• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

June 27, 2026
in Heart
Reading Time: 4 mins read
A A
කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දවස්වල මුහුණු පොතේ ‘කළු කුමාරයා’ ගැන මොකක්දෝ මන්දා පෝස්ටුවක් ජයටම වයිරල් වෙනවා. ‘කළු කුමාරයා’ කිව්වට මේ පෝස්ටුව අර ඒ කාලේ තරුණ ළමිස්සියන්ව බියට පත්කරපු ‘කළු කුමාරයා’ ගැන කතන්දරයක් නෙවෙයි. මේ කියන ‘කළු කුමාරයා’ ටිකක් අලුත් තාලේ එකෙක්. අනෙක ඒක මියුසික් වීඩියෝවක්. ‘මනමාල කතා’ නමින් එළිදැක්වුණු මේ මියුසික් වීඩියෝවේ කළු කුමාරයාගේ චරිතයට පණ දෙන ගමන් ගීතය ගයන්නේ ජනප්‍රිය සිනමා සහ ටෙලි නළු සජිත අනුත්තර. සහාය ගායනයක් එක්කම සජිත එක්ක රංගනයට හවුල් වෙන්නේ සිය මනමෝහනීය ගායනයේ තරුණ සිත් උන්මාදනීය කළ ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි.Sri Lanka Latest News

‘කොහොමද ඒක මරු නේ…?’
‘මනමාල කතා’ බලපු දසදහස් ගණනක් ප්‍රේක්ෂකයේ එයට ප්‍රතිචාරය දුන්නේ අන්න එහෙමයි. ඒ විතරක්ම නෙවෙයි. මේ ‘මනමාල කතා’ ගැන මේ පෝස්ටුව හිට් වෙන්න තවත් හේතුවක් වුණේ කාංචනා අනුරාධිගේ රංගන ශෛලිය සහ සජිත ඈ ගැන දුන්න අලුත් තාලේ නිවුස් එක. නිවුස් එකේ සටහන් වුණේ සජිත කළු කුමාරයාගේ මනමාල චරිතය සිනමාවට අරන් එන්න ස්ක්‍රිප්ට් එක ලියන කාරණය සහ කාංචනාව ෆිල්ම් එකේ මේන් රෝල් එකට ගන්න කාරණයයි. මේ නිවුස් එක ඇත්තක්ද? නැත්නම් ගොසිප් එකක්ද කියන කතන්දරේ අහන්නයි ‘මනමාල කතා’ ගැන ඩිංගක් කතා කරන්නයි අපි ගියා ‘හාට්’ එකට සජිතව හවුල් කරගන්න.
ඉතින් සජිත දහසකුත් එකක් වැඩ අතර ඔන්න අපි ආවා ‘මනමාල කතා’ ගැන කතා කරන්න?
බොහොමත්ම සතුටින් පිළිගන්නවා. කිව්වා වාගෙම දහසකුත් එක්ක වැඩ අතර තමයි පහුගිය දවස්වල හිටියේ.
මුලින්ම කියමුකො ඔය හැටි තිබුණු වැඩ රාශිය ගැන?
‘පාට කුරුල්ලෝ’ ෂූටින් තිබුණා. ඒ අතර චිත්‍රපට කිහිපයකම වැඩ ඉවර කළා. තව අලුත්ම චිත්‍රපට කිහිපයකම වැඩ පටන් ගත්තා. එහි රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒ අතර තවත් අලුත් චිත්‍රපට කිහිපයකම ගිවිසුම් අස්සන් කරන සූදානමක ඉන්නවා.
කිව්වත් වාගෙම මහ වැඩ ගොඩක්. ඒ හැම එකම පැත්තකින් තියලා අපි ‘මනමාල කතා’ ගැන කතා කරමු?
ඔව්. ඒක කතා කරන්න වටිනම වැඩක්. කාගෙත් හිත දපනෙ වැටුණු ලස්සන වැඩක්.
මියුසික් වීඩියෝව එකසිය ගානට වයිරල් වෙනවා සජිත?
දැනගෙන හිටියා ඒක. මොකද මනමාල කතාවලට සම්මාදම් වෙච්ච පිරිස සහ එය නිර්මාණය වෙච්ච ආකාරයත් කන්සෙප්ට් එකට කළු කුමාරයා මැදිහත් වෙච්ච කාරණයත් නිසා මේක එකසිය ගානට හිට් වෙන බව අපි දැනගෙන හිටියා. කාංචනා අනුරාධි අලුතින්ම ගායනයෙන් එක්වන මේ ගීතයට සංගීතය දුන්නේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ. මියුසික් වීඩියෝව ප්‍රඩියුස් කළේ අමිත් ගුරු අයියා. චමිල් පතිරණගේ අධ්‍යක්ෂණය. මේ හැම දේම සමග තමයි ‘මනමාල කතා’ අලංකාර වුණේ. ඒක මගේ විතරක් තනි මෙහෙවරක් නෙවෙයි කියන කාරණය විශේෂයෙන් කිව යුතුමයි.
වැඩිපුර කතා වෙන්නේ ඔබ ගැනයි සජිත. හරි අපූරුවට ඔබ කළු කුමාරයට රඟනවලු?
සතුටුයි ඒ ප්‍රතිචාරය ගැන. ඒ වගේම අගය කරන හැම දෙනාටම ස්තුති කරනවා.
කළු කුමාර චරිතය සමග ඔබට මොකක්දෝ මන්දා ජානමය සහ ගුප්ත සබඳතාවක් තියෙනව වගේ?
ඔව්නේ. කොහේ හෝ කොතැනක හෝ කළු කුමාරයා ගැන චරිතයක් නිර්මාණය වෙනවද, ඒ බොහොමයක් නිර්මාණකරුවන්ගේ ඔළුවට එන්නේ සජිත අනුත්තර සමග ඔහුගේ පෙනුම.

