• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

June 27, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රංගනය නොවුණා නම් ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න හිටපු, හැබැයි නාට්‍ය හා රංගකලාව ඉගෙනගෙනම ක්ෂේත්‍රයට ආපු අමුතුම කෙල්ලෙක්… ප්‍රවීණයෝ එක්ක වැඩ කරද්දී වැරදි හදාගෙන, ‘අපි තෝරගන්න මිනිස්සු අනුව තමයි ආදරේ සුන්දර වෙන්නේ‘ කියන තියරියක ඉන්න, ආධුනික වුණත් ලොකු ගමනක් යන්න ඉන්න චතුනි රාජපක්ෂ ගැනයි අද ‘හාට්’ අපේ කතාව.Sri Lanka Latest News

ඉතින් චතුනි මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දිනවල රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු හා අනෙකුත් වැඩකටයුතු කරමින් සතුටින් ඉන්නවා.
ඔබ කොහොමද රංගනයට පිවිසෙන්නේ?
මුලින්ම රංගනයට පිවිසෙන්නේ 2025දී පැවැත්වූ ඔඩිෂන් එකක් හරහයි. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘කුරුල්ලෝ’ ටෙලිනාට්‍යයේ නයෝමිගේ චරිතයෙන්.
ඔබ මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න යම් හැදෑරීමක් සිදුකරනවද?
අනිවාර්යයෙන්ම. රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න නම් එහි වැඩිදුර අධ්‍යාපනයක් ලැබිය යුතුයි. දැනට මම උසස් පෙළ සඳහා නාට්‍ය හා රංගකලාව හදාරා ලැබූ දැනුමින් මේ තැන ඉන්නේ. නමුත් එය මදි. මම මේ ක්ෂේත්‍රයේ රැඳී සිටිමට ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට ඉදිරියේදී පාඨමාලා කිහිපයකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඔබ නිර්මාණ භාර ගැනීමේදී තෝරාබේරා ගැනීමක් සිදුකරනවාද?
ඔව්, නිර්මාණයක් භාරගැනීමේදි මම බලන කරුණු කිහිපයක් තියෙනවා. මුලින්ම බලන්නෙ ඒ චරිතේ මට ගැළපෙනවද යන්න. ඊට අමතරව මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුන්ද කියලත් බලනවා. ඒ දේවල් බලලා තමා මට ලැබෙන චරිතය සඳහා දායක වෙනවාද නැද්ද යන්න තීරණය කරන්නෙ.
ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?
ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර වගේම ආදරයත් නොඅඩුව ලැබෙනවා. නමුත් ජනතාව අතරේ ජනප්‍රිය චරිතයක් වෙන්න නම්, තවම ආධුනික රංගන ශිල්පිනියක් හැටියට තව ටික කාලයක් යයි.
රංගනය නැත්නම් අද චතුනි කියන්නේ කවුද?
මම රංගන කටයුතු නොකළා නම් අද නර්තනය පැත්තෙන් ඉදිරියට ගිහින් නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරන්න තිබුණා. නමුත් මගේ කුඩා කල සිටම කැමැත්ත තිබුණේ රංගනයෙන් හා නර්තනයෙන් යන දෙකෙන්ම ඉදිරියට යාමටයි. ලැබෙන අවස්ථා අනුව ක්ෂේත්‍ර දෙකේම කටයුතු කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
ප්‍රවීණයන් සමග වැඩ කිරීමේදී ලැබෙන අත්දැකීම කොහොමද?
ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සමග වැඩ කරන්න ලැබෙන එක ගොඩක් වටිනවා වගේම සතුටුයි. ඔවුන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමා ඔවුන් අපිට අපේ වැරදි අඩුපාඩු කියලා දෙනව වගේම අපිට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඒ අවස්ථාව ලැබුණේ හිරු ටීවී නාලිකාව හරහා පවත්වපු ඔඩිෂන් එකක් හරහා. ඒකෙන් පස්සේ මට උපේක්ෂාගේ චරිතයේ තරුණ කාලය රඟ දැක්වීමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව නාට්‍ය ගැන චුට්ටක් කියන්න ඕනේ. ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරන දැවැන්ත නිර්මාණයක්. මේ අවස්ථාව මට ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.
කලා ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
කලා ගමනෙන් ඉදිරියට යන්න ගෙදරින් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. ඉතින් ඒක ගැන නිහතමානී සතුටක් තියෙනවා
ඔබ ආදරය දකින්නේ කොහොමද?
ආදරය කියන්නෙ හරි සුන්දර දෙයක්. ආදරය හැම කෙනෙක්ටම ඕනෙ දෙයක්. ආදරය මිහිරි එකක්ද, අමිහිරි එකක්ද වෙන්නෙ අපි තෝරාගන්න මිනිස්සු අනුව.
දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔබ මොනවද කරන්නේ?
හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා ප්‍රේක්ෂක ආදරය ලබාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
ඔබගේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
දැනට නම් ඇත්තමයි මං ඔයාට ආදරෙයි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන ඉන්නවා. ඊට අමතරව හොඳ පිළිගත් නිර්මාණවලින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව වැඩ කිහිපයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී ඔබට දැකගන්න ලැබෙයි.

SendShareShare
Previous Post

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

Next Post

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

Load More
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

පුංචි පැටියෙක් පාසලට යන්නේ බලාපොරොත්තු දහස් ගණනක් පොදි බැඳගෙන. ඒ පුංචි පැටියගෙ දෑතින් අල්ලගෙන අම්මයි තාත්තයි දරු සිඟිත්තව පාසලට එක්කගෙන...

Read more
එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.