• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුඹ නාඩන් නුඹ නාඩන් විමලෙ ඕවා හොඳ පාඩම් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 13, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 15 mins read
A A
නුඹ නාඩන් නුඹ නාඩන් විමලෙ ඕවා හොඳ පාඩම් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

විමල් වීරවංශ ගැන ‘ගුරුදා විග්‍රහය’ ලියන මෙම ලියුම්කරු ලියූ ලිපි සමහරක් පුවත්පත්වල පළ කිරීම එම පුවත්පත්වල කර්තෘවරු ප්‍රතික්‍ෂේප කළහ. බොහෝ ලිපි වෙනස් කිරීමේ කොන්දේසිය මත පළකරන ලදී. ඒ තරමට විමල් වීරවංශ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. විමල්ට බය නැතිව ගැහුවේ ඉරුදින, සන්ඩේ ලීඩර් සහ සිරස මාධ්‍ය ජාලය පමණි. විමල්ට පහර දීමේ පාපයට ‘ඉරුදින’ පුවත්පතේ එකල හිමිකරුට රහස් පොලිසියගානේ යන්න සිදුවිය. ඒ රටේ තැනින් තැන බෝම්බ පිපිරීම පිටුපස ඉරුදින හිමිකරු ඉන්නා බවට බොරු චෝදනා එල්ල කරමින්ය. ඔහුට පත්තර කිරිල්ල එපා විය. එහෙව් විමල්ට අද ඔහුගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු උඩ පැන පැන පහර දෙන හැටි දැක්කාම පේන්නේ පුදුම හතෙන් එකක් වගේය.

මීට වසර 15කට පමණ පෙර මෙම ලියුම්කරු විමල් ගැන ලියපු ලිපි කියවා බැලුවහොත් විමල්ට වෙලා තියෙන දේ පැහැදිලි වනු ඇත.

මහින්ද ජනාධිපති වීමටත් කලින් විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රියතම චරිතය වී සිටි 2003 කාලයේ මෙම ලියුම්කරු විමල් වීරවංශ ගැන ලිපියක් ලීවේය.

එහි සිරස්තලය වූයේ ‘කටේ බලෙන් දේශපාලනය’ය. එම ලිපියෙන් මෙම ලියුම්කරු විමල් වීරවංශවත්, රණසිංහ ප්‍රේමදාසවත් සමාන කළේ මෙසේය.

‘මේ නිසාම ඒ කාලයේ දේශපාලන භූමිය කාන්තාරයක් මෙන් විය. යූ.ඇන්.පී.ය අවුරුදු 17ක පව් බෙල්ලේ එල්ලාගෙන ගොළුවත රැක්කේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුන් පොරොන්දු ඉටුකරගත නොහැකිව ඇටිකෙහෙල් කාපු උගඩුවන් වගේ නිශ්ශබ්දව සිටියෝය. ජනතාවගේ ප්‍රශ්න ගැන ජනතාවගේ පැත්තෙන් බලා ජනතාවගේ හිතට වදින්න කතා කරන්න පුළුවන් දේශපාලනඥයෙක් නොවීය.

විමල් වීරවංශගේ කට සපුරාලනු ලැබුවේ ඒ ඉල්ලුමය. ඔහුගේ කටත් ඔහුගේ කතාවත් ප්‍රේමදාසට බොහෝ දුරට සමාන විය. ඔහු නවීකරණයට ලක්වූ ප්‍රේමදාස කෙනකු මෙන් විය. ප්‍රේමදාස රෙද්ද, බැනියම ඇඳගෙන එවකට සාම්ප්‍රදායික තාරුණ්‍යයට කතා කළේය. විමල් වීරවංශ යුරෝපීය තාලයට ඇඳ පැලඳගෙන හැඩ වැඩවී නූතන රැඩිකල් තාරුණ්‍යයට කතා කළේය. ප්‍රේමදාස මෙන්ම විමල් වීරවංශත් ජනප්‍රිය විය. මාධ්‍ය ඔහු පසුපස හඹා ගියේය. ඔහුගේ කතා පොල් ගෙඩි අකුරින් පත්තරවල පළවිය. මාධ්‍යයන්ට ඔහු නැතුව බැරි විය. ඔහුට මාධ්‍ය නැතුව බැරි විය. ඔහු මාධ්‍යයන්හී වීරවරයෙක් වූවා පමණක් නොව පුවත් මවන්නෙක්ද විය.

