• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

පුංචි පැටියෙක් පාසලට යන්නේ බලාපොරොත්තු දහස් ගණනක් පොදි බැඳගෙන. ඒ පුංචි පැටියගෙ දෑතින් අල්ලගෙන අම්මයි තාත්තයි දරු සිඟිත්තව පාසලට එක්කගෙන යනවා. තමන්ගෙ තුරුල්ලෙ තියාගෙන හදපු, ඇස් මානෙන් එපිටට නොයවපු පුංචි පැටියා පාසලට භාර දෙන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු එක්ක. Sri Lanka Latest News

පාසල් අධ්‍යාපනය කියලා කියන්නේ අතිශය විධිමත් එකක්. පෙර පාසලෙන් පස්සෙ එක ශ්‍රේණියෙ සිට දහතුන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය සඳහා ලංකාවෙ විශාල ආයතන ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය ලොකු පරිශ්‍රමයක් දරලා, ලොකු මුදලක් වියදම් කරලා, ලොකු ශ්‍රමයක් කැප කරලා සෑම පන්තියකටම, සෑම ශ්‍රේණියකටම, සෑම විෂයකටම විෂය නිර්දේශ සකස් කරලා තියෙනවා. එකේ පන්තියට, දෙකේ පන්තියට, තුනේ පන්තියට මේ හැම පන්තියකටම මේ වැඩේ වෙනවා. ඒ වගේම ගුරුවරයෙක්ට තමන් කරන්න ඕනෙ වැඩේ මොකක්ද, තමන් නොකරන්න ඕනෙ දේවල් මොනවද කියලා දැනගන්න නිරන්තර වශයෙන්ම ගුරු පුහුණු තියෙනවා. මේ ගුරු පුහුණුවලට අමතරව පසුගිය කාලෙ ‘මොඩියුලර්’ කියලා ජාතියක් තිබුණා. ඒවායින් සිද්ධ වුණේ අධ්‍යාපනයට අදාළ දැනුම මනෝවිද්‍යාත්මකව, ජීව විද්‍යාත්මකව, සාමාජයීයව, ආර්ථිකමය වශයෙන්, ආගමික වශයෙන් මේ අයට ලබාදෙන එක. ඒවායින් දියුණු වෙච්ච අයට තමයි ගුරුවරු විදිහට ඊළඟ ශ්‍රේණිවලට යන්න පුළුවන්කම තිබුණේ.
ලංකාවෙ විභාග ගැන ලෝකයෙ තිබුණේ හොඳ ප්‍රතිචාරයක්. ශිෂ්‍යත්ව විභාගය නෙවෙයි අපි මේ කියන්නෙ. ශිෂ්‍යත්ව විභාගය ඉවත් කරන්න ආපු අලුත් ආණ්ඩුව තවම ශිෂ්‍යත්ව විභාගය අයින් කරන්න කටයුතු කරලා නෑ. ඒකට හේතුව මම හිතන්නෙ ඒ වැඩේ කරන එක ලේසි නැති නිසා. ‘කියන්න නම් පහසුයි, කරන්න අපහසුයි’ කියන එක දැන් අපිට ඉතා පැහැදිලිව පේනවා. මොකද ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් ඉවත් කරන්න බැරි බව පේන්න තියෙනවා.

ශිෂ්‍යත්වය ගැන අපි කතා නොකර ඉමුකෝ. ශිෂ්‍යත්වය අයින් කළත් නැතත් ඒක ඔවුන්ගේ වැඩක්. කරන්න පුළුවන් නම් කරන්න, බැරි නම් ඒකට කමක් නෑ. කිව්ව නිසා කරන්නත් ඕනෙ හරි නම්. අපි ඕවා දන්නෙ නෑ.

