• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැමදාමත් එකම නළුවන් පිරිසක්, එකම වේදිකාවක, අවුරුදු කිහිපයක ඇවෑමෙන් තමන් රඟපෑ චරිතය සම්පූර්ණයෙන්ම කණපිට හරවා රඟපාන අපූරු ‘දේශපාලන සර්කස් එකක්’ මේ දවස්වල විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡා දෙස බලන අපට නොමිලේම බලාගත හැක. බලයේ ඉන්නකොට එක රංගනයකුත්, විපක්ෂයට ආපුවාම තවත් රංගනයකුත් පෙන්වන මේ දේශපාලන නඩයේ අලුත්ම ටේ්‍රලර් එක දකින විට බඩ අල්ලාගෙන හිනායෑම නතර කරගත නොහැක්කේ ඒ නිසාය. Sri Lanka Latest News

මතකය ටිකක් අලුත් කරගන්නට අපි 2013 වසරට යමු. එදා රටේ පළමු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව මුළු රටම පාහේ විරෝධය පාද්දී, ඇයව දෝෂාභියෝගයකින් අගවිනිසුරු පුටුවෙන් එළියට ඇද දමන්නට පෙරමුණ ගත්තේ කවුදැයි අපට අමතක නැත. අද විපක්ෂයේ සිට ‘අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ ගැන උගුර ලේ රහ වනතුරු කෑගසන ජී.එල්. පීරිස්, පාඨලී චම්පික සහ විමල් වීරවංශ ඇතුළු සෙට් එක එදා එකතු වී කළේ අගවිනිසුරුවරිය පන්නා දැමීමේ දේශපාලන මෙහෙයුමයි. එදා ඔවුන්ට අධිකරණයේ ස්වාධීනත්වය යනු තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට අනුව නටන නැටුමකි. නීතිය තමන්ට අවශ්‍ය පරිදි නවාගෙන, එදා අගවිනිසුරුවරියක පන්නා දැමීමට ‘හෝයියා’ කියූ මේ නඩයම, අද දෛවයේ සරදමකට මෙන් එකම මේසයක වාඩි වී, එකම මයික්‍රෆෝනයක් බෙදාගනිමින්, ‘අනේ… රටේ අධිකරණයේ ස්වාධීනත්වයක් නෑ…’ කියමින් රට වටේ බෙර ගසති. ලෝක දේශපාලන විද්‍යාඥයන්ටද මේවා දකින විට පිස්සු හැදෙනවා නියතය.

හාස්කම් එතැනින් නතර නොවේ. එදා තමන් බලයේ සිටිද්දී විරුද්ධවාදීන්ව දඩයම් කරන්නට, කොටු කරන්නට සහ කටවල් වසන්නට රත්තරන් නීතියක් සේ සලකා ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ කර උඩ තබාගෙන ආවේද මෙන්න මේ කියන කට්ටියමය. එදා ඔවුන්ට PTA පනත යනු රට බේරාගැනීමේ මහා මෙවලමකි. හැබැයි අපේ රටේ දේශපාලකයෙක් නීතියක් හදන්නේ තමන්ට වාසි වෙනතුරු පමණි. ඔවුන් හිතාගෙන ඉන්නේ පක්ෂය හෝ විපක්ෂයේ අසුන මාරු කළාම තමන් කරපු පරණ පව් ඔක්කොම ස්වයංක්‍රීයවම ‘රීසෙට්’ වෙනවා කියාය. නමුත් දේශපාලන කර්මය කියන්නේ කාටවත් මගහැරිය නොහැකි දෙයකි. එදා තමන් විසින්ම මුවහත් කර පදම් කළ PTA නීතිය නැමති කඩුව, අද කැරකී අවුත් තමන්ගේම බෙල්ලට තැබෙන විට, ඔවුන්ට එය මහා ම්ලේච්ඡ, ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් වී ඇත. තමන් හැදූ උගුලේ තමන්ම වැටී, අද PTA හරහා අත්අඩංගුවට පත්වන විට, ‘අනේ මේක මහා අසාධාරණයක්’ කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන හැටි දකින විට හිනානොවී සිටින්නේ කෙසේද?

ඇත්තටම මෙතැන තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොවේ. ‘මතකය අමතක වීමේ’ දේශපාලන ලෙඩකි. එදා ආණ්ඩුවේ ඉඳන් හැම ජනතා විරෝධී වැඩකටම, නීති විරෝධී දඩයමකටම ‘එළකිරි’ කියා අත්පුඩි ගැසූ මේ අය, අද විපක්ෂයට ආ සැණින් ‘පාරිශුද්ධ උත්තමයන්’ වී ඇත. ඔවුහු අද අලුත් අලුත් සංවිධාන හදති, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ පෙරමුණු අස්සන් කරති, ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වෙති. බලයේ සිටිද්දී රටට කරපු විනාශය, නීතිය නැමූ හැටි, සහ ගත්තු තීන්දු තීරණවල පව් ඔක්කොම විපක්ෂයේ අසුනක වාඩි වූ සැණින් හෝදිලා ගිහිල්ලා දැයි අප දන්නේ නැත. වයසින් මුහුකුරා ගියත්, මොළයේ වර්ධනය ආපස්සට ගොස් තමන් එදා කළේ කුමක්දැයි මතක නැති ‘බබාලා’ වී ඇති සෙයකි.

බල ලෝභයෙන් සහ අවස්ථාවාදයෙන් කුණු වී ගිය දේශපාලනඥයකුගේ ‘ප්‍රතිපත්තිය සහ දේශපාලන න්‍යාය පත්‍රය’ කිසිදා මාරු කළ නොහැක. එදා තමන් බලයේ සිටිද්දී පැදවූ ‘මර්දන’ රෝදයම අද තමන් දෙසට කැරකී එන විට හඬාවැටීම විහිළුවකි. බලයේ ඉන්නකොට වැදගත් වෙන්නේ තමන්ගේ බලය රැකගැනීම පමණක් වුවත්, විපක්ෂයට ආපුවාම නීතියේ ආධිපත්‍යය ගැන මතක් වීම පුදුමසහගතය.

ගරු මන්ත්‍රීවරුනි, ඔබලා විපක්ෂයට වී මොන වීර කතා කීවත්, මොන සංවිධාන හැදුවත්, මේ රටේ ජනතාවට දැන් ඔබලාගේ මේ ‘ඩබල් ගේම්’ සහ දේශපාලන සෙල්ලම් ගැන හොඳ ‘මීටරයක්’ ඇත. එදා ඔබලා වැපිරූ දේ අද ඔබලාටම නෙළාගන්නට සිදුවී ඇති බව වටහාගෙන, තවත් රූපවාහිනී කැමරා ඉදිරියේ විහිළු සපයන්නේ නැතිව සිටීම ඔබලාට මෙන්ම රටටද කරන ලොකුම යහපතකි. නැත්නම්, ඔබලාගේ මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මූණු විතරක් නෙවෙයි, නැවත දේශපාලන වේදිකාවට ඒමට තබා ඇති බලාපොරොත්තු පවා සදහටම අකාමකා දමනු නියතය.

SendShareShare
Previous Post

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

Next Post

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.