ලබන වසරේ මාර්තු මාසයෙන් පසු ගම්දනව් ඉලක්ක කොටගෙන දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව, සෑම ගමක්ම ඉලක්ක කොටගෙන මාර්ග සංවර්ධනය, පාලම් බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක්ම එක වර දියත් කිරීමට ජවිපෙ තීරණය කොට ඇති බවක් පැවැසේ.
මීට අමතරව දැනට අතරමග නැවතී ඇති අධිවේගී මාර්ගවල ඉතිරි කොටස් ඉදිකිරීම ලබන මාර්තු මාසයෙන් පසු වහාම ආරම්භ කිරීමටත් ආණ්ඩුව සැලසුම් කොට තිබේ.
විශේෂයෙන්ම ලබන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම අවසන් වීමත් සමග භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ටි්‍රලියන ගණනින් වූ මුදල් රටේ සංවර්ධනය සඳහා වෙන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.
එම සංවර්ධන කටයුතුවලින් අනතුරුව 2027 මැද භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවක්ද වාර්තා වේ.










