පහසුම විදිහ
Share on WhatsAppShare on Facebook

මේ වන විට සමාජය තුළ එකිනෙකා කෙරේ ඊර්ෂ්‍යාව, වෛරය පැතිරීම කොරෝනාවටත් වඩා වේගයෙන් සිදුවෙන්නකි. අනෙකා කෙසේ හෝ දියුණුවේ යැයි සිතුණහොත් එම ගමන නවතා දැමීමට හැකි කුමක් හෝ ක්‍රමයක් සොයා ගැනීමට පිරිස් උත්සාහ කරමින් සිටිති. ඒ සඳහා වැඩිමනත් භාවිත කරනුයේ හොඳට වඩා නරකය. එහිදී නරක දේකින් අනෙකා පාගා දැමීමට තරම් සමාජය පහත් තත්ත්වයට වැටී ඇතුවා මෙන්ම, නරක දෙයක් අනෙකාට කරදී හෝ තම මඩිය තරකර ගන්නවුන්ද වැඩි වී ඇත්තේය. එහෙයින් මෙය මහා දරුණු අත්දැකීම් සමාජයට ලබාදෙන්නක් වී හමාරය.

මෙහිදී වඩාත් නරකම දෙය වී ඇත්තේ අනවින, කොඩිවින, හදිහූනියම් වැනි දේ සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයට පත්ව තිබීමයි. ඒ අනුව කෙනකුගේ අධ්‍යාපන කටයුත්තක්, රැකියා කටයුත්තක්, ව්‍යාපාර කටයුත්තක් මේ ආදී ඕනෑම කටයුත්තක් සාර්ථක වෙනවා යැයි දුටු පමණින් කුමක් හෝ විනයක් කිරීමට තරම් සමාජය පහත් අඩියට වැටී ඇත්තේය.
මෙලෙසින් අනෙකාගේ දියුණුව දැකීමට ඇති අකැමැත්තත් තමන්ට ඇති නොහැකියාවත් මත අනවින, කොඩිවින ආදියට යොමු වන්නන් බහුලය.

අනෙකාගේ දුක, කඳුළ දැක සතුටුවීමේ පහත් ආශාවන්ගෙන් පෙළෙන මෙවැන්නන් අද වෙද්දී වැඩි වෙමින් සිටියි. එහෙත් මේවා කරන්නන් නොදන්නා කරුණු රාශියකි. එනම් ඉතා බුද්ධියෙන් යුතුව තේරුම්ගත යුතු කාරණය නම් කෙනකුගේ ග්‍රහ චාරය ඉතා හොඳ බලවත් තත්ත්වයේ වේ නම් එම පුද්ගලයාට සෙත සලසන ග්‍රහයන් කිසිදු විටක අහිතක්, නරකක් අසුබ තීරණයක් තම ග්‍රහ තත්ත්වය බලවත් අයකුට වදින්නට නොදෙයි. එහෙයින් නරක සියල්ල ආපසු හැරී යයි. එසේ ආපහු හැරීමක් සිදුවුවහොත් තමන් කළ හෝ කෙරවූ විනයේ බලය දෙගුණ තෙගුණ වී ආපිට එන බවද දැන මෙවැනි දේට යොමු විය යුතුය.

එහෙයින් ග්‍රහ තත්ත්වය අතිශය බලවත් පුද්ගලයන් අනවින, කොඩිවින කෙරේ බිය විය යුතු නොවේ. මන්ද ඔවුන්ට ඒවායෙන් සිදුවන අයහපතද අල්ප සහ අවමය. එසේම එවැනි දෙයක් තමන්ට කර ඇති බවක් දැනගත් පසු ඒ සඳහා කළ හැකි දේද මන්ත්‍ර ශාස්ත්‍රයේම පෙන්වා දී තිබේ. යම් අසුබ දෙයක් තමන්ට බලපානවා නම් ඒ බව නිතැතින්ම හඳුනා ගන්නට අවශ්‍ය ඉඟි අවට පරිසරයෙන්ම ඔබට ලැබෙනු ඇත. එහිදී තමාගේ කටයුතුවලට නිතර සිදුවෙන බාධා තත්ත්වය ඊට හොඳම උදාහරණයකි. යම් යම් රෝගී තත්ත්වයන් ඇති වීම සුව නොවීම ආදියද මෙවැනි අවස්ථාවල දැකිය හැකිය. ඇතැම් විට මෙවැනි අවස්ථාවල ශාන්තිකර්ම කිරීම සිදුවුවද බොහෝ ශාන්තිකර්මවලින් සිදුවනුයේ තාවකාලික හෝ කෙටිකාලීන සුවයක් ලැබීමය. ඉන්පසු යළිත් පෙර තත්ත්වයටම හෝ ඊටත් වඩා පහත් තත්ත්වයට ඇදවැටීමක් සිදුවනු ඇත.

යම් දෙයක් තමාට සිදුකර ඇතැයි නිසි ලෙස හඳුනාගතහොත් වත්පිළිවෙත් කිරීම පහසුය. එසේම කවුරුන් කෙසේ කීවද ආගමට දහමට නැඹුරුව ධාර්මිකව කටයුතු කරන්නාට අනවින බලපෑම අඩු බව පිළිගත යුතුය. එහෙයින් නිතරම දහමට අනුව කටයුතු කළ හැකිනම් තමාගේ ආරක්‍ෂාව ඉතා පහසුවෙන් තමාටම සපයා ගතහැකිය.

අනෙක් කරුණ නම් සිය නිවෙසේ හෝ පදිංචි ස්ථානයේ සුළු සුළු ශබ්ද හෝ වෙනස්කම් සිදුවූ පමණින් ඒවා අනවින, කොඩිවින යැයි කලබලවීම සුදුසු නොවේ. ඇතැම් අය පුස් ගඳ හෝ දුර්ගන්ධය එවැනි දෙයක පෙරනිමිති සේ සලකා බියවන්නේ, තමාගේ කිළිටි ගේ මුල්ලේ තබාගෙනය. මේ බව මැනවින් වටහාගෙන නිවෙස නිසි ලෙස පිරිසුදු කරගන්න. එසේම සුවඳ දුම් ආදිය අල්ලා නිවෙසේ වටපිටාව සුවඳවත් කරන්න. නිතරම ඉන්න හිතෙන තැනක් නිර්මාණය කරගැනීම උදෙසා කැපවන්න. ඒ සියල්ල සිදුකළද පලක් නොවේ නම් ඊළඟ පියවරට යොමුවන්න.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

දිය රෙද්ද ඇඳලා හැඩ වැඩ දාන ගමේ කෙල්ල

Next Post

නුඹ නාඩන් නුඹ නාඩන් විමලෙ ඕවා හොඳ පාඩම් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.