• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළියක් විදියට මගේ කොලිටි එකක් තියෙනවා

December 19, 2020
in Heart
Reading Time: 3 mins read
A A
නිළියක් විදියට මගේ කොලිටි එකක් තියෙනවා
Share on WhatsAppShare on Facebook

නාට්‍යවල ඇඩල්ට් ඔන්ලි පෙන්නන්නෙ නැහැ…

ඒක අහංකාරකමක් නෙමෙයි…

ටෙලි කලාවට පිවිසි ලස්සන නිළි කෙල්ලන් අතර අංජුලා රාජපක්ෂට ලැබෙන්නේ මුල් පෙළේ අසුනකි. ලස්සන විතරක් නෙමේය.
චරිතාංග දක්ෂ නිළියක ලෙසද අංජුලා තැබූ මංසලකුණු එමටය. අංජුලා ආඩම්බරකාරියකැයි ඇතැමුන් කීවද ඈ ආඩම්බර නැත.
අසීමිත කාර්යබහුල පසුබිමක් මැද ‘මව්රට’ පුවත්පතෙහි හදවතට සමීප වීමට අප වෙනුවෙන් මේ සුන්දර රංගවේදිනිය විනාඩි 30ක් දුන්නේද ඒ නිසාය.
ටෙලි කතා තුනක රංගනය වෙනුවෙන් මේ දවස්වල ඔබ වෙහෙසෙනවා?
ඔව්. විකාශනය වෙමින් පවතින දෙවැනි ඉනිම, සිහින සමාගම සහ සඳ තරු යළි ටෙලිනාට්‍යවල තමයි මේ දවස්වල රූගත කිරීම් තියෙන්නේ.
වැඩිපුරම නපුරු චරිත බාර ගන්නෙ ඇයි අංජුලා?
කවුද අනේ බාරගන්නෙ. බාර ගන්නවා නෙමෙයි බාරදෙනවා. හොයාගෙන එන්නෙම වැඩියෙන්ම නපුරු චරිතවලටමයි.
ඔබ අමනාපයිද ඒ කොටු කිරීම ගැන?
අයියෝ නැහැ. යමක් කරන්න පුළුවන් චරිතයක් නම් ඒ නපුරුද, අහිංසකයිද, කළුයිද, සුදුද කියලා මම බලන්නෙ නැහැ. ප්‍රේක්ෂකයගේ හිතට වදින චරිතයක් නම් මම එය බාරගන්නවා.
ඕනෑම චරිතයකට ඔට්ටු බවද එහි අදහස?
ඕනෑම චරිතයකට ඔට්ටුය කියන්නෙ ඉතින් ටෙලිවිෂන් කලාව තුළ ‘ඇඩල්ට් ඔන්ලි’ නාට්‍ය පෙන්වන්නේ නැහැනේ. ආලින්දයේ සිනමාව කියන්නේ මුළු පවුලක් අසුන්ගෙන විනෝද වෙන කලාවක්. කවදාකවත් එතැනදි නුසුදුසුය කියන දේ ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා චරිත මැන බැලීමේ සිරිතක් මට නැහැ. මම හිතන හැටියටවත් දක්ෂ නළුවකු හෝ නිළියක කියන්නේ කළු, සුදු දෙවර්ගයම අතර තම හැකියාව පෙන්වන පිරිසක්. අනික පෙම් චරිතවලට වඩා ප්‍රේක්ෂකයාට මතක තියෙන්නේ නපුරු චරිතයක් තමයි. එම නපුරු චරිතවලට ඔවුන් වෛර කරන්නේද ඒ නිසාම තමයි. ටිකක් හිතලා බලන්න නපුරු චරිතවලට ප්‍රේක්ෂකයෝ අකමැති වුණා නම් අංජුලා රාජපක්ෂට අද මෙතැන ඉන්න පුළුවන්කම තියෙයිද කියලා.
ඒත් ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම ආරාධනා ප්‍රතික්ෂේප කළ බවට කසුකුසු තිබුණා?
