• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අත්අකුරෙන් ජීවන රහස්

September 16, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අප අවට සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් එකිනෙකාගෙන් එකිනෙකාට විවිධාකාර වෙයි. මේ අයුරින් වෙනස් වන ගතිගුණ හා ක්‍රියාකලාපයන් පිළිබඳ අපට දැනුමක් ලබාගත හැක්කේ ජන්ම පත්‍රය දේහ ලක්‍ෂණ විද්‍යාව මඟින් පමණක් නොවේ. යම් අයකු අත්අකුරු ලියන ආකාරය තුළින්ද ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. හස්ත රේඛා මෙන්ම අත්අකුරුද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එක හා සමාන ලෙස අත්අකුරු බොහෝ විට දක්නට ලැබුණත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි දෙයක් පරීක්‍ෂා කිරීමේදී අකුරේ රේඛා විහිද යන ආකාරයෙන් අකුරු ලියන හැඩයෙන් කොම්බුව, ගැටය ආදිය ඉස්පිල්ල, පාපිල්ල අකුරට සම්බන්ධ කරන ස්ථානය හා ස්වරූපය, ලියන ශෛලියේ එකකට එකක් වෙනස්කම් තිබෙන බව පැහැදිලිය.

මේ වෙනස්කම ඇතිවන ක්‍රියාකාරිත්වය, ස්වභාවය තේරුම් ගැනීමෙන් අකුරු සමාන වුවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල වෙනස්කම් ඇති බව හඳුනාගත හැකිය. ලිවීමට තෝරාගත් කඩදාසියේ දෙපස තීරු ඉහළ සිට පහළට සමාන්තරව මෙන් වෙන්කොට තිබේද, අකුරුවල ශෛලීය හා හැඩය පැහැදලි වේද, එය ආයාසයෙන් තොරව ලියන ලද්දේ වේද, එසේ නම් එම තැනැත්තා හෝ තැනැත්තිය ක්‍රමානුකූල හැඩගැස්මක් ඇති, මනාව තුලනය වූ මනසකින් යුක්ත අයකු බව නිගමනය කළ හැකිය. වම් පස තීරුව වඩා පළල්ව පවතී නම් බිය ප්‍රවේශම් නැති බව වැනි චරිත ලක්‍ෂණද, එය වඩා පටු නම් ලෝභකම, අරපිරිමැස්ම, විපරම් සහිත බව යනාදී ස්වභාවයන්ද පවතී. එමෙන්ම ඉහළ සිට පහළට ඇති දෙපස තීරුවල ඉහළත්, පහළත් අතර ඇති පරතරය බොහෝ සෙයින් අඩු හෝ වැඩි නම් හෝ ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන කෙනෙක්ද, පසුබාන කෙනෙක්ද යන්න නිගමනය කෙරේ. දකුණු පස තීරුව වඩා පළල්ව දැක්කේ නම් අනාගතය කෙරෙහි බියක් පවතින බව පැහැදිලි වෙයි.

ප්‍රමාණයට වඩා ලොකු අක්‍රමවත් අකුරු මානසික දුර්වලතාවකින් යුත් මනසක ලක්‍ෂණයකි. කුමන ආකාරයේ දුර්වලතාවක්ද යන්න නිගමනය කළ හැක්කේ අකුරුවල ස්වභාවය අනුවය. වචන එකට බැඳී පවතී නම් බොහෝ විට වංචාකාරී බව පෙන්නුම කිරීමකි. කෝණාකාර ලෙස අත් අකුරු ලියන්නේ හොඳ ආත්ම ශක්තියක් ඇති අයෙකි.
අවංක, ඍජු, වැරැදි නියම ආකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා සිරස්ව තනි පේළියට අකුරු ලියාගෙන යයි. නමුත් ඔහු සිතුවිලිවලට තරමක් වහල්ය. තිරස්ව පේළියකට අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු උඩ අතට ගමන් කරයි නම් එවැනි අය නිතරම අන් අය අතරින් කැපීපෙනීමට උත්සාහ දරන අය වෙති. එසේ අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු පහළට ගමන් කරයි නම් එවැනි අය නිතරම රෝගපීඩාවලින් පෙළෙන, නිතරම යම් විශේෂ දෙයක් බලාපොරොත්තුව සිටින අයයි. එක් එක් අකුරුවල ප්‍රමාණ සහ හැඩය වෙනස් වෙයි නම් එවැනි අය ස්ථිරසාර ප්‍රතිපත්තියක් නැති අය බව තේරුම් ගන්න. හේ විටින් විට අදහස් හා ගතිගුණ වෙනස් කරන්නෙකි.

රවුම්, වටකුරු අත්අකුරු කරුණාවන්ත, අනුකම්පාසහගත අයකුගේ අතින් ලියැවෙයි. අසරණ අයට පිහිට වීම අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට එවැන්නෝ ප්‍රියතාවයක් දක්වති.
ඉතා කුඩාම ප්‍රමාණයට අත්අකුරු ලියන්නා ලජ්ජාශීලී අයෙක් බව හෙළිකරයි. එම අකුරු පසුපසට ඇලවුණු ස්වභාවයක් ගනී නම් බොහෝ ලැජ්ජාශීලීය. සාමාන්‍ය ප්‍රමාණයට, කුඩාවට අත් අකුරු ලියන්නේ නිතර නිතර පර්යේෂණාත්මක සිතුවිලි පහළ වන පුද්ගලයෝය.

ලෝක ප්‍රකට නවකතාකරුවකු වූ එච්. ජී. වෙල්ස්ගේ අත්අකුරු කෙතරම් අවලක්‍ෂණද කිවහොත් එය කියවාගත හැකිවූයේ ඔහුටත්, ඔහුගේ ලිපිකරුටත් පමණි. එලෙසම ලොව ප්‍රකට තවත් ලේඛකයකු වූ විලියම් ෂේක්ස්පියර් අත් අකුරු අවලක්‍ෂණ කෙනකු ලෙස නම්දැරුවෙකි.
ශෝභමාන ක්‍රමවත් අත්අකුරු ලියන්නෝ දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් හා තිර හැසිරීමෙන් යුක්ත වූවෝ වෙති. කපටි, වංක පුද්ගලයන් ලියන අකුරු වම් අතට බර ගතියක් පෙන්නුම් කෙරෙන අතර, දකුණට බරව අකුරු ලියන තැනැත්තා පරිත්‍යාගශීලී, අනුකම්පාසහගතය.

ඉතා පිරිසුදුව, සාමාන්‍ය ප්‍රමාණයට ලියන අත් අකුරු උසස් ගතිගුණ ඇති පුද්ගලයන් අතින් ලියැවෙයි. දැඩි උත්සාහයෙන් විවිධ වෘත්තීන්හි නියැළී ලෞකික දියුණුව කෙරෙහි සිත යොමු කරන ස්ත්‍රීන්ගේ අත්අකුරු බොහෝ දුරට පිරිමි අකුරු හා සමාන ස්වරූපයක් පෙන්නුම් කරයි.

ප්‍රමාණයෙන් ලොකු අක්‍රමවත් අකුරු වයස අවු. 3-5 අතර ළමයින්ගේය. තද ගැඹුරු රේඛාවලින් යුක්ත නම් අඩු මානසික මට්ටමක් පෙන්නුම් කෙරේ. ලිවීමේදී ගන්නා කොම්බුව, ඇදය, ඉස්පිලි, පාපිලි යොදාගන්නා ආකාරය අනුව පුද්ගලයාගේ මානසික පීඩනයත් උද්ගත වෙයි. එසේම ලිවීමේදී භාවිත වන උපකරණවල අඩුපාඩු හා දුර්වලකම් කියාපායි. අකුරුවල ඇල කිරීමේ ස්වභාවය අනුව ඔහුගේ හෝ ඇයගේ විවෘත හෝ සංවෘතභාවය, සමාජය සමඟ හැසිරෙන ආකාරය අනාගතය හැඩගැසෙන ආකාරය, චිත්තවේග බලපවත්වන ආකාරය තේරුම්ගත හැකිය. ශාරීරික හා මානසික වර්ධනයක්ද, නිරවුල් බවක්ද ඇති අයගේ අකුරුවල වෙනස්කම් ඇතිවනුයේ ඉතා සෙමින්ය.
පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

LG ඉන්වර්ටර් R32 වායුසමීකරණ අබාන්ස් හඳුන්වාදෙයි

Next Post

ටෙලි රැල්ල වෙනස් කරන්න ‘ක්වීන්’ ඇවිත්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.