නිවෙසකට පිවිසෙන පිවිසුම් මාර්ගය පවතින දිශාව අනුව සුබ – අසුබ තත්ත්වයන් ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන් නව ඉඩමක් තෝරා ගැනීමේදී මෙය ඉතා වැදගත් වන අතර, ඉදිකර ඇති නිවෙසේ පිවිසුම් මාර්ගය අසුබ නම් එයට පිළියම් යොදා ගැනීමටද මෙම ලිපිය ඉතා වැදගත් වනු ඇත.
උතුරින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
ඉතා යහපත් වෙයි. නිවෙසට ධනය හා සෞභාග්‍යය නිතැතින් ළඟා වෙයි. උතුරු දිශාවෙන් අන්ධ බිත්ති (ඊකසබා උ්කක) පවතී නම් මෙම තත්ත්වය යහපත් නොවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. අඬදබර නැති සොඳුරු නිවෙසක් වෙයි.
නැඟෙනහිරින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
ඉතා සුබයි. පදිංචිකරුවන් දියුණුවට පත්වෙයි. ප්‍රසිද්ධියට පත්වෙයි. ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සඳහා ඉතා යෝග්‍ය වෙයි.
දකුණින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
ආරෝග්‍ය ශාලා, ආපනශාලා සඳහා වඩාත් යෝග්‍ය වෙයි. තවද කාන්තාවන්, ප්‍රධානීන් වන ව්‍යාපාරවලටද සුදුසු වෙයි. සාමාන්‍ය නිවාස සඳහා සුදුසු නොවුණත්, රජයේ ගොඩනැඟිලි, කර්මාන්ත ශාලා සඳහා යෝග්‍ය වෙයි.
බටහිරින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
සුබ – අසුබ මිශ්‍රව පවතී. නිවාස සඳහා තත්ත්වය මෙසේ වුවත්, ව්‍යාපාර කටයුතුවලට තරමක් සුබපල උදාකරයි.
උතුරින් හා නැඟෙනහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට ඉතා යෝග්‍ය වෙයි. පදිංචිකරුවන් කීර්තියට පත්වෙයි. නව අදහස් ක්‍රියාවට නංවමින් අලුත් ව්‍යාපාරික අවස්ථා ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. කරනු ලබන සෑම කටයුත්තකින්ම ජයග්‍රහණය ලැබේ.
උතුරින් හා දකුණින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචිකරුවන්ගේ ආර්ථික තත්ත්වය යහපත් වෙයි. නමුත් අවුල් – වියවුල් සහිත තත්ත්වයක් ඇති වී ශෝකාකූල පරිසරයක් නිර්මාණය වෙයි. එකිනෙකාට සතුරු වීම, ඊර්ෂ්‍යා කිරීම නිසා එකිනෙකා අතර අසමගිය ඇති වෙයි.
උතුරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචිකරුවන්ගේ ආර්ථික තත්ත්වය යහපත් වෙයි. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමටද.
නැඟෙනහිරින් හා දකුණින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචිකරුවන් ප්‍රීතිමත්ව කාලය ගතකරයි. විනෝදය සඳහා නොපැකිළිව වියදම් කරයි.
නැඟෙනහිරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට ඉතා යෝග්‍ය වෙයි. කීර්තිය හා යසස උදාකරයි. අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ කටයුතු ඉතා සාර්ථක වෙයි.
දකුණින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට වඩා ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් යෝග්‍ය වෙයි. තවද පදිංචිය සහ ව්‍යාපාරය එකට කරනු ලබන ස්ථාන සඳහාද යෝග්‍ය වෙයි. මෙවැනි ව්‍යාපාරික ස්ථාන දිනෙන් දින දියුණු වෙයි.
උතුරින්, නැඟෙනහිරින් හා දකුණින් ප්‍රවේශ මාර්ග පිහිටීම
මෙසේ මාර්ග පිහිටන ඉඩම්වල පදිංචිකරුවන් මධ්‍යස්ථ දියුණුවක් ලබාගනී.
උතුරින්, දකුණින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට යෝග්‍ය සැපසම්පත් ලැබෙන පිහිටීමකි. දේශපාලනය වැනි සමාජ සේවයට කැපවූ පුද්ගලයන්ට යෝග්‍ය නොවේ.
උතුරින්, නැඟෙනහිරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
ව්‍යාපාර කටයුතුවලට මෙන්ම පදිංචියටද යෝග්‍ය වෙයි. ශීඝ්‍ර දියුණුවක් ළඟාකරගත හැකිය.
දකුණින්, නැඟෙනහිරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
කලාකරුවන්ගේ පදිංචියට ඉතා යෝග්‍ය වෙයි. ජනප්‍රියත්වය ඇතිකරයි. කාන්තාවන්ගේ ව්‍යාපාර දියුණුවට පත්වෙයි.
මාර්ගයේ කොනක ඉඩම පිහිටීම (මාර්ගය අවසන් වන ස්ථානයේ)
මෙය පදිංචියට හෝ ව්‍යාපාරවලට සුදුසු ඉඩමක් නොවේ. මාර්ගයේ අවසානය (ෘැ්ා ෑබා) මෙසේ ඉඩමෙන් කෙළවර වීමෙන් දියුණුව අඩාළ වී පරිහානියට, අපකීර්තියට පත්වෙයි.
තුංමං හන්දියක ඉඩම පිහිටීම
අහිතකර මාර්ග පිහිටීමකි. මාර්ගවේද දෝෂයට ලක්වෙයි. ශීඝ්‍රයෙන් පරිහානියට පත්වෙයි. රණ්ඩු, දබර ඇතිවෙයි. දියුණුව අඩාළ වෙයි. අපකීර්තියට පත්වෙයි.
සිවු දිශාවට ප්‍රවේශ මාර්ග පිහිටීම
මෙම පිහිටීම ඉතා සුබ වෙයි. පදිංචිකරුවනට ඉතා වාසනාවන්ත තත්ත්වයක් උදාවෙයි. මෙසේ සිවුදෙසින්ම මාර්ග පිහිටීමෙන් ඉඩමෙහි ප්‍රේත පාදය ඉවත් වෙයි.
ඔබත් මෙම පිහිටීම් හොඳින් අධ්‍යයනය කර ඔබේ පිවිසුම් මාර්ගය කුමක්දැයි සොයාගන්න. නිවෙසේ වාස්තු තත්ත්වය අනුව සුබ – අසුබ, අඩු – වැඩි විය හැකිය. පාරම්පරික කෙම්ක්‍රම මෙන්ම, නූතන ක්‍රමවේදයන්ද පවතින බැවින් දෝෂ සහිත තත්ත්වයන් ඉවත් කරගත හැකිය. ඒ සඳහා පිළිගත් වාස්තුවේදියකුගේ උපදෙස් ලබාගෙන වැරැදි නිවැරැදි කරගන්න.
ප්‍රවීණ වාස්තුවේදී අරෝෂ ජේ. වඩුගේ