ජාතික අධ්‍යාපනයට මේ වෙලාවේ වෙලා තියෙන දේ ගැන විවිධ තැන්වල විවිධ මට්ටම්වලින් කතාබහ කරනවා. අපිට මේ අවස්ථාවේ කතා කරන්න තියෙන ඉතාමත් කනගාටුදායක කාරණා කිහිපයකුත් තියෙනවා. එකක් තමයි මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ජයග්‍රහණ පිළිබඳ නිල වශයෙන් නිවේදනය නොකිරීම. මේ හරහා රට තුළ විශාල මතයක් නිර්මාණය කරමින් ඉන්නවා මේකෙන් රිදෙන්නේ ටියුෂන් සර්ලට කියලා. ටියුෂන් සර්ලට නෙවෙයි මේකෙන් රිදෙන්නේ ජාත්‍යන්තර මට්ටමට තමන්ගේ නම අරගෙන යන්න පුළුවන්කම තියෙන දක්ෂ දරුවන්ට. මේකෙන් රිදෙන්නේ ඉතා ඉහළ අධ්‍යාපන ගුණාත්මක බවක් පෙන්වන පාසල්වලට.

අපි දන්නවා ලංකාවට තමන්ගේ ජයග්‍රාහී අංකය කියලා සතුටු වෙන්න පුළුවන් පාසල් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ පළමුවැනියා තමන්ගේ පාසලේ, දෙවැනියා තමන්ගේ පාසලේ කියලා ඒ නම පත්තරවල යද්දි ඒකෙන් උදම් වෙන්න පුළුවන් පාසල් කිහිපයක් තියෙනවා. ඒ වගේම ලංකාවේ පළමුවැනියා වෙච්ච දරුවාට මේකෙන් වෙන අසාධාරණය කොච්චරද කියන එක ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද මේ සාමාන්‍ය පෙළ විභාගයේ ලංකාවේ පළමුවැනියෙක් ඉන්නවා. ඒ දරුවාවත් අඩුම තරමේ දන්නේ නැහැ තමන් ලංකාවේ පළමුවැනියා කියලා, ඒ දරුවාගේ දෙමමුපියෝවත් දන්නේ නැහැ. ඒ දරුවා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ගිය අවුරුද්දේ ලංකාවේ පළමුවැනියා ගැන කතා කළා. මේ අවුරුද්දේ ලංකාවේ පළමුවැනියා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක බරපතළ තත්ත්වයක්. විවේචනය කරන්න ඕනෙ තත්වයක්.
ඒ අස්සේ උසස් පෙළ ඇවිල්ලා. දහතුන වසරේ තුන්වැනි වාරේ දවස් නවයයි. විභාගය තියෙනවාමයි කියන ස්ථිර අධිෂ්ඨානයෙන් විභාගය තියන්න ලෑස්ති වෙලා ඉන්නවා. මාස 18යි මේ දරුවන්ට ඉස්කෝලේ යන්න ලැබුණේ. පහුගිය ජනවාරි මාසේ ඉස්කෝලේ පටන් ගත්ත ළමයි තමයි මේ වෙලාවේ මේ විභාගය ලියන්න ලෑස්ති වෙලා ඉන්නවා. අඩුම තරමේ මේ දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපනයට කාලය වෙන් කරලා දීලා, සිලබස් ටික කවර් කරගන්න ඉඩ දීලා විභාගය තියනවා නම් ඒක ලොකු දෙයක්. දරුවෝ ඉල්ලන්නේ වෙන දෙයක් නෙමෙයි, දරුවන්ට මේ ප්‍රතිඵලය ජීවිතයට බලපානවා. තමන්ගේ ප්‍රතිඵලය මත තමයි තමන්ගේ අනාගතය තීරණය වෙන්නේ.

