• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුවේ දකුණු ආසියාව පිළිබඳ ඇමෙරිකා විදේශ ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කරද්දී කමිටු සභාපති Bill Huizenga පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ලෝක ආර්ථිකය සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට කොතරම් වැදගත්ද යන්නය. එහිදී දකුණු සහ මධ්‍යම ආසියාව භාර ඇමෙරිකානු සහකාර ලේකම් පෝල් කපූර් ප්‍රතිචාර දැක්වූයේ ලංකාව සහ මාලදිවයින කුඩා සාගර රාජ්‍ය වුණේ භූගෝලීය පිහිටීම අනුව බවය. එවිට කමිටු සභාපති පවසා සිටියේ ලෝක තෙල්වලින් 75%ක් යන්නේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට සැතපුම් ගණනක් ආසන්නයෙන් බවය. එවිට කපූර් කීවේ කන්ටේනර්වලින් හරි අඩක් මේ මුහුදු සීමාවේ නාවික ගමනාගමනය කරන බවත් මේ නිසාම ලෝක ආර්ථිකයට මේ රටවල් ඉතා වැදගත් යැයි කියාය. එහිදී හම්බන්තොට වරාය ගැනත් සාකච්ඡා වූ අතර හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමෙන් ලංකාවේ ක්‍රියාකාරී නිදහස චීනයේ බලපෑමට නතු වී ඇති බව කපූර් කීවේය.Sri Lanka Latest News

කපූර්ගේ ලංකා සංචාරය කියවන්න ඕනා මේ සන්දර්භය තුළය. කපූර් ලංකාවට ඒමට පෙර යූ.එස්. පැසිෆික් එයාර් ෆෝස් කමාන්ඩර් ලංකාවේ සංචාරය කළේය. කමාන්ඩර් Kevin Schneider ගේ සංචාරය ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු ආරක්ෂක සබඳතා වර්ධනය වන ශක්තිය පෙන්වන්නක් බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබිණි. ඔහුගේ ලංකා සංචාරය අතරතුරදී කපූර්ගේ පැමිණීම ශ්‍රී ලංකා ඇමෙරිකානු සබඳතා නව මානයකට ගෙන යන බව පෙන්වයි. ලෝක බැංකුවේ නේවාසික කළමනාකරු පසුගිය සතියේ වරාය ඇමැති හමුවූ වෙලාවේ පැවැසුවේ මැදපෙරදිග යුද්ධය නිසා කොළඹ වරාය ලෝක අවධානයට ලක්ව ඇති බවය. මීට පෙර ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් කළේය. මේ සතියේ ලංකාවට පැමිණි කපූර්ද කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.

යූ.එස්. පැසිෆික් කමාන්ඩර් සහ කපූර්ගේ සාකච්ඡාවට පෙර මෙරට චීන තානාපති Qi Zhenhong පැලවත්තේ ජවිපෙ කාර්යාලයට ගොස් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා හමුවිය. ඔහු ටිල්වින් හමුවී චීන ජනාධිපති ෂී ජින් පින් රචිත ‘ද ගවනන්ස් ඔෆ් චයිනා’ ග්‍රන්ථයේ පස්වැනි වෙළුමේ ඉංග්‍රීසි පරිවර්තනය තෑගි කළේය. ටිල්වින් මෙයට කලකට පෙර චීනයේ සංචාරයක් නිමකොට පැමිණ චීන ආණ්ඩුකරණය ගැන අගය කරමින් කතා කළ අතර, ලංකාවද එම ක්‍රමය අනුගමනය කළ යුතු යැයි ඔහුට හමුවූ චීන බලධාරීන් කී බව ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

Next Post

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Exclusive

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

වැඩිකරපු බද්ද නිසා ඉහළ ගිය ජීවන බර දරාගන්න බෑ! අපි අනිවාර්යයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News
Exclusive

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News
Exclusive

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.