• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

June 14, 2026
in Heart
Reading Time: 3 mins read
A A
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න සම්බන්ධ කරගත්තේ කලා ලොව බහු කුසලතාවලින් පිරිපුන් චරිතයක්. ඒ, දක්ෂ හඬකැවීම් ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු, වාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම ගුරු වෘත්තියේද නිරත වන බුද්ධික පින්නදූවයි.

බුද්ධික, රටටම ආරාධනා කරලා දීගයක් කන්න යනවා කියන්නේ ඇත්තක්ද?
මේ දවස්වල සමාජ ජාලවල වැඩිපුරම කතාබහට ලක්වන දෙයක් තමයි ආටිස්ට්ලා කීප දෙනෙක් එකතු වෙලා දීගයක් කන්න යනවා කියන කතාව. මමත් එදාට දීගයක් කන්න යනවා. ජනප්‍රිය රංගන ශිල්පී, නාට්‍යවේදී මංජුල කෝනාරගේ ‘දීගේ කයි’ වේදිකා නාට්‍යය ජුනි 07 ඉරිදා මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කිරීමට සියලු කටයුතු සූදානම්. ඉවෙන්ට්චර් ආයතනය තමයි සංවිධාන කරන්නේ. අසංග පෙරේරා, උදය කුමාරි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, ධනංජි තාරුකා, නිලන්ති ගුණවර්ධන, මංජුල කෝනාර, රත්නායක බණ්ඩාර සහ මමත් ඊට රංගනයෙන් දායක වෙනවා. මංගල දර්ශනය ගල්ගමුව පැත්තේ තමයි තිබ්බේ. දුර පළාත්වල පෙන්වලා කොළඹ ප්‍රදර්ශනය කරන ප්‍රථම අවස්ථාව තමයි මේක. හැමෝම අහලා තිබුණා කොළඹට කවද්ද එන්නේ කියලා. පටන්ගැන්මේ සිට මිනිස්සුන් අතරට ගියා. ජනගී ආශ්‍රයෙන් සෑදුණු පටන් ගැන්මෙ සිට අවසානය දක්වාම ඇති වෙනකන් හිනා වෙන්න ආරච්චි පවුලක් වටා සම්බන්ධ වන කතාවක්. සිනා සාගරගේ කිමිදෙන්න කැමැති අය එන්න එදාට රඟපාන හැමෝම නාට්‍ය ඇතුළේ දීගේ කෑමක් තමයි තියෙන්නේ.
තේමාව ගැන මතක් කළොත්?
‘හිතන දේ වෙන්නේ නැහැ – වෙන දේ හිතා ගන්න බැහැ’ කියන එකයි තේමාව. ඇත්තටම නරඹන කෙනෙක්ට නාට්‍යයේ ඊළඟ තත්පරේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැහැ. ඒ නිසා තමයි මංජුල කෝනාර නාට්‍යවේදියා මේ තේමාව යොදාගෙන තියෙන්නේ.
එතකොට මොකක්ද මේ බුද්ධික සමාජ ජාල පුරාවට පතුරවා හරින ‘අඳුර’?
පින්න ප්‍රඩක්ෂන් හැමදාම වගේ මෙදා සැරෙත් සම්ප්‍රදාය අතික්‍රමණය කරපු වැඩක් කළා ‘අඳුර’ කියලා. බොහෝ දෙනෙක් මේ වැඩේ ගැන අහලා තිබුණා. එක එක විදිහට වැඩේ දිහා බලලා තිබුණා. ෆිල්ම් එකක් වගේ බැලූ බැල්මට පෙනුණත් මේක මියුසික් වීඩියෝවක්. ෆිල්මින් කලර් ටෝන් යොදාගෙන තාක්ෂණය උපරිම භාවිත කරලා තමයි මේක කළේ. ලක්මාල් ලබුනාහේවගේ විසින් රචනා කරපු මෙය ගායනා කළේ ඉසුරි. මියුසික් විඩීයෝ එකේ කතාව, තිරපිටපත හා අධ්‍යක්ෂණය මම කළේ. ඉදිරි සතියේදි බොහෝදුරට මෙය බැලිය හැකි වෙයි.

ඔබේ කලා ගමනේ ආරම්භය ගැනත් මතක් කරමු?
මම කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් උ/ පෙළ හැදෑරීම් කරද්දී ඒ අංශයෙන් කරපු නාට්‍යයක මම කාන්තා චරිතයක් කළා. තවත් නාට්‍යයක් ඉන් පසු කළා. එයින් පසුව විල්සන් ගුණරත්න සර්ගේ ‘චරිත අටක්’ වේදිකා නාට්‍යයට හා ‘සුද්දගේ කියුම’ චරිත රැසක් නාට්‍ය කළා. ජනප්‍රිය ජයසිංහ මහතාගේ ‘සූටි බූට් පූසා’, මාතර නාද් සහෝදරයාගේ ‘අකාලික’ නාට්‍යයට සම්බන්ධ වුණා. වේදිකාවට පය තියන්න පිනක් තියෙන්න ඕනෙ. මමත් මුලින්ම ආවේ වේදිකාවෙන්.
ඉගෙනගෙන ආවොත් නේද පැවැත්මක් තියෙන්නේ?
ඔව්. කලාව කියන්නේ ගැඹුරු විෂයක්. ඉගෙනීමක් නැතුව පැවැත්මක් නැහැ. ප්‍රවීණ රංගධර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විල්සන් ගුණරත්න සර් යටතේ මම අවුරුදු හතරක් රංගනය ගැන න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ඉගෙන ගත්තා. එයින් මම මට ආවේණික වූ සිස්ටම් එකක් හදාගත්තා.
ඔබේ පියා සටන් කලාවේ ප්‍රවීණයෙක්. ඇයි ඔබ ඔහුගේ කලාව ඉදිරියට රැගෙන නොයන්නේ?
ඇත්තටම මට ඒ පැත්තෙන් යන්න අදහසක් නැහැ. මම තෝරාගත්තේ වෙනම පැත්තක් නිසා ඒ ගැන හිතන්න වෙලාවක් හම්බවුණේ නැහැ.
කලාව ගැන ඔබේ අදහස?
මම දකින විදිහට කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවාලන එකයි. කලාකරුවන් කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු. කලාවට පුළුවන් ඕනෙ කෙනෙක්ගේ සිත සුවපත් කරවන්න.
බුද්ධික ඔබ විවාහකද?
නැහැ තවම පෙම්වතියක් නැහැ. ඒ ගැන තවම හිතලා නැහැ. හිතන්න කාලේ නම් හරි අඩුයි. ඒ වුණත් මට හරියන කෙනෙක් ලැබෙනකන් ඉන්නවා.
ඉදිරි බලාපොරොත්තු?
මගෙන් කලාව හැදෑරීම් කරපු අයව ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ගෙන එන එක මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම සෑම වර්ෂයක් පාසා කරන ‘පින්න ලෙගසි’ සම්මාන උළෙල තව තවත් උපරිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ‘අන්තිම තුරුම්පුව’ වේදිකා නාට්‍යය ළඟදීම වේදිකාගත කරන්න සූදානම් කරගෙන යනවා.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

Load More
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව...

Read more

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.