පසුගිය දිනවල අපි ‘කොටු’ හරහා කොටුවුණු ශිල්පීන් කිහිප දෙනකුගේ හපන්කම් ගැන ඔබට හෙළි කළා. මම අද ඔබට හඳුන්වා දෙන්නේ කොටුවෙන් බේරුණු තවත් දක්ෂ රංගන ශිල්පිනියක් ගැනයි. සුලෝචනා හැරපත්දෙණිය නව පරපුරේ සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට ටෙලිනාට්‍ය රංගනයෙන්ද සිනමා නිර්මාණ හරහාද ඔබට සමීප වී සිටිනවා. සිනමාවේ දිගු ගමනකට මුලපුරා සිටින සුලෝචනා සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ. Sri Lanka Latest News
සුලෝ ඉතින් කොහොමද?
මේ දිනවල කලා කටයුතුවලටත් සම්බන්ධ වෙමින් පවුලේ වැඩකටයුතුත් කරමින් සතුටින් ඉන්නවා.
මොකද්ද මේ ඉපැරැණි කතාව?
‘පෙම්වතිය’ ටෙලිනාට්‍යයේ යෙහාලි චරිතය තමයි මම රඟපාන්නේ. ‘මගේ ඉපැරැණි පෙම්වතිය’ කතාව තුළ දෙපැත්තක් තියෙනවා. ඒ ගැන ලොකුවට දෙයක් මේ වෙලාවේ මට සඳහන් කරන්න අමාරුයි.
එහෙම ආදරණීය නමක් සඳහන් වෙනකොට ඉපැරැණි පෙම්වතා මතක් වෙනවා ඇති?
අපෝ කවදාවත්ම නැහැ. මම ඉතින් අතහැරියොත් සදහටම අතාරිනවා. මට දැන් අවුරුදු දෙකක බබෙක් ඉන්නවා.
සුලෝගේ ගම්පළාත කොහොමද?
මගේ ගම්පළාත රත්මලාන. පසුකාලීනව මම නාත්තන්ඩියට ගිහින් හිටියා. දැන් ඉන්නේ කොළඹ.
මේ දිනවල දේවි ගැන කතාවෙනවා?
ප්‍රතිචාර නම් හොඳයි. මම පුබුදු ගමගේගේ බිරිඳ ලෙස රඟපාන්නේ. ගමක කෙනෙක් අඳින පලඳින ඇඳුමෙන් පවා වෙනස්. දේවි චරිතය ඉදිරියේදී හොඳ විදියට ගලාගෙන යයි කියලා මම හිතනවා. කොටු ටෙලිනාට්‍යයේ මිහිරි චරිතයට වඩා ලොකු වෙනසක්. දේවි චරිතය සාමාන්‍ය ජීවිතයේ කිසිම අත්දැකීමක් නැහැ.
මිහිරිට කොටුවක් පැනගන්න බැරි වුණා නේද?
මම හිතන්නේ කොටු එකේ කොටුවක් පැනපු නැතිම කෙනා මම වෙන්නැති. අසංක සායක්කාර අයියගේ රංගන වැඩමුළුවට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි කොටු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ.
සුලෝගෙ සැමියාත් කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මේ ගමන යන්න ලොකු පහසුවක් ඇති?
ඇත්තටම ඔව්. මගේ දක්ෂතාවට ඉඩ දෙන කෙනෙක්. ඔහු මේ වනවිට වෙළෙඳ දැන්වීම් සඳහා ඇඳුම් නිර්මාණය කරන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. ඔහු මගේ වැඩකටයුතු බලලා අඩුපාඩුවක් තිබුණොත් මට කියනවා. මගේ පැත්තෙන් යන්න උපරිම නිදහස දීලා තියෙන්නේ. මාව කිසිම තනි රාමුවකට කොටු කරගෙන නැහැ.
ක්ෂේත්‍රයට යොමුවීමේ අඩිතාලම කොහොමද?
පොඩි කාලේ ඉඳලා මගේ ආශාවක් තිබුණා රංගන ශිල්පිනියක් වෙන්න. අවස්ථාව ලැබෙනකොට මට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවා. 2022 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට මාව තේරුණා. මගේ මුල්ම අඩිතාලම එතැනින් තමයි පටන් ගත්තේ. නලින් මාපිටිය හරහා මට මාදනී මල්වත්තගේ සහ තිළිණි වීරසිංහ මෙහෙයවන රංගන පාසලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතුවා හැදෑරීමක් ඇතිව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. එතැනින් පස්සේ තමයි මට වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
‘හියුමන් එරර්’ හරහා තමයි ඔබගේ මුල්ම දායකත්වය?
සුපුන් රත්නායකගේ ටෙලිනාට්‍යයක් තමයි හියුමන් එරර්. මම ඒ කතාවේ රඟපෑවේ දේවිගේ චරිතය.
දේවි චරිතය ලොකු වෙනසක් දැනුණා. නුවරඑළියේ දමිළ පිරිමියෙක්ගේ සිංහල බිරිඳකගේ චරිතයක් තමයි රඟපෑවේ. ඒ චරිතය තුළදී ලොකු වෙනසක් දැනුණා. හැබැයි ඒ චරිතයට එහා ගිය ලොකු වෙනසක් දැනෙන මගේ ස්වරූපය පවා වෙනස් වෙන විදියේ චරිතයක් රඟපාන්න ගොඩක් ආශාවෙන් ඉන්නවා.

ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය කොටුද?
නෑ. චමින්ද ඉලුක්වෙලගේ මාගම් සෝලිය, ජගත් ආනන්දගේ යකඩ මනමාලි, චන්ද්‍රරත්න මාපිටිගමගේගේ දණ නමන හද. පස්සේ තමයි අසංක සායක්කාරගේ කොටු සිනමා නිර්මාණය. මේ සියලු චිත්‍රපට හරහා ඉදිරියේදී මාව දැකගන්න පුළුවන්.
වසන්ත විතාරණගේ











