• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් අඩු කළා!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු තෙල් මිල සඳහන් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ. Sri Lanka Latest News

පෙට්‍රල් 95 ඔක්ටේන් මේ වෙනකොට රුපියල් 495යි. ලංකාවේ වැඩිම අගය තමයි 2026 මැයි 31 වැනි දින වාර්තා වුණු අගය. සුපිරි ඩීසල් රුපියල් 478යි, ජුනි මස 08 වැනිදා ඉහළ ගිය අගය තමයි ලංකාවේ වැඩිම මිල විදියට සඳහන් වන්නේ. ඒ වගේම පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 434යි, 2026 මැයි 31 වාර්තා වුණු ඉහළම අගය තමයි මේක. මීට පෙර 2022 මැයි මාසයේදී රුපියල් 420ක් විදියට මේ තෙල් මිල සඳහන් වෙලා තිබුණා. ඔටෝ ඩීසල් රුපියල් 407ක් දක්වා අද වෙනකොට ඉහළ ගිහිල්ලා තියෙනවා. 2022 වසරේදී මේ මිල රුපියල් 400ක් විදියට තමයි සඳහන් වෙලා තිබුණේ. භූමිතෙල් මිල රුපියල් 340යි. 2022 ආර්ථික අර්බුදය අතරතුර සහනාධාර ඉවත් කිරීමත් එක්ක මේ මිල ඉහළ යන්න පටන් අරගත්තු බව සඳහන් කරන්න පුළුවන්.

දැන් තෙල් මිල වැඩිවීමට හේතුව විදියට සඳහන් වෙන්නේ මැදපෙරදිග කලාපයේ හටගත් යුද ගැටුම්, ඒත් එක්කම ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 දක්වා ඉහළ ගියා. රජය විසින් ඉන්ධන සහනාධාර ඉවත් කරමින් දැන් මිල සූත්‍රය දැඩිව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේත් එක්ක අපි විශ්වාස කරනවා ලංකාවේ තෙල් මිල ඉතා ඉහළ අගයක් ගත්තා කියලා.

නමුත් දැන් ලෝක වෙළෙඳපොලේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බහිමින් තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒත් එක්කම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 – 79 සීමාව දක්වා අඩු වෙලා තියෙන බව අපට විශ්වාස කරන්න පුළුවන්.

2024 සහ 2026 අතර මේ බොරතෙල් මිල සහ ශ්‍රී ලංකාවේ තෙල් මිල අපි සංසන්දනාත්මකව බලමු. 2024 – 25 වසර තුළ ගෝලීය බොරතෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතුණා. 2025 අගභාගය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 – 65 සීමාවේ පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. 2026 මුල් භාගයේදී තෙල් මිල යම් ප්‍රමාණයකින් ඉහළ යන්න පටන් අරගත්තා, ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගත් ගැටුම් එක්ක. එහිදී මේ බොරතෙල් බැරලයක මිල 95 – 100 සීමාව ඉක්මවා යන්න පටන් අරගත්තා. මේ තත්ත්වයත් එක්ක තමයි අපිට මේ තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වුණේ.

එතකොට අපිට මේ ආණ්ඩුවෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා, බොරතෙල් බැරලයක මිල 115 වෙද්දී අපිට පුළුවන් වුණා අපේ තෙල් 434කට දෙන්න. ඒක හරිම සාධාරණයි. ඉතින් අපි එතැනදී ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දැන් මේක ආසන්න වශයෙන් 80කට අඩුවෙලා. එතකොට ආසන්න වශයෙන් 80කට අඩු වුණාම අපිට ලැබෙන සහනය මොකක්ද? අපි හිතමු 110ට තිබුණු මිල 80ට අඩු වුණා කියලා. 110ට තිබුණු මිල 80ට අඩු වුණා නම් අපිට ලැබෙන සහනය මොකක්ද මේ වෙනකොට මේ ලැබුණු සහනයත් එක්ක? මොකද අපි දන්නවා මේක මහා විශාල අඩු කිරීමක් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි, නමුත් ආසන්න වශයෙන් 27%ක මිල අඩු වීමක් පෙන්නුම් කරනවා මේ රුපියල් 30ක මිල අඩු වීමක් කියලා අපි ගණනය කළොත්. ඉතින් 30%ක විතර අඩු වීමක් අද වෙද්දී අපි දකිනවා.එතකොට මේ 30%ක අඩුවීම අපිට දෙන්න පුළුවන් නම් සාමාන්‍ය පාරිභෝගිකයාට, මේක යම් ප්‍රමාණයකින් විශාල සහනයක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ආණ්ඩුව දැඩිව කියන කාරණය වෙන්නේ නැහැ අපි එහෙම දෙන්නේ නැහැ වගේ එකක්. අපි ගණන් හදලා බැලුවම පෙට්‍රල් මිල විතරක් රුපියල් 130කින් විතර අඩු කරන්න පුළුවන් තත්ත්වයකට මේ බොරතෙල් බැරලයක මිල අඩු වීමත් එක්ක අපිට පේන්න තියෙනවා සහනයක්. රුපියල් 130යි ශත 20ක් 30%කින් අඩු වුණොත්, එතකොට සාමාන්‍ය රුපියල් 304කට 305කට ආසන්න වශයෙන් රුපියල් 310කට පෙට්‍රල් දෙන්න පුළුවන් තත්ත්වයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ.

