• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

June 20, 2026
in Heart
Reading Time: 3 mins read
A A
පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිනමාවේත්, පුංචි තිරයේත් ආදරණීය මේ පුංචි කෙල්ල ගැන මේ දිනවල කාගේත් අවධානය යොමුවෙලා. ඒ නිසාම ඇය ගැන ගොඩ දෙනෙක් හොයන්නත් පටන් අරගෙන. ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යයේ නන්දනීගේ ළමා අවධියට ඉතා තාත්වික ලෙස ඇය පණපොවනවා. රංගනයට වගේම නැටුමටත් හපන් ටි්‍රනිටි ‘මව්රට’ හාට් පිටු හැඩ කරන්න එකතු වුණේ මේ විදියටයි.

ට්‍රිනිටි මේ දිනවල පොඩි වුණාට ලොකු වැඩ ගොඩක් අපි දකිනවා?
මම තාම පොඩි කෙනෙක් තමයි. පට්ටි ගෙදර නාට්‍යයේ පුංචි නන්දනී, වරකත නාට්‍යයේ ලිසා, මායාවී නාට්‍යයේ ලීසා, සිත නිදි නෑ නාට්‍යයේ අමේලි වැනි ආදරණීය චරිත මම රඟපානවා. ඉදිරියේදී තාල මණ්ඩිය ටෙලිනාට්‍යයේ කුමී ලෙසට මගේ රඟපෑම් දැකගන්න පුළුවන්. තවත් අලුත් ටෙලිනාට්‍ය කිහිපයකින්ම මට ආරාධනා ලැබුණා.
මේ තරම් වැඩ ගොඩක් හිරවෙනකොට පාසල් වැඩකටයුතු අතපසු වෙන්නේ නැද්ද?
මම මොන දේ කළත් පාසල් වැඩකටයුතුවලට මුල් තැන දෙනවා. මම පාසල් යන්නේ පොලිමත් ජාත්‍යන්තර පාසලට. මම දැන් 4 වසරේ ඉගෙනුම ලබනවා. පන්ති භාර ගුරුතුමියත්, අනෙකුත් ගුරුවරුත් මට ගොඩක් උදව් කරනවා. මගහැරෙන පාඩම් වැඩ කරගන්න ඒ අය උදව් කරනවා. මගේ හොඳම යාළුවා සඳරුවි මට ගොඩක් උදව් කරනවා. ඉතින් මේ සියලු දෙනාගෙන් ලැබෙන සහායත් එක්ක මගේ පාසල් කටයුතු අතපසු වීමක් වෙන්නේ නැහැ.
මේ තරම් හොඳට රඟපාන්නේ කොහොමද?
පිටපත එක පාරක් මම බලලා චරිතය අවබෝධ කරගන්නවා ඒ සිටුවේෂන් එකට මගේ රඟපෑම කොහොමද වෙන්න ඕනේ කියලා. මගේ හිතට අරගෙන ඒ වෙලාවට මම ඒ චරිතය තුළ ජීවත් වෙනවා. ඒ වෙලාවට ඉතින් ටි්‍රනිට් නෙවෙයි. තව ඉතින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ මාමලා කියන විදයට එයාලගෙනුත් උපදෙස් අරගෙන මම රඟපානවා.
පට්ටි ගෙදර පුංචි නන්දනී ගැන ගොඩ දෙනෙක් කතාවුණා?
ඔව්. ඒ චරිතය ගැන තමයි හැමෝම කතා කළේ. දැන් නන්දනී චරිතය රඟපාන්නේ රෙබෙකා නැන්දා. මම එයාගේ ළමා කාලයට හිටියේ. රෙබෙකා නැන්දත් පුදුම වුණා මගේ රඟපෑම දැකලා. මම ගොඩක් ආශාවෙන් ඒ චරිතය රඟපෑවේ. මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර මට ලැබේවි කියලා. මම රඟපාන හැම චරිතයකටම ගොඩ දෙනෙක් ආදරය කරනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. නැන්දලා මාමලාගේ ඒ ආදරය ලැබෙන කොට.

ලීසා ගැන කතා කළොත්?
මම වරකත ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ ගොඩක් ආශාවෙන්. නුවර ෂූටින් තියෙන්නේ. වලව්වේ චූටි මැණිකේ කෙනෙක්ගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. මගේ ලොකු අක්කට රඟපාන්නේ නිරෝෂා නැන්දා. මම එයාටත් ගොඩක් කැමැතියි. තව මායාලි එකේ මනමාලි නැන්දා. මේ හැමෝම මට ගොඩක් ආදරෙයි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහාය කොහොමද?
මම රඟපාන හැම නිර්මාණයකම සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒ ආදරයටත් මම කැමැතියි. එතකොට රඟපාන්න වුණත් ලොකු පහසුවක් මට දැනෙනවා. ඒ හැමෝගෙම හුරතලී මම තමයි ඉතින්.
හොඳට නටන්න පුළුවන් නේද?
මම අවුරුදු පහේ ඉඳලා තමයි නැටුම් හදාරන්නේ. සමස්ත ලංකා තරගවලත් මම ජයග්‍රහණ ලබාගත්තා. ඔෂාන් ලියනගේ සර් යටතේ තමයි නැටුම් හදාරන්නේ.
දුවට විදේශීය සිනමා නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ මාමා මාව වීඩියෝ එකක දැකලා තමයි මට කතා කළේ. ‘කාස්ටික්’ දෙමළ චිත්‍රපටයේ. විදේශීය ශිල්පීන් රැසක් කාස්ටික් චිත්‍රපටයේ රඟපානවා. මම ඒ අය සමග ඉංග්‍රීසියෙන් තමයි කතා කළේ. මට ඩාන්සින් ඉගෙන ගන්න ඉන්දියාවට එන්න කියලා කතා කළා.
අනාගත සැලසුම් කොහොමද ඔය පුංචි හිතේ?
හොඳට ඉගෙනගෙන නැටුම් ගුරුවරියක් වෙන්න තමයි කැමැති. ඒ වගේම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස රඟපාලා හොඳම නිළිය සම්මානයක් ගන්න ආසයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Next Post

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

MORE NEWS

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

වැඩේ හිතන තරම් ලේසි නැහැ…! විනාඩි 2ක සීන් එකක් කියන්නේ පැය ගානක මහන්සියක්…! මේක ඉගෙන ගන්න ඕන වැඩක්…! ශ්‍රීමාලි පුෂ්පිකා I Sri Lanka Latest News
Heart

වැඩේ හිතන තරම් ලේසි නැහැ…! විනාඩි 2ක සීන් එකක් කියන්නේ පැය ගානක මහන්සියක්…! මේක ඉගෙන ගන්න ඕන වැඩක්…! ශ්‍රීමාලි පුෂ්පිකා I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

Load More
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සුවිශේෂ හමුවක්...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.