ඔහු දේශපාලනයේ ප්‍රධාන පෙළේ චරිතයක් බවට පත්වීමත් සමඟ සමාජය ඔහු පිළිබඳව උනන්දු වන්නට ඔහු පිළිබඳව විපරම් කර බලන්නට විය. විමල් වීරවංශ සමාජයේ ප්‍රධාන පෙළේ චරිතයක් බවට පත්වූයේ පවතින සමාජ ක්‍රමය විවේචනය කොට ඊට එරෙහි රැල්ලේ වීරයකු වෙමින්ය. රණසිංහ ප්‍රේමදාස සමාජයේ ප්‍රධාන පෙළේ චරිතයක් බවට පත්වූයේද පවතින සමාජයේ දුෂ්චරිතයන්ට එරෙහිව සුචරිතවාදී අරගලයක වීරයකු බවට පත්වෙමින්ය. පවතින සමාජ ක්‍රමයට අනුගත නොවී ඒ සමාජ ක්‍රමය කණපිට හරවන්නට කතා කරන්නන් ඉක්මනින් සමාජ අවධානය දිනාගෙන ජනප්‍රිය වනවා සේම ජනප්‍රිය වූවාට පසු තමන් කතා කළ සමාජ පෙරළිය කළ නොහැකිව තමනුත් පවතින සමාජ ක්‍රමයට අනුගත වෙන්නට යෑමේදී පවතින සමාජ ක්‍රමය තුළ ජනප්‍රිය චරිතවලට වඩා ශීඝ්‍රයෙන් පිරිහීමකට ලක්වේ. මෙයට හේතුව පවතින සමාජ ක්‍රමයට අභියෝග කරන්නවුන්ගේ චරිතය දිහා මුළු රටම විමසිල්ලෙන් බලා සිටින නිසාය. මේ චරිත බොහෝ විට ජනප්‍රිය වන්නේ මාධ්‍ය හරහාය.

ප්‍රේමදාස තමන් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වනතුරු මාධ්‍යයන් වගේම තමන්ට දිනා ගැනීමට දුෂ්කර මෙරට ප්‍රභූ පන්තිය, ව්‍යාපාරික පන්තිය, ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියේය. ප්‍රධාන චරිතයක් බවට පත්වූ පසු සිතුවේ මේ සියල්ලන් තම මතය අදහමින් තමන් කියන කරන දේට එකඟතාවය පළකළ යුතු බවය. එසේ නොවූ තැන මොහු කළේ ආපසු හැරී මේ සියල්ලන්ටම පහර ගැසීමය.

මේ රටේ කෝපි කඩේ සිට තරු පහේ හෝටලය දක්වා වූ ජනතාවත්, තානාපති අංශ හරහා මුළු මහත් ලෝකයාත් දිනා ගන්න කතා කළ විමල් වීරවංශ අද කතා කරන්නේ ආණ්ඩුව අද හෙටම පෙරළීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත විය යුතුය යන ඔහුගේ මතය අදහන්නන්ට පමණය. ඔහු කතා කරන්නේ ඔවුන් පිනවන්නටය. ඔහු කතා කරන්නේ ඔවුන් ආකර්ෂණය කරගන්නටය. ඔවුන් පිනවන්නට තමන් මේ තාක් කල් පක්‍ෂය දිනාදුන් හැමෝම තරහ කරගන්න යෑම සුබ නැත.

