• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. Sri Lanka Latest News

ඒ අනුව පොල් ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 02ක් ලෙසත්, ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 01ක් ලෙසත් ගොඩනැංවීමට අපේක්ෂා කෙරෙන අතර ඊට අදාළ සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම කර්මාන්ත නගාසිටුවීම සඳහා වූ යෝජනා සහ අදහස්ද මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර එම සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරි ගැන්වීම් සිදු කරන බවත්, එහිදී පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත ස්ථාපනය සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බවටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

දේශීය සැපයුම් දාම නගාසිටුවමින් අපනයන මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැගීම සිය රජයේ අපේක්ෂාව බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සභාපති අරුණ සේනානායක, උප සභාපති රසික සෙනෙවිරත්න, ලංකා බිස්කට් සමාගමේ (CBL) කළමණාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලි වික්‍රමසිංහ, ශ්‍රී ලංකා කේටරින් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර, Ma’s Tropical Food Processing (Pvt) Ltd.කළමනාකාර අධ්‍යක්ෂ මරියෝ ඩී. අල්විස්, John Keells Food Holding PLC පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් යන මහත්ම මහත්මීහු ඇතුළු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-06-26

SendShareShare
Previous Post

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

MORE NEWS

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Exclusive

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

Load More
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

පුංචි පැටියෙක් පාසලට යන්නේ බලාපොරොත්තු දහස් ගණනක් පොදි බැඳගෙන. ඒ පුංචි පැටියගෙ දෑතින් අල්ලගෙන අම්මයි තාත්තයි දරු සිඟිත්තව පාසලට එක්කගෙන...

Read more
එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.