ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කලින් කලට විවිධ චරිත හිටි හැටියේම අතිශය ජනප්‍රිය වන ආකාරයක් දැකගැනීමට පුළුවන.Sri Lanka Latest News
ඇතැම් විට එය දේශපාලන චරිතයක් වීමට පුළුවන. තවත් විටෙක එය කලාවට බර චරිතයක් වීමට පුළුවන. තවත් අවස්ථාවක ක්‍රීඩා තරුවක් හිටි හැටියේම ජනප්‍රිය වන ආකාරයක්ද දැකගැනීමට පුළුවන.
නමුත් මේ දිනවල රට ඇතුළේ වඩාත්ම ජනප්‍රිය චරිතය වී ඇත්තේ මේ කිසිදු ක්ෂේත්‍රයකට සම්බන්ධ චරිතයක් නම් නොවේ.
ඒ චරිතය වෙන කවුරුවත් නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිය වන මනෝරි සලේ මහත්මියය.
කිසිදු දිනෙක මාධ්‍ය ඉදිරියට පැමිණ නොමැති සලේ මහත්මිය සිය සැමියා අත්අඩංගුවට පත්වීමත් සමග මේ වනවිට මාධ්‍ය ඉදිරියේ තමන්ටම අනන්‍ය වූ භාෂා රටාවක් භාවිත කරමින් අදහස් දැක්වීම ඇගේ මෙම ජනප්‍රියත්වයට හේතු වී තිබේ.










