• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

June 21, 2026
in Heart
Reading Time: 3 mins read
A A
අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල අපි ‘කොටු’ හරහා කොටුවුණු ශිල්පීන් කිහිප දෙනකුගේ හපන්කම් ගැන ඔබට හෙළි කළා. මම අද ඔබට හඳුන්වා දෙන්නේ කොටුවෙන් බේරුණු තවත් දක්ෂ රංගන ශිල්පිනියක් ගැනයි. සුලෝචනා හැරපත්දෙණිය නව පරපුරේ සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට ටෙලිනාට්‍ය රංගනයෙන්ද සිනමා නිර්මාණ හරහාද ඔබට සමීප වී සිටිනවා. සිනමාවේ දිගු ගමනකට මුලපුරා සිටින සුලෝචනා සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ. Sri Lanka Latest News

සුලෝ ඉතින් කොහොමද?
මේ දිනවල කලා කටයුතුවලටත් සම්බන්ධ වෙමින් පවුලේ වැඩකටයුතුත් කරමින් සතුටින් ඉන්නවා.
මොකද්ද මේ ඉපැරැණි කතාව?
‘පෙම්වතිය’ ටෙලිනාට්‍යයේ යෙහාලි චරිතය තමයි මම රඟපාන්නේ. ‘මගේ ඉපැරැණි පෙම්වතිය’ කතාව තුළ දෙපැත්තක් තියෙනවා. ඒ ගැන ලොකුවට දෙයක් මේ වෙලාවේ මට සඳහන් කරන්න අමාරුයි.
එහෙම ආදරණීය නමක් සඳහන් වෙනකොට ඉපැරැණි පෙම්වතා මතක් වෙනවා ඇති?
අපෝ කවදාවත්ම නැහැ. මම ඉතින් අතහැරියොත් සදහටම අතාරිනවා. මට දැන් අවුරුදු දෙකක බබෙක් ඉන්නවා.
සුලෝගේ ගම්පළාත කොහොමද?
මගේ ගම්පළාත රත්මලාන. පසුකාලීනව මම නාත්තන්ඩියට ගිහින් හිටියා. දැන් ඉන්නේ කොළඹ.
මේ දිනවල දේවි ගැන කතාවෙනවා?
ප්‍රතිචාර නම් හොඳයි. මම පුබුදු ගමගේගේ බිරිඳ ලෙස රඟපාන්නේ. ගමක කෙනෙක් අඳින පලඳින ඇඳුමෙන් පවා වෙනස්. දේවි චරිතය ඉදිරියේදී හොඳ විදියට ගලාගෙන යයි කියලා මම හිතනවා. කොටු ටෙලිනාට්‍යයේ මිහිරි චරිතයට වඩා ලොකු වෙනසක්. දේවි චරිතය සාමාන්‍ය ජීවිතයේ කිසිම අත්දැකීමක් නැහැ.
මිහිරිට කොටුවක් පැනගන්න බැරි වුණා නේද?
මම හිතන්නේ කොටු එකේ කොටුවක් පැනපු නැතිම කෙනා මම වෙන්නැති. අසංක සායක්කාර අයියගේ රංගන වැඩමුළුවට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි කොටු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ.
සුලෝගෙ සැමියාත් කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මේ ගමන යන්න ලොකු පහසුවක් ඇති?
ඇත්තටම ඔව්. මගේ දක්ෂතාවට ඉඩ දෙන කෙනෙක්. ඔහු මේ වනවිට වෙළෙඳ දැන්වීම් සඳහා ඇඳුම් නිර්මාණය කරන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. ඔහු මගේ වැඩකටයුතු බලලා අඩුපාඩුවක් තිබුණොත් මට කියනවා. මගේ පැත්තෙන් යන්න උපරිම නිදහස දීලා තියෙන්නේ. මාව කිසිම තනි රාමුවකට කොටු කරගෙන නැහැ.
ක්ෂේත්‍රයට යොමුවීමේ අඩිතාලම කොහොමද?
පොඩි කාලේ ඉඳලා මගේ ආශාවක් තිබුණා රංගන ශිල්පිනියක් වෙන්න. අවස්ථාව ලැබෙනකොට මට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවා. 2022 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට මාව තේරුණා. මගේ මුල්ම අඩිතාලම එතැනින් තමයි පටන් ගත්තේ. නලින් මාපිටිය හරහා මට මාදනී මල්වත්තගේ සහ තිළිණි වීරසිංහ මෙහෙයවන රංගන පාසලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතුවා හැදෑරීමක් ඇතිව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. එතැනින් පස්සේ තමයි මට වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
‘හියුමන් එරර්’ හරහා තමයි ඔබගේ මුල්ම දායකත්වය?
සුපුන් රත්නායකගේ ටෙලිනාට්‍යයක් තමයි හියුමන් එරර්. මම ඒ කතාවේ රඟපෑවේ දේවිගේ චරිතය.
දේවි චරිතය ලොකු වෙනසක් දැනුණා. නුවරඑළියේ දමිළ පිරිමියෙක්ගේ සිංහල බිරිඳකගේ චරිතයක් තමයි රඟපෑවේ. ඒ චරිතය තුළදී ලොකු වෙනසක් දැනුණා. හැබැයි ඒ චරිතයට එහා ගිය ලොකු වෙනසක් දැනෙන මගේ ස්වරූපය පවා වෙනස් වෙන විදියේ චරිතයක් රඟපාන්න ගොඩක් ආශාවෙන් ඉන්නවා.

ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය කොටුද?
නෑ. චමින්ද ඉලුක්වෙලගේ මාගම් සෝලිය, ජගත් ආනන්දගේ යකඩ මනමාලි, චන්ද්‍රරත්න මාපිටිගමගේගේ දණ නමන හද. පස්සේ තමයි අසංක සායක්කාරගේ කොටු සිනමා නිර්මාණය. මේ සියලු චිත්‍රපට හරහා ඉදිරියේදී මාව දැකගන්න පුළුවන්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

Next Post

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

MORE NEWS

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News
Heart

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News
Heart

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

Load More
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

මේ දිනවල බොහෝ දෙනා මෙගා නාට්‍යයක් බලන ආකාරයට ඇස් කන් දල්වාගෙන බලා සිටින්නේ දිනපතාම පාහේ අත්අඩංගුවට පත්වන විපක්ෂයේ නියෝජිතයන් දෙසය....

Read more
තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.