ඒ රහස සහ සංසිද්ධියෙහි සම්බන්ධතාව මොකක් වෙන්න පුළුවන්ද?
මගේ කාල වර්ණ පෙනුම නිසා කළු කුමාර චරිතයට මාව ගන්න හැමෝටම හිතෙනවා වෙන්න පුළුවන්.
ඒ උත්තරය නම් ලිස්සා යෑමක් සජිත. ටිකක් කළු පාට නළුවො තව කොයි තරම් ඉන්නවද?
ඒකත් ඇත්ත. හිතාගන්න බැහැ ඇත්තටම ඒ කාරණයට හේතුව මොකක්ද කියලා. ඒ ඇයිද කියනවා නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ හර්ෂිකා රත්නායකගේ මෙහෙයවීම තුළ අපි කළු කුමාරයාගේ චරිතය මූලික කරගෙන ගීත නාටකයක් කළා. ‘නීල මදන පුවත’ කියලා. එදත් කළු කුමාරයාගේ චරිතය කෙළින්ම ලැබුණේ මටයි. ඉන් පස්සේ කාලයක් ගිය තැන මට මගේම කියලා මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන්න හිතුණු තැනදී මගේ ඔළුවට නිරායාසයෙන්ම ආවේ කළු කුමාර චරිතය. ‘කළුවර’ නමින් ඒ මියුසික් වීඩියෝව මම කළා.
එතකොට ඔබේ අප්පච්චි, ‘ඝරසරප’ චිත්‍රපටයේ ඔහු රඟපෑවෙත් කළු කුමාරයට?
මම මේ මතක් කරන්න හැදුවා විතරයි. ඔබ කිව්වා වගේම තව බොහොමයක් අය කියනවා කළු කුමාරයා සමග මොකක් හෝ ලේ නෑදෑකමක් අපට තියෙනවා කියලා. සමහර විට එය දෛවෝපගත සංසිද්ධියක් වෙන්න ඇති.
අපි වෙනත් කතාවකට යමු. කළු කුමාරයාගේ ‘මනමාල කතා’ හරහා ඔබ සිනමා පටයක් කරන්න යන බව ආරංචියි?
ඔව්. සිනමා පටයක් සඳහා තිර පිටපතක් ලියමින් ඉන්නවා. එය මගේ පළමු සිනමා තිර රචනය සහ අධ්‍යක්ෂණය වෙන්න ඉඩ තියේවි බොහෝ විට.
ඔබ දෙගිඩියාවෙන් වගේ කතා කරන ස්වරූපයක් තියෙන්නේ?
හැම මොහොතකම අපි හිතන්න ඕනෙ කාරණයක් තියෙනවා. ඒ තමයි ඊළඟ මොහොත අවිනිශ්චිතයි කියන එක. අපි හිතන පතන දේ හෙට වෙනස් වෙන්න පුළුවන්. මෙතැනදි වුණත් කළු කුමාරයාගේ චරිතය ගැන ලියන තිර පිටපත වෙනස් වෙලා වෙනත් තිර පිටපතක් හරහා මම වෙනත් සිනමා නිර්මාණයක් පළමුව කරන්නට පුළුවන්. ඒ නිසයි දෙගිඩියාවෙන් වගේ කතා කළේ.
කළු කුමාරයාගේ තිරපිටපත ඔබ ලියන්නේ සහාය නිළියට කාංචනා අනුරාධිව ඔළුවේ තියාගෙනද?
ඔව්. එහෙම අදහසක් තියෙනවා. ඈ ‘මනමාල කතා’ මියුසික් වීඩියෝවේ රංගනය බොහොම අලංකාරව කළ නිසා මට හිතුණා මගේ සිනමා නිර්මාණයට ඇයව දායක කරගන්න. ගායනය වගේම ඇගේ රංගන කෞෂල්‍යයත් ඉතා මනහර බව කියමින් බොහොමයක් දෙනා ප්‍රතිචාර දක්වා තිබුණා.