ඔව්. මුදල්මය ගැටලු සහ සුහදත්වය යන හැඟීම් ප්‍රකට නොවූ අවස්ථාවන් තුළ මම යම් චරිත ප්‍රතික්ෂේප කළා. එයටද තිබෙන හේතු සාධාරණයි. එකක් රංගනය සඳහා සරස්වතී දේවියගේ අනුග්‍රහය තුළ අප ලබන හැකියාවන් බාල්දු කිරීම හිතට වේදනාවක්. අනික ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් කියන්නේ කණ්ඩායම් හැඟීම තුළ සිදුවිය යුතු සිදුවීමක්. එතැනදී නිෂ්පාදනයේ සහ අධ්‍යක්ෂණයේ සිට තේ කෝප්පය පිළියෙල කරන්නාගේ දක්වාම සුහද බව සහ මිත්‍රශීලී බව ප්‍රගුණ විය යුතුයි. නැත්නම් ඒ මෙහෙවර සාර්ථක වන්නේ නැහැ. අන්න ඒ නිසා රංගන ශිල්පියාගේ අගය බාල්දු වන තැනක හෝ යහළුකමක් ගම්‍ය නොවන තැනක මම වැඩ කරන්නේ නැහැ.
අහංකාරකම් පෙන්වන්නේ ඔබයි කියා සමහර තැන්වල කියැවී තියෙනවා?
කාන්තාවක හෝ රංගවේදිනියක සතුව තිබිය යුතු කොලිටි එක මා තුළ තියෙනවා. එය අහංකාරකමකැයි සිතනවා නම් එය වැරැදියි. අනිත් කාරණය මා ගැන ඔවැනි කතා කියන්නේ එක දවසක්වත් මා සමඟ වචනයක් හෝ කතා නොකළ අයයි.
ටෙලි තරුවක ලෙස අද ඔබ සිටින තැනට පසුබිම දුන්නේ ‘ඕලු’ ටෙලිනාට්‍ය නේද?
අනිවාර්යෙන්ම එය එහෙමයි. ෂර්ලි පී. දෙලංකාවල කළ ‘ඕලු’ නම් ඒ අපූරු විස්මිත නිර්මාණය තුළ කිරුළුපලන් ටෙලි තරු රෑන අතර මමත් එක් තරුවක වීම මා ලැබූ භාග්‍යයක්.
ඔබව තරුවක් කළ ‘ඕලු’ සම්මානයක් සඳහාද ඔබව චරිතාංග ලෙස නිර්දේශ කළා?
නිර්දේශ වුණා නෙමේ ‘ඕලු’ ටෙලිනාට්‍යය නිසා මට සම්මානයක් ලැබුණා. නිර්දේශ වූයේ ‘කනේරු’ සහ ‘සැඳෑ සක්මන’ ටෙලි නාට්‍ය වෙනුවෙනුයි. ඒ වගේම කියන්නටම ඕනෑ මෙතැනදි. සෙනේෂ් බණ්ඩාරගේ ‘ෆැන්ටසි ඇවනියු’ තුළින්ද මා ප්‍රේක්ෂකයන් තුළ තැබූ මතකය අති සුන්දරයි. ඒ අතරම ටී. සුසිරන් ද සිල්වාගේ ‘සොඳුරු දඩයක්කාරයා’ රංගනය ඔස්සේ මා ලද ආත්මික තෘප්තිය අදටත් මගේ මනසට සුවයක් වාගේම අපූරු වින්දනයක් ගෙන එනවා. ඒ මතකයත් ලස්සනයි.
කලාකාරියක ලෙස ඉටුකර ගැනීමට පෙරුම් පුරණ හීන තියෙනවද?
හීන දකින්න කැමැති නැහැ. එය හිතට බරක්. රංගනයේදී හැකි පමණ ස්වාධීන වාගේම සැහැල්ල විය යුතුයි. හීන කියන්නේ එයට බාධාවක්. අංජුලා රාජපක්ෂ යන රංගවේදිනිය ලෙස මා අත්විඳින තෘප්තිය අසීමිතයි. අදටත් මට ටෙලිනාට්‍ය සඳහා ලැබෙන ආරාධනාවල අඩුවක් නැහැ. උසස් කියන බොහෝ නිර්මාණකරුවන් යටතේ රංගනයෙහි යෙදීමේ හැකියාව මට ලැබී තිබෙනවා. මඟතොටේදී ප්‍රේක්ෂකයන් මට ඔවුන්ගේ ආදරය තිළිණ කරනවා. ඉතින් මං අහනවා ඔබෙන් තව මොන හීන දකින්නද මම.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අසමසම බලයක් ඇති විස්මිත නිමැවුම

Next Post

හැමදේටම ඉස්සර වෙන මොකක්ද මේ තත්කාලය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.