එසේ නොවිය යුතුය. ප්‍රේමදාස වගේම විමල් වීරවංශත් මෙතැනට ආවේ ධන බලයෙන්, පවුල් බලයෙන් හෝ ජාත්‍යන්තර බලයකින් නොවේ. තම තමන්ගේ දක්‍ෂකම්වලින්ය. එහෙව් මිනිසුන් රටකට අවශ්‍යය. වෙන කවරදාකටවත් වඩා අදට අවශ්‍යය.

‘ගුරුදා විග්‍රහය – 03-04-2008’

මේ ලියුම්කරු එම ලිපිය ලීවේ චන්ද්‍රිකා ජනාධිපති වී රනිල්ගේ ආණ්ඩු කාලයේය. ඉන්පසු මහින්ද ජනාධිපති වී මාස දෙක තුනක් යන විට මෙම ලියුම්කරු ගුරුදා විග්‍රහයේ ‘මහින්දගේ දෙවැනි තැන ගන්න විමල් මවන හීන’ නමින් ලිපියක් ලීවේය. එහි මෙම ලියුම්කරු සඳහන් කළේ විමල් මහින්දගේ, ඔසී අබේගුණසේකර වැනි ලකුණු පහළ කරමින් සිටින බවය. මේ එම ලිපියේ කොටසකි.

‘එදා ඔසී පටන් ගත්තේ එකල ආණ්ඩු විරෝධී රැඩිකල් පුවත්පත් කලාවක් වෙනුවෙන් පෙනී සිටි ‘රාවය’ පුවත්පතට ගහලාය. ඔහු ගහනකොට රහස් පොලිසිය රාවය පසුපස පන්නන්න පටන් ගත්තේය. අද විමල් ගහන්න පටන් අරගෙන තියෙන්නේ ලීඩර් ඉරුදින පුවත්පත් සමූහයටය. ඔහු ගහනකොට කොළඹ අපරාධ විමර්ශන ඒකකය එම පුවත්පත් සමූහය පසුපස පන්නන්න පටන්ගෙන තිබේ.

විමල් රැවුලෙනුයි කොණ්ඩෙනුයි දෙකෙන්ම ඔසීට බොහෝ හෙයින් සමානය. විමල් කතාවෙනුත්, ඔසී වගේම මුඛරිය. ඔසී 1988 දී ප්‍රේමදාස ජනාධිපති කළේ තමන් කියල හිතාගෙන ප්‍රේමදාසගේ දෙවැනියා වෙන්න හීන මැව්වේය. අද විමල් මහින්ද ජනාධිපති කළේ තමන් කියල හිතාගෙන මහින්දගේ දෙවැනියා වෙන්න හීන මවන බව පෙනේ.

විජය කුමාරණතුංග තුන් වැනි දේශපාලන බලවේගයක් ලෙස මහජන පක්‍ෂය හැදුවේ ප්‍රේමදාස ජනාධිපති කරවන්න නම් නොවේ.

ඒ වගේම රෝහණ විජේවීර තුන්වැනි දේශපාලන බලවේයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ හැදුවෙත් මහින්ද ජනාධිපති කරවන්න නම් නොවේ.

ජනාධිපතිවරණ කාලයේ විමල් වීරවංශ අපූරු කතාවක් කීවේය.

එම කතාව නම් මහින්ද රාජපක්‍ෂගේ හැට වැනි උපන් දිනයට උපන් දින තෑග්ග ලෙස ජනාධිපතිකම දෙන්න යැයි කියාය. මහින්ද රාජපක්‍ෂගේ හැට වැනි උපන් දිනයට උපන් දින තෑග්ග ලෙස රෝහණ විජේවීර ගොඩනැඟූ පක්‍ෂය තව තවත් ජනතාව අතරට ගෙන යෑමටද දායක වූ විමල් වීරවංශ මේ හදන්නේ මහින්ද මාධ්‍ය තුළත්, පක්‍ෂය තුළත් අනාරක්‍ෂිත කොට මහින්දගේ ආරක්‍ෂකයා ලෙස පෙනී සිටිමින් මහින්දගේ නොම්මර දෙක වෙන්නටය.