ඔබ ඒ පිළිබඳ ඇය සමග කතාබහ කර අවසානයිද?
අපොයි නැහැ. තවම ඒ තරමට දුර ගියේ නැහැ. යන්න හිතුවෙත් නැහැ. ඇය එයට මනාප වෙයිද කියලා මම දන්නෙත් නැහැ. බලමු අපි ඉස්සරහට.
කාංචනා අනුරාධි එයට මනාප නොවුණොත් ඒ සඳහා වෙනත් නිළියක් ඔබ අනුමාන කරගෙන ඉන්නවද?
නැහැ. තවම ඒ ගැන අදහසක් නැහැ.
කළු කුමාර චරිතය අළලා තැනෙන ඔබේ සිනමා නිර්මාණයෙහි ස්වභාවය ගැන යමක් කියනවා නම්?
කළු කුමාරයා ගැන ඒ කාලෙට අනුව නම් කිව්වේ පෙරේත බැල්මක් හා අවතාර පෙනුමක් කියන ගුප්ත චරිතයක් ගැනයි. තාක්ෂණය හා විද්‍යාව සමගින් දවසින් දවස ඉදිරියට යන මේ නවතම යුගය සමග මගේ සිනමා නිර්මාණයට පාදක කරගන්නා කළු කුමාර චරිතය නව සංකල්පයකට අනුව සමාජය හමුවට ගෙන එන්නයි මම අදහස් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මොඩිෆයි කළු කුමාර චරිතයක් ගෙන එන්නයි සූදානම. එහෙම හිතමු. දැනට මං හිතන්නේ ඒ ගැන කතාව ඇති. සිනමා නිර්මාණය ආව දවසට අලුත් කළු කුමාරයා ගැන අපි කතා කරමු.
හොඳයි. අපි මෙහෙම අහමු. සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමේ සිහිනයක් ඔබට තිබුණා?
අනිවාර්යයෙන්ම සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන තුරුම මම ඒ හීනය දකිනවා. එය නව අදහස් සමග තව තව දලුලා වැඩෙනවා.
ඔබේ අප්පච්චි සිනමා නිර්මාණ හරහා ප්‍රවීණයකු වීම නිසාද ඔබ ඒ හීනයට පිවිසුණේ?
ඔව්. අප්පච්චිගේ සිනමා නිර්මාණ තුළින් මා ලබාගත් අභාෂය විශාලයි. ඒ හරහා මම මියුසික් වීඩියෝ නිර්මාණයට යොමු වුණෙත් ඒ හීනයට ඇති ළැදියාව නිසයි. කෙමෙන් කෙමෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස සිනමා නිර්මාණයට යොමුවීම සඳහා මියුසික් වීඩියෝ නිර්මාණයට විශාල පෙරහුරුවක් වුණා.
සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී වෙනුවෙන් සොබාදහම තිළිණ දුන් විකල්පය ඔබ බවයි බොහෝ දෙනා කියන්නේ?
එවැනි මහා පෞරුෂයක් තියෙන ප්‍රවීණ කලාකරුවකුට මා සම කිරීම මට මහත් ගෞරවයක්. නමුත් මගේ අප්පච්චි වගේ වෙන්නට නම් මා තව බොහෝ දුර යායුතු බවයි මගේ හැඟීම.