අපි දන්නවා ඒක අපි හිතන තරම් සාධාරණ හෝ පහසු හෝ නොවෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම කියන්න වෙනවා. පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 495යි. නමුත් මේ මිල අඩුකිරීම මේ සඳහා භාවිත කළොත් රුපියල් 350ට 345කට විතර 95 ඔක්ටේන් පෙට්‍රල් ලබාදීමේ හැකියාව තියෙයි. සුපිරි ඩීසල් සඳහාත් මේ තත්ත්වයමයි, 340කට විතර දෙන්න පුළුවන්කම තියෙනවා. ඔටෝ ඩීසල් මේ වෙනකොට රුපියල් 407යි. ඉතින් 407ක අගය ගන්න එක 290කට 295කට ඔටෝ ඩීසල් ලබාදීමේ හැකියාව තියෙනවා. භූමිතෙල්වල මිල තවත් අඩු වෙනවා, රුපියල් 260කට විතර දෙන්න පුළුවන් තත්ත්වයක් අපිට පේනවා. ඊටත් අඩුවෙන්නත් පුළුවන් ඩීසල්වල මිල.

මේ තත්ත්වය ජනතාවට නොලැබෙන සහනයක් බවට තමයි දැන් පේන්න තියෙන්නේ. මේකට විවිධ කාරණාවන් ඉදිරිපත් කරනවා, විවිධ හේතු දක්වනවා. සහනාධාර ඉවත් කළා කියලා කියනවා. ඉතින් සහනාධාර ඉවත් කිරීම මේ මොහොතේ කළ යුතුද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ වගේම මේ තෙල් මිල වැඩිවීමත් එක්ක සමස්තයේම මිල ඉහළ යනවා රටේ. ඉතින් ඒ වගේම සමස්තයේම මිල පහළ දැමීම සඳහා අපි හිතනවා රජයට පුළුවන්කම තියෙනවා කියලා. ඔබට මේ සහනාධාරය ගැන කියපු නිසාම අපි කියන්නම් මේ සහනාධාරය කීයද තෙල්වලට ලබාදීලා තියෙන්නේ කියලා. ඔටෝ ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 100ක සහනයක්, ඒ වගේම 92 ඔක්ටේන් අගය ලංකා පෙට්‍රල් සඳහා ලීටරයකට රුපියල් 20ක් මේ සහනාධාර විදියට ලබාදීලා තියෙන බව කියනවා. මේ අනුව විශාල සහනාධාරයක් ජනතාවට ලැබෙනවා කියලා කිව්වට අපි හිතමු පෙට්‍රල්වල සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත් කළත් පෙට්‍රල් රුපියල් 330කට විතර දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම ඩීසල්වල තමයි යම් ප්‍රශ්නයක් නිර්මාණය වුණොත් නිර්මාණය වෙන්නේ, පෙට්‍රල්වලට මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ.

සහනාධාරය ඉවත් කළොත් ඩීසල්වල මිල මේ තියෙන තත්ත්වයට වඩා රුපියල් 20කින් 30කින් අඩු කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ සහනාධාරයත් ඉවත් කරලා සියල්ලම ඉවත් කරලත් තෙල් මිල අඩු කරන්න පුළුවන් කියන එක අපිට ඉතාම පැහැදිලිව පේනවා. ඒ වගේම අපි දන්නවා ඉරානය සහ ඇමෙරිකාව අතර ඇති වෙච්ච තාවකාලික ගිවිසුමත් එක්ක මේ තෙල් මිල තවත් පහළ යනවා. ඒ වගේම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වෙනවා. මේ සියල්ල ලෝකයේ දැන් අපිට ඇහැට පේන්න සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් තෙල් මිලට බලපාන්නේ නැහැ මේ තත්ත්වය කියලා ඒක සම්පූර්ණ බොරුවක්, ඒක අසත්‍යයක්. අපි හොඳාකාරවම දන්නවා ලංකාවේ රුපියල් 292කට තෙල් දුන්නේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 65 – 70 වගේ අගයක තියෙන අවස්ථාවක බව. දැන් ආයෙත් ඔන්න අපිට ඉතාම පහසු තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා.