දැන් මේ වෙනකොට, ඒ කියන්නේ මේ ලිපිය ලියන දවස වෙනකොට ළමයින්ගේ විශ්වවිද්‍යාලවල කටෝෆ් මාර්ක් එක එළියට ඇවිල්ලා නැහැ. ඒ වගේම රී-කරෙක්ෂන් දාපු ළමයින්ගේ ප්‍රතිඵල සටහන ඇවිල්ලා නැහැ අඩුම තරමේ. එතකොට රී-කරෙක්ෂන් දාපු ළමයා විභාගයට ලෑස්ති වෙන්නේ තමන්ගේ ප්‍රතිඵලය නිවැරදි වෙලා එනවද කියලා නොදැන. මේ ලිපිය ලියන දවස වෙනකොට තව තියෙන්නේ මාසයකුයි දවස් කීපයයි. තවම රී-කරෙක්ෂන් ප්‍රතිඵලය එළියට ඇවිල්ලා නැහැ. අඩුම තරමේ රී-කරෙක්ෂන් ප්‍රතිඵලයක්වත් එළියට එන්නේ නැතුව ගියොත් බැරි වෙලාවත් ඒක නම් බරපතළම තත්ත්වයක් වෙනවා. අපි විශ්වාස කරනවා විභාගයට හෙටයි අනිද්දයි කියලා රී-කරෙක්ෂන් ප්‍රතිඵලය නම් නිකුත් වෙයි. නමුත් රී-කරෙක්ෂන් ප්‍රතිඵලයත් එළියට ඇවිල්ලා සෑහෙන කාලයක්නේ දරුවන්ට දෙන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා රී-කරෙක්ෂන් ප්‍රතිඵලය මත තමන්ගේ ජීවිතය වෙනස් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන තවම පාඩම් කරන්නේ නැතුව හිත හදාගෙන ඉන්න ළමයි.

විභාගය කියලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. විභාගය කියලා කියන්නේ කාගෙවත් අතකොලුවක් නෙමෙයි. විභාගයට නිසි කාලය දෙන්නේ නැතුව මේක අපි නිවැරදි කළා, ඔන්න අපි හැරෙව්වා, ඔන්න අපි හරි පැත්තට ගත්තා කියලා කියන එකෙන් වෙන්නේ දරුවන්ගේ මානසික මට්ටම කඩාගෙන වැටෙන එක. අධ්‍යාපනයට මොඩියුලර් ක්‍රම ඉවත් වීම්, ඒ වගේම අධ්‍යාපනයට විවිධ අලුත් ක්‍රම හඳුන්වා දීම් ඇත්තටම සාර්ථක දේවල් බව අපි පිළිගන්නවා.

අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ එකේ පන්තියේ ළමයින්ට උගන්වන ක්‍රමය වෙනස්. හයේ පන්තියට අලුතෙන් එන්න යන්නේ වෙනස් ක්‍රමයක්. එකේ පන්තියේ ළමයින්ගේ ක්‍රමය වෙනස් කරලා ඒ ළමයින්ට හුඟක් වරප්‍රසාද ලැබුණා කියලා අපි හිතාගෙන හිටියට ඒගොල්ලන්ට ලැබුණු ලබ්බක් නැහැ කියලා තමයි දැනෙන්නේ. දැන් අලුතින් හඳුන්වලා දීලා තියෙන ක්‍රමය හරහා මේ දරුවෝ හැන්දෑවට ඇවිල්ලා අරවා හොයනවා, මෙව්වා හොයනවා, මී වද හොයනවා, වඩුකුරුලු කූඩු හොයනවා, ඒ අස්සේ රංකුඹල් ගෙවල් හොයනවා, රබර් ඇට හොයනවා. මේවා හැම තැනම තියෙනවද හැන්දෑවට අරගෙන එන්න? පහුදා උදේට ගේන්න කිව්වම කොහොමද හොයාගන්න? ඉතින් මෙවැනි දේවල් එක්ක මේ පාසල් අධ්‍යාපනය විහිළුවක් වෙලා නිකන් සෙල්ලමක් බවට පත් වුණොත් ඒක භයානකයි. අපි දන්නවා මේ ආණ්ඩුවට ඕනෙ මේක හරි ට්‍රැක් එකට ගේන්න. ලෝකේ ගොඩක් රටවල් ට්‍රැක් එකට මේක ගෙනල්ලා තියෙන්නේ. ඒවා හරි. හැබැයි ගේන්න කරන්න ඕනෙ පිළිවෙළ නිවැරදිව අවබෝධ කරගත්තේ නැත්නම් අපිට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මේ විභාග ප්‍රතිඵල, ඒ-ලෙවල් තියෙන දවස් මේ හැමදේම ඒකට උදාහරණ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

MORE NEWS

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ...

Read more
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.