එහෙම බලන කොට විමල් යන්න හදන්නේ ඔසී ගිය පාරේම දැයි සැකයක් මතු වෙයි. 1988 ප්‍රේමදාස දිනවල ඔසී මහජන පක්‍ෂයට ලබා දුන් ජයග්‍රහණයක් නැත. ඔසීට ඕනෑ වුණේ මහජන පක්‍ෂය ඉණිමඟක් කරගෙන නායකයකු වී ප්‍රේමදාසගේ දෙක වෙන්නටය. ප්‍රධාන පක්‍ෂ දෙකටම අභියෝග කොට තුන්වැනි බලවේගයක් හරහා කොළඹට ඡන්දය ඉල්ලූ ඔසීගේ දේශපාලනය ඉවර වුණේ ප්‍රධාන පක්‍ෂයක් වූ එ.ජා.ප.යෙන් කොළඹට ඡන්දය ඉල්ලලාය.

ප්‍රධාන පක්‍ෂ දෙකටම අභියෝග කොට තුන්වැනි බලවේගයක් හරහා කොළඹට ඡන්දය ඉල්ලූ විමල්ගේ දේශපාලන ගමන්මග ගැන දැන්ම කේන්දර බැලීම උගහටය.

ඔසී මෙන් දේශපාලනයේ නන්නත්තාර නොවීමට විමල් වගබලා ගතයුතුය.’

‘ගුරුදා විග්‍රහය – 16-02-2006’

මෙම ලියුම්කරු එම ලිපි ලීවේ විමල් ජනතා විමුක්ති පෙරමුණ නොම්මර එක වී සිටි කාලයේය. විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී මහින්ද සමඟ එක් වන්න යන විට ජනතා විමුක්ති පෙරමුණ ‘සුපර් ස්ටාර්’ නමින් මෙම ලියුම්කරු ලිපියක් පළ කළේය. පහත දැක්වෙන්නේ එම ලිපියේ කොටසක්ය.

‘ඔසීගේ අඩුව පුරවන්නට විමල්ගේ සංක්‍රාන්තිය’

ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාව වූයේ කෙසේ හෝ රටේ බලය සියතට ගන්නටය. ජනතා විමුක්ති පෙරමුණ විමල්ව සුපර් ස්ටාර් කෙනකු කළේ ඒ සඳහාය. ජනතා විමුක්ති පෙරමුණට එකතු කරගන්න බැරි කොටස් එකතුකර ගන්න ජනතා විමුක්ති පෙරමුණ විමල්ට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය හදලා දුන්නේය.

විමල් ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර හදපු පාලම දිගේ ජාතික නායකත්වය සඳහා යන ගමන යන්න පාවිච්චි කළ වාහනය වූයේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයය.

මේ විමල් ගිය ගමන මේ විදියටම යන්න හදපු මේ රටේ තවත් ප්‍රකට දේශපාලනඥයෙක් සිටියේය. ඒ ඔසී අබේගුණසේකරය.

‘විමල් තවත් ඔසී කෙනෙක් වෙයිද?’

මේ මහින්ද ජනාධිපතිවරණය දිනල මාස කිහිපයකට පසු ගුරුදා විග්‍රහය මතු කළ ප්‍රශ්නයකි. ගුරුදා විග්‍රහය ඒ ප්‍රශ්නය මතු කරන විට විමල් හිටියේ කළුගලක් වාගේය. ඔහු විවේචනය කිරීම කළුගලක ඔළුව හප්පා ගැනීමක් යැයි රටේ බලපුළුවන්කාරයෝ සිතූහ.