මේ තත්ත්වය සාපේක්ෂව රුපියල් 293 – 294 සීමාවේ පෙට්‍රල් තිබුණු මිලට සමාන තත්ත්වයක්. සමහරු කියනවා මේ තත්ත්වයට හේතුව අපි ගල්අඟුරු සඳහා විශාල ඩීසල් ප්‍රමාණයක් වියදම් කරනවා ගල්අඟුරු හිඟය නිසා, ගල්අඟුරුවල තත්ත්වය බාල නිසා, අපිට ඉන් ලැබෙන විදුලිය ප්‍රමාණවත් නැහැ ඒ නිසා අපිට ඩීසල් වැය කරලා විදුලිය නිෂ්පාදනය කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ සඳහා විශාල මුදලක් වියදම් කරන්න වෙනවා කියලා. සමහර අමාත්‍යවරුත් මේ ගැන අපි දැක්කා ඇතැම් තැන්වල කතා කරලා තියෙනවා. ඔවුන් ඉතාම ජාරුවට කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ අපිට ඕන තරම් තෙල් තියෙනවා, අපිට තෙල්වලින් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට අහන්න තියෙන්නේ වත්තේ පොල් කඩලා ඒ පොල්වලින් තෙල් හිඳලා නම් කමක් නැහැ, නමුත් ඉතින් මේක එහෙම නෙමෙයිනේ. සෞදි අරාබියේ නානා කෙනෙක් ඔය කතාව කිව්වා නම් අපිට පුළුවන් අත්පුඩි ගහන්න. මොකද අපිට තෙල් තියෙනවා කිව්වම අපි දන්නවා නානාට තෙල් තියෙනවා කියලා. හැබැයි මේ නානලාට තෙල් නැහැනේ.
ඉතින් අපි දන්නවා රටක් කරන්න ලේසි නැහැ. ආණ්ඩුවට කොයි වෙලෙත් ඇඟිල්ල දික් කරන එක සාධාරණත් නැහැ. ආණ්ඩුවක් කියලා කියන්නේ මේ වගේ අමාරු අවස්ථාවකදී රට කරගෙන යන ඉතාම දුෂ්කර කටයුතුවලට මුහුණ දෙන කණ්ඩායමක්. නමුත් දැන් බොරතෙල් මිල පහළ බහිද්දී සහනයක් ලබාදෙන්න බැරි ඇයි කියලා අපි අහනවා. ඒ වගේම අපිට මතකයි මේ අය කිව්වා මේ යුද්ධය පටන් අරගනිද්දී අපිට ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. හැබැයි යුද්ධය පටන් අරගත්තු ගමන්ම අපේ තෙල් මිල වැඩි කළා. එතකොට ඒගොල්ලෝ කිව්ව කාරණාව තමයි අපි තෙල් අනාගතයට ගේන්නේ වැඩි මිලට ඒ සඳහා සල්ලි ඕනේ ඒ නිසයි මේ තෙල් මිල වැඩි කළේ කියලා. අපි හා කියලා පැත්තකට වුණා. දැන් තර්කය මෙච්චරයි. දැන් ඔබ ඉදිරියේදී තෙල් ගේන්නේ අඩු මිලට, ඒ නිසා දැන් තියෙන තෙල් වැඩි මිලට ගෙනාපුවා වෙන්න පුළුවන්. ඉස්සරහට තෙල් ගේන්න ඕනෙ වෙන්නේ අඩු මිලක්. ඒ නිසා අපිට මිල අඩු කරලා දෙන්න.

එහෙම නැත්නම් මේ රට පවත්වාගෙන යන්න බැහැ. පාන් ගෙඩියේ ඉඳලා බනිස් ගෙඩියේ ඉඳලා ප්ලේන් ටී එකේ ඉඳලා බස් ගාස්තුවේ ඉඳලා ත්‍රීවීල් ගාස්තුවේ ඉඳලා මේ හැම දේකින්ම මිනිස්සුන්ට පැටවිලා තියෙන්නේ දරන්න බැරි බරක්. මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් වෙනවට. මිනිස්සු පණ තියෙන හින්දා කාලා ඇඳලා ජීවත් වෙනවා. මැරෙන්න බැරි හින්දා කනවා බොනවා. එහෙම නැතුව රහට කන්න බොන්න, සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපිට නිර්මාණය වෙලා නැහැ. අපි ඒකට ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ. ආණ්ඩුව වැරදියි කියලා කියන්නෙත් නැහැ. ආණ්ඩුව පුළුවන් හැටියට මේක කරගෙන යන බව අපි දන්නවා. හැබැයි ආණ්ඩුවට වගකීමක් තියෙනවා ලැබෙන සහනය රුපියලයි නම් ඒ රුපියල ජනතාවට දෙන්න. අඩුවෙන්නේ ඩොලර් එකයි නම් ඒ ඩොලර් එකේ වාසිය ජනතාවට දෙන්න. සැහැල්ලු වෙන්නේ බර ග්‍රෑම් එකයි නම් ඒ ග්‍රෑම් එක අපිට දෙන්න. කිලෝ ගාණක් බර දරාගෙන ඉන්න අපිට ග්‍රෑම් 10ක් අඩු වුණොත් ඒක ඔළුවට නිදහසක්. මේ ආණ්ඩුවේ බලධාරීන්ට අපි කෙළින්ම කියන්නේ මේ වෙලාවේ ඇඟ බේරගන්න හදන්න එපා බයිලා කියලා, තෙල් මිල අඩු කරන්නම ඕනේ. අපි දන්නවා අඩු කරන්නම පුළුවන්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.