• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

June 27, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ කැමරා අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් පුරා සිය දායකත්වය ලබාදී ඇති ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ තුසිත අනුරාධ, කැමරාව පිටුපස සිටිමින් චරිත හා කතා ප්‍රේක්ෂක හදවත් වෙත සමීප කළ නිර්මාණකරුවෙකි. සිය වෘත්තීය දක්ෂතාව සහ කැපවීම හරහා ක්ෂේත්‍රයේ ආදරය හා ගෞරවය දිනාගත් ඔහු, සිය වෘත්තීය ගමනේ අත්දැකීම්, අමතක නොවන මතකයන් සහ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ ‘හාට්’ සමග අදහස් දැක්වූයේ මෙසේය. Sri Lanka Latest News

තුසිතගේ ළමා කාලය ගෙවුණු පරිසරය, උපන් ගම සහ අධ්‍යාපන හැදෑරුවේ කොහේද යන්න මුලින්ම කතා කරමු?
මම ඉපදුණේ මැද කොළඹ. දැන් මගේ පදිංචිය හංවැල්ලේ. ශ්‍රීමත් බාරෝන් ජයතිලක විද්‍යාලයේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ.
කැමරා අධ්‍යක්ෂණය දක්වා ආ ගමන ගැන මතක් කළොත්?
2000 වසරේදී පමණ තමයි මගේ කලා ගමන ආරම්භ වුණේ. මුලින්ම මම සම්බන්ධ වුණේ ටී.වී.ටී. ආයතනයේ තාක්ෂණික අංශයටයි. එහි ආලෝකකරණ කටයුතු කිරීමෙන් තමයි මගේ වෘත්තීය ජීවිතයේ පළමු පියවර තැබුණේ. ඒ විදිහට ලැබුණු දැනුම, කැපවීම සහ අත්දැකීම් එක්ක අද වනවිට කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමට හැකිවී තිබෙනවා.
මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්නේ මොන නිර්මාණ එක්කද?
ස්වර්ණවාහිනියේ ජහුටා, දෙරණ නාලිකාවේ කොළඹ කට්ටිය එක්ක තමයි මේ දවස්වල වැඩ කටයුතු කරගෙන ඉන්නේ.
සද්ධාමංගල සහ ශිවගුරුනාදන් දෙදෙනාගේ නිර්මාණයන්වල පමණක්ද ඔබ වැඩ කරන්නේ?
ෆීල්ඩ් එකට ආවට පස්සේ වැඩි ප්‍රමාණයක් ශිවා අයියා සහ සද්ධා අයියාගේ ටෙලිනාට්‍ය නිර්මාණයන්ට තමයි සම්බන්ධ වුණේ.
දැනට ඔබ දායක වී ඇති ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ප්‍රමාණය ගැන සඳහන් කළොත්?
මේ වනවිට මම ටෙලිනාට්‍ය 20කට අධික ප්‍රමාණයකට දායක වී තිබෙනවා. ඒ වගේම චිත්‍රපට පහකට පමණ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වීමට අවස්ථාව ලැබුණා. මේ සියලු නිර්මාණ හරහා විවිධ අත්දැකීම් ලබාගෙන, වෘත්තීය වශයෙන් මගේ ගමන තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකි වුණා.
ඔබ දැන් සිටින තැන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්. සෑහෙන්න සතුටුයි.
සාර්ථකත්වය පිටුපස සෙවණැලි ඔබටත් තියෙන්න ඇති?
ශිවා අයියා තමයි මගේ ලොකුම හෙවණැල්ල. එයා මට ලොකු සපෝර්ට් එකක් මේ ගමනට දුන්නා. ශිවා අයියාට මං ගැන තියෙන විශ්වාසය සහ ඒ වැඩේ මම වගකීමෙන් කරන නිසා තමයි මට වැඩ බාර දෙන්නේ. ඉතින් ඒ විශ්වාසය මම උපරිමයෙන් රකිනවා.
රූගත කිරීම්වලදි අමතක නොවන මතකයන් ඇති?
‘පහ සමත්’ චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණා දැරණියගල. ඒ ලොකේෂන් එකට වාහනවලින් යන්න බැහැ. ඇවිදගෙන තමයි යන්න තිබුණේ. මමයි ශිවා අයියයි උද්දික ප්‍රේමරත්නයි කැලෙන් ඇවිදගෙන ගිහින් කොන්ක්‍රීට් පාලමකින් ලොකේෂන් එකට එගොඩ වෙන්න තිබුණේ. මම තමයි ඉස්සර වෙලා ගියේ. ශිවා අයියයි උද්දිකයි මට පිටුපසින් ආවේ. මම ඉස්සරහට ඇවිදගෙන යන අතරමග පාලමෙන් ජරස් බරස් ගාලා ශබ්දයක් ඇහුණා. මම එගොඩ වෙලා ආපහු හැරිලා බලද්දී ශිවා අයියයි උද්දිකයි පේන්න හිටියේ නැහැ. පස්සේ දැක්කේ පාලම දෙකට මැද්දෙන් කඩාගෙන පහළට වැටිලා. උද්දික ඉන්නවා ශිවා අයියව බදාගෙන. මට හිනා ගියා, ලොකු බයකුත් ඇති වුණා අනතුරක් වුණා නම් කියලා. අදටත් ඒ සිදුවීම ගැන හිතාගන්න අමාරුයි.
තුසිත ෆැෂන්වලට බර කෙනෙක් නේද?
ෆැෂන්වලට ඉස්සර ඉඳලම තිබුණා මගේ ආසාවක්. මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී අපි ලස්සනට ප්‍රියමනාපව ඉන්න ඕනි කියන මතේ මගේ තියෙනවා.
රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද?
ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරපු ‘බයෝ’ නාට්‍යයට ඔහු ආරාධනා කරලා මම බන්ධනාගාර සිරකරුවකුගේ චරිතයක් කළා.
ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන්ගෙන් තුසිතට ලොකු ආදරයක් ලැබෙනවා නේද?
මම හැමෝම එක්ක සුහදව වැඩ කරන කෙනෙක්. ඒක මගේ වචනෙන් කිව්වොත් මාර ආතල්. යම් අවස්ථා තියෙනවා තර්කවලට යන. නමුත් ඒක වැඩේදි විතරයි. පෞද්ගලික අමනාපකම් තියා ගන්නේ නැහැ.
පවුලේ විස්තර?
මම විවාහකයි. මගේ බිරිඳ නිලූකා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. පුතා යස්මින සහ දුව මෙනුරි.
ගෙදරින් ලැබෙන සහයෝගය?
වචනවලින් කියලා නිම කරන්න බැරි ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මං ගැන විශ්වාසය තියලා මගෙ බිරිඳ මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙන්නේ. ඉතින් ඒ විශ්වාසය මට ලොකු සහායක්.
ඉදිරි නිර්මාණ?
ප්‍රියන්ත ශ්‍රී කියලා කෙනෙක්ගේ ටෙලි නිර්මාණයක් එන්න තියෙනවා. ඒක ෂූටින් කරලා අවසන් කළා පහුගිය දවස්වල. මේ දවස්වල ඒක එඩිට් එකේ තියෙන්නේ.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

Next Post

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News
Heart

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

Load More
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

පුංචි පැටියෙක් පාසලට යන්නේ බලාපොරොත්තු දහස් ගණනක් පොදි බැඳගෙන. ඒ පුංචි පැටියගෙ දෑතින් අල්ලගෙන අම්මයි තාත්තයි දරු සිඟිත්තව පාසලට එක්කගෙන...

Read more
එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.