බොහෝ දෙනා ඔබේ රංගන ප්‍රතිභාව සහ ස්වභාවය අප්පච්චිට සමාන බව කියනවා?
අප්පච්චි සතුව තිබූ මහා දැනුම් සම්භාරය සහ ශිල්පීය දැනුම මටත් මගේ අයියා අඛිලට සහ අක්කා මාධවීටත් සම සමව බෙදී ගිහින් තියෙනවා. අප්පච්චිගේ පෙනුම සහ ස්වභාවය වැඩිපුරම තියෙන්නේ අයියටයි. මගේ සිතුවිල්ල එයයි.
අප්පච්චිගේ රංගන කෞෂල්‍යයෙහි හොඳම සාරය ඔබට වැඩි වශයෙන් දායාද කොට ඇති බවයි කවුරුත් කියන්නේ?
මටත් එහෙම ඇහිලා තියෙනවා. ඒත් මම හිතන්නේ අප්පච්චිගේ මහා පෞරුෂය අපි තුන්දෙනාට සම සමව ලැබුණා. මට තියෙන සමහර හැකියාවන් අයියට නැහැ කියලා කවුරු හරි කියනවා නම් අයියට තියෙන සමහර හැකියාවන් මටත් නැහැ. අක්කට තියෙන්නේ වෙනස්ම අපූර්වතම ස්වභාවයක්. අන්න ඒ සිතුවිල්ල තුළයි මම ඉන්නේ.
සිනමා, ටෙලි සහ සංගීත කලාව තුළ මෙතෙක් ඔබ පැමිණ ඇති ගමන ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
ඔව්. ආ මග හැරී බලන කල මට මා ගැන සතුටුයි. අනෙක මම කලාකාමී මවුපිය යුවලකට උපන් පුතෙකු වීම ගැනද සුවිශේෂව සතුටු වෙනවා. කෙටියෙන් සරලව කියනවා නම් මම වාසනාවන්තයි.
ඔබට දැඩිව ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ට කියන්න පණිවුඩයක්?
කලාකාරයව සම්පූර්ණ කරන්නේ ප්‍රේක්ෂකයන්. ඔවුන්ගේ ප්‍රතිචාරයන් තමයි අප වැනි කලාකරුවන්ට තම ප්‍රතිරූපය සාර්ථකව ගොඩනගා ගන්න අවශ්‍ය හුස්ම ටික දෙන්නේ. ඒ නිසාම ඔවුන් අපට දක්වන ඒ ආදරය වෙනුවෙන් අපද ඔවුන්ට ගරු කළ යුතුයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

Next Post

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

MORE NEWS

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News
Heart

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

Load More
කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News
Exclusive

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

.ශ්‍රී ලංකාව කියල කියන්නෙ සාමාන්‍යයෙන් පලතුරු වර්ග වැවෙන රටක්. අපේ රට හරි සරුසාරයි. අපේ රටේ තියෙන විවිධ සරුසාරකම් එක්ක අපිට...

Read more
කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.