එහෙත් ගුරුදා විග්‍රහය විමල් යන ගමන දුටුවේ ඔසී ගිය ගමනට සමානවය. කොණ්ඩයේ සහ රැවුලේ සිට දේශපාලනය දක්වාම ඔසී සහ විමල් අතර සමානකම් එදා ගුරුදා විග්‍රහය පෙන්නුවේය. විජය ඝාතනයෙන් පසු ඔසීට විජය කෙනකු වෙන්න ඕනෑ විය.

ඒ වගේම විමල්ට විජේවීර කෙනකු වෙන්න ඕනෑ විය.

ඔසී ජනප්‍රිය වූයේ කතාවෙන්ය.

විමල් ජනප්‍රිය වූයේත් කතාවෙන්ය.

1988 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස දිනුවේ ඔසී මහජන පක්‍ෂය පාවිච්චි කරලා කඩපු ඡන්දවලින්ය.

2005දී මහින්ද දිනුවේ විමල් ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරලා ඇදපු ඡන්දවලින්ය.

ප්‍රේමදාස ජනාධිපති වී ඔහුගේ ආණ්ඩුවෙන් ඉවත් වූ ලලිත් හා ගාමිණීට ශ්‍රීල.නි.ප.යට රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ තානාපතිවරුන්ට විපක්‍ෂ මාධ්‍යයන්ට ගහන්න පාවිච්චි කළේ ඔසීය.

අද මහින්ද මංගලලාට එ.ජා.ප.යට රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ තානාපතිවරුන් ඇතුළු නියෝජිතයන්ට ගහන්න පාවිච්චි කරන්නේ විමල්ය.

එදා ඔසී ප්‍රේමදාස එක්ක ගිය නිසා විජය හදපු මහජන පක්‍ෂය දෙකඩ විය. විජය වමේ පක්‍ෂ එකතු කරන්න හදපු එක්සත් සමාජවාදී පෙරමුණ කැඩිලා බිඳිලා ගියේය.

විජයගෙන් පසු දේශපාලනයේ තුන්වැනි බලවේගයකට නායකත්වය දෙන්න හැකියාවක් තිබූයේ මෙරට දේශපාලනයේ සිංහ නාද නගන සිංහයකු වීමෙනි. අති දක්‍ෂ ඔසී සිය දේශපාලනය අවසන් කළේ ප්‍රේමදාස ළඟ පුරු පුරු ගාන දේශපාලන පූස් පැටියකු වෙලාය.

‘මෙහෙම ගියොත් විමල් වීරවංශත්, මහින්ද ළඟ පුරු පුරු ගාන දේශපාලන පූස් පැටියෙක් වෙයිද?’

ඒක නම් තවම හරියටම කියන්න බැරිය.

‘හොඳයි මහින්ද විමල් නායකයෙක් කළොත්?’

එ.ජා.ප.යෙන් කරු ජයසූරිය ඇතුළු කණ්ඩායම ගියෙත් එහෙම හිතාගෙනය. මහින්ද කරු ඇතුළු කණ්ඩායම ගත්තේ එ.ජා.ප.ය දෙකට කරන්න හිතාගෙනය. හැබැයි මේ දෙකම වුණේ නැත.

පක්‍ෂයෙන් කවුරු ගියත් පක්‍ෂය කැඩෙන්නේ නැහැ. පාක්‍ෂිකයෝ පක්‍ෂය දමල යන්නේත් නැහැ. පක්‍ෂයේ ඡන්ද අඩු වෙන්නේත් නැහැ. ශ්‍රීල.නි.ප.යේ විතරක් නෙවේ ඕනෑම පක්‍ෂයකට එය පොදුයි.

මේ ශ්‍රීල.නි.ප. ලේකම් මෛත්‍රිපාල සිරිසේන පසුගියදා පැවැති පක්‍ෂ සම්මේලනයේදී කී කතාවය. මේ කතාව අහලා පක්‍ෂ කඩන්න පුළුවන් කියල හිතාගෙන කවුරු හරි කණ්ඩායම් ගහගෙන ආණ්ඩුවට යනවා නම් එහෙම යන්න ඕනෑ දේශපාලන සයනයිඩ් කරලක් බෙල්ලේ බැඳගෙනය.’

‘ගුරුදා විග්‍රහය – 10-04-2008’

මේ ලිපි කියවන විට පැහැදිලි වන්නේ විමල්ට තිබුණේ තෝරා ගැනීම් දෙකක් බවය. එක්කෝ විමල් ප්‍රේමදාස වගේ ශ්‍රීල.නි.ප. නායකත්වයට පත්විය යුතුය. නැතිනම් ඔහු ප්‍රේමදාසට කඩේ ගිහින් විනාශ වුණු ඔසී අබේගුණසේකර වගේ මහින්දට කඩේ ගිහින් විනාශ විය යුතුය. පහුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනුණේ ඔහු දෙවැනි තේරීම තෝරාගන්න ගොස් පල්ලම් බැස්ස බවය. නැතිනම් ඔහු කවදාවත් සරත් වීරසේකරට දෙවැනි වන්නේ නැත. ඒ ප්‍රතිඵලයෙන් විමල්ගේ පුටුව රත් වුණු බව පැහැදිලිය. කවුරු කොහොම කීවත් මහින්ද 2005 ජනාධිපතිවරණයට එන විට මහින්ද කවුද කියා ශ්‍රී ලංකාකාරයන් දැන සිටියාට රටේ අනෙක් මිනිස්සු දැන සිටියේ නැත. මහින්දගේ ජාතික ඇඳුම, මහින්දගේ රැවුල, මහින්දගේ සාටකය, මහින්දගේ පියපදවිය රටට වික්කේ විමල්ය. මහින්දව දේශප්‍රේමියෙක් කොට රටට වික්කේත් විමල්ය. විමල් මේ වගේ යූ.ඇන්.පී.යේ නායකයෙක්ව වික්කා නම් මේ වෙන කොටත් විමල් යූ.ඇන්.පී. නායකයා වී බොහෝ කල්ය. විමල් අඩුම තරමේ මෛත්‍රිපාල සිරිසේනට සෙට් වී ඔහුව වික්කා නම් මේ වෙන කොට විමල් රටේ අගමැතිය. ඒත් ඒ වෙනුවට විමල් රනිල්ව සුද්දෙක් කළේය. මෛත්‍රිව හිටං නැතිනම් ‘ආප්පයා’ කළේය. සජිත්ව ‘පුතාණෝ’ කළේය.

‘විමල් ඉවරද…?’

විමල් තවම ඉවර නැත. විමල්ව ඉවර කරන එකත් ලේසි නැත. ලොව පුදුම හතෙන් එකක් වූ ටජ්මහල හදපු ෂාජාහන් රජු එය නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඇඟිලි කපා දැමුවේ ඔහු තවත් රජෙකුට ටජ්මහලක් හදල දෙයි කියා බයෙන්ය. ආසියාවේ පුදුම හතෙන් එකක් වූ රාජපක්‍ෂ දේශපාලන ටජ්මහල නිර්මාණ කරපු විමල්ටත් ඒකම වෙයිද කියන්න දන්නේ නැත.

කොහොම වුණත් මාර්තු සහ අප්‍රේල් මාස විමල්ට තීරණාත්මකය. විමල් දේශපාලන කරළියට එන්නේ 1977 මාර්තු පළාත් පාලන ඡන්දයේදී කොළඹ නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත්වෙලාය. විමල්ගේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකත්වය තහනම් කරන්නේ 2008 මාර්තු මාසයේය. මේ මාර්තු හෝ අප්‍රේල් මාසයේ විමල් මොකක් හෝ පිම්මක් පනින්න ලෑස්ති වෙන බව නම් සිකුරුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොඩිවිනවලින් බේරෙන්න පහසුම විදිහ

Next Post

ගීතා ෆිල්ම් එක යට ගහලා කළේ මහා අපරාධයක්

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.