තත්කාලය එහෙමත් නැත්නම් තත්කාල ශාස්ත්‍රය මේ ආදී විවිධ ආකාරයට හඳුන්වන්නෙ එම මොහොත යන අර්ථයයි. ගමන් ආරම්භ කරන එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් යම් කාරණාවක් සම්බන්ධව මුලින්ම පැවැසූ මොහොත ආදිය තත්කාල ශාස්ත්‍රයේදී භාවිත කෙරෙනවා. යම් ජන්මියකු තමන්ට අවශ්‍ය යමක් ගැන සිතමින් ඒ පිළිබඳව විමසීමට ජ්‍යොතිෂවේදියකු වෙත පැමිණ මුලින්ම ප්‍රශ්න කරන මොහොත තත්කාල ශාස්ත්‍රවේදියා භාවිතයට ගනී.
මෙහිදී විවිධ වූ ක්‍රම සම්බන්ධයෙන් ජ්‍යොතිෂයේ භාවිත කෙරෙන අතර, ඍෂිවරුන් සිය දුරදක්නා නුවණ යොදවා මෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රය හඳුන්වා දී ඇත. ඒ සඳහා ග්‍රහ තාරකාවන්ගේ ගමන් විලාසය භාවිත කොටගෙන ඇති අතර, ඒ අනුව යම් කෙනෙක් තමාගේ අවශ්‍යතාව පැවැසූ මොහොතේ ග්‍රහ තාරකාවන්ගේ පිහිටීම සොයා බලා එම තත්කාලයට අදාළ ප්‍රතිඵලය දැනගනු ලබයි. එහිදී අදාළ පුද්ගලයාගේ සිතේ ඇති කාරණාව සඵල වේද, අසාර්ථක වේද ආදී වශයෙන් හඳුනා ගන්නට ජ්‍යොතිෂවේදියා දක්‍ෂ වන අතර, යම් කෙනකුගේ සිතේ ඇති දෙයක ගුණ – අගුණ දැනගන්නට හැකියාව ඇති තත්කාල ශාස්ත්‍රය නිවැරැදි භාවයෙන් ඉහළ ශාස්ත්‍රයක් ලෙස පිළිගැනේ.
විශේෂයෙන්ම පුරාණයේ සිටි ජ්‍යොතිෂවේදීන් යම් පුද්ගලයකු තමන් වෙත පැමිණෙන මොහොත අනුව එම පුද්ගලයා පැමිණියේ කුමක් සඳහාද යන්න පැවැසීමට තරම් දක්‍ෂ වී ඇත. ඒ සඳහා භාවිතයේ ඇත්තේ තත්කාලයයි.
පුරාණයේ තත්කාලය සම්බන්ධ දැනීම නැති ජ්‍යොතිෂවේදීී නිසි දැනුමක් නැති ජ්‍යොතිෂවේදියකු වශයෙන් හඳුන්වා දී ඇති අතර, එවන් අය ජ්‍යොතිෂයේ නිසි සේවය නොකරන්නෙකු ලෙසද හඳුන්වා දී ඇත. එහි සත්‍යතාවයක්ද ඇති බව පෙන්වා දිය හැකිය. මන්ද යම් කාරණාවකට සුබ මුහුර්තයක් ලබා දීමේදී එම මොහොත කොතරම් සුබද යන්න දැනගැනීමට තත්කාලය ඉතා ප්‍රයෝජනවත් වෙයි.
තත්කාලය භාවිතයෙන් බොහෝ විස්මිත දේ දැනගැනීමේ හැකියාව තිබේ. යමක් නැතිවීමෙන් පසු එයට සිදුවූ දේ බලාපොරොත්තුවෙන් සිටින යමක් ගැන යම් පුද්ගලයකු පිළිබඳ කරන්නට සිතා සිටින දෙයක් සාර්ථක වේද යන වග, ව්‍යාපාර ආරම්භ කරන විට එහි ප්‍රතිඵලය කුමක් වේද යනවග, වාහන මිලදී ගැනීමේදී අදාළ වාහනය හොඳ තත්ත්වයේ තිබේද යන වග, විභාග ආදී තරගකාරී කටයුතුවලින් ජය ලැබේද යන වග මේ ආදී විවිධ කරුණු කාරණා ගැන තත්කාලය ඇසුරින් නිවැරැදි පිළිතුරු ලබාගත හැකිය.
තත්කාලය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ සිය ජන්ම කේන්දරය අස්ථාන ගතවූ මොහොතකය. එවන් අවස්ථාවල එම ජන්මියාට අවශ්‍ය කරුණු කාරණා විසඳා ගැනීමට තත්කාල ශාස්ත්‍රය භාවිත කරනු ලබයි. එසේම යමක් සාර්ථක වෙන දින වකවානු පවා ඉතා නිවැරැදිව සඳහන් කිරීමට තත්කාලයට හැකියාව ඇති අතර, ඒ සියල්ල තත්කාල ශාස්ත්‍රයේ නිපුණ ජ්‍යොතිෂවේදියකුට පමණක් ඉතා සාර්ථකව කළ හැකි බවද පිළිගත යුතුය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











