වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යමින් දේශගුණික තත්ත්වයන් වෙනස් වීමේ අභියෝගයට පිළියමක් වශයෙන් LG ඉන්වර්ටර් R32 වායුසමීකරණයක් ඔබේ නිවසට එක් කරගත හැකි අතර එහි ඇති කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ පරිසරහිතකාමී R32 ශීතකාරක වායුවයි. R32 ශීතකාරක වායුව R410a ශීතකාරක වායුවට සාපේක්‍ෂව ගෝලීය උණුසුම ඉහළ යාම කෙරෙහි බලපෑම් කරන්නේ R410a ප්‍රමාණයකිනි. සිසිල් කිරීමේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවමින් වැඩියෙන් විදුලිය ඉතිරි කිරීමේ හැකියාව R32 සතු වන අතර එය දිගු කල් පැවැත්මෙන්ද යුක්තයි.
LG ඉන්වර්ටර් R32 වායුසමීකරණවල දැකිය හැකි නවීනතම විශේෂත්වය වන්නේ එය Wi-Fi තාක්‍ෂණයෙන් සමන්විත වීමයි. එය Wi-Fi තාක්‍ෂණයෙන් සපිරි සුවිශේෂී SmartThinQ විශේෂාංගයෙන් සමන්විත නිසා ඕනෑම තැනක සිට, ඕනෑම මොහොතක ස්මාට් ජංගම දුරකතනය හරහා පහසුවෙන් ක්‍රියාකරවිය හැකියි.
LG ඉන්වර්ටර් R32 වායුසමීකරණය Wi-Fi තාක්‍ෂණය ඔස්සේ On / Off කිරීම, උෂ්ණත්වය පාලනය කිරීම වැනි කාර්යන් රැසක් සිදු කිරීමේ හැකියාව ලබා දෙයි. මේ අනුව ඔබ කාර්යාලයේ සිටියත්, වෙනත් ගමනක් ගොස් සිටියත් නිවසේ ඇති වායුසමීකරණය ඒ හරහා හැසිරවිය හැකියි.
LG ඉන්වර්ටර් R32 වායුසමීකරණය නවීනතම Black Ocean Protection සහ ගෝල්ඞ් ෆින් කොපර් කන්ඩෙන්සරයෙන් ආරක්‍ෂා වී පැවතීම නිසා දූවිලි, ලුණු, වැලි ඇතුළු අපද්‍රව්‍යන්ගෙන් ආරක්‍ෂා වී වායුසමීකරණයේ දිගුකල් පැවැත්ම තහවුරු කරයි.
මෙහි ක්‍රියාත්මකව ඇත්තේ ඩුවල් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරයක් නිසා 70% දක්වා විදුලිය ඉතිරි කෙරෙන අතර Active 4-Step Energy Control වලින් අදාළ කාමරයේ සිටින පිරිසේ ප්‍රමාණය අනුව සකස් වෙමින් අවශ්‍ය උෂ්ණත්වය මුදාහැරීමට සමත්